ep 04

1.4K 260 31
                                    

4th episod
ඔටුවා කූඩාරමට මුලින්ම ඔලුව දැම්මා ඊටපස්සේ ඉසරහ කකුල් දෙක
ඇග ඔබාගත්තට පස්සේ උගේ ගදගහන පස්සයි එල්ලෙන වල්ගෙයි ඇතුල් කරගත්තා
දැන් කලින් ඉදලා කූඩාරමේ හිටපු උන් එලියට විසි වෙලා කූඩාරම ඔටුවටම අයිතිවෙලා
ඒවගේ දෙයක් සූකිරියා අපිට කරෙත් ඌ මුලින් උගේ ආකර්ශනීය හිනාවයි ලස්ස්න ඇගයි පෙන්නලා
පන්තියෙ කෙල්ලෝ දපන දාගත්තා
ක්‍රිකට් හැකියාවලින් දැන් කොල්ලො පිස්සු වට්ටලා උගේ අනුගාමිකයො කරගෙන
එයාගෙ ලැප් ටොප් එකේ වෙඩිතියාගන්න ලොකු ලොකු ගේම් ගහන්න දීලා
ට්‍රේල් බයික්කෙන් ගම වටේ යන්න දීලා
කොල්ලො ඔක්කොම ඌ කියන ඕනදෙයක් කරන තත්වෙට පත්කලා
මේකනම්. මාර තර්ජනයක් තමයි මට

සමනලීනම් කොහොමත් පිස්සෙක් අනික් කෙල්ලො කරන්නේ මොකද්ද ඌත් ඒකම කරනවා
මේ දවස් වල කෙල්ලෝ සූකිරියගෙ ලස්සන ගැන කියන නිසා සමනලීත් සූකිරිය ගැනම කියවනවා
ඒක්ට ඩස්පියාට මල පැනලා තියෙන්නේ
හින්නා නිතරම මාත් එක්ක ඉන්න නිසා ඌත් සූකිරි උන්මාදෙන් පෙලෙන එකෙක් නෙමයි
අපි හතර දෙනා ඇරුනාම අනෙක් උන් ඔක්කොම සූකිරෝවාදයෙන් මන්මත්වෙලා
හින්නා දැන් ටික වෙලාවක ඉදලා මම වටේ කැරකෙනවා
මනමාල බැලුම් දානවා
ඔක්කොම හොදයි මුගේ බඩුවක් වගේ මම දිහා බලන එකමයි එපා වෙන්නේ
අඩෝ උබ නිකන් පුරු පුරු ගගා වටේ කැරකෙන්න එපා කියන යටිබඩක් කෙලින් කියාම්"
"නෑ...මේ නිකන්....නිකන් ...කියන්නේ...නිකම්මත් නෙමයි ...ඒඋනාට ටිකක් විතර නිකන්"
"අනේ මේ උබේ නිකන් අල්ලන් හුකන්....මල විකාර නොකර පලයන්"
"මේ....මම...මම...චිත්‍රයක් ඇන්දා"
"උබ චිත්‍ර අදිනවා කියන එක අරුමයක් නෙමයිනේ....ඉ ර උදේට පායන එක ශුවර් වගේ හැමදාම උබ එක චිත්‍රයක් අදින එකත් ශුවර් නේ"
"නෑ....මම ස්පෙශල් චිත්‍රයක් ඇනදා....වෙනස් එකක්"
"උබ වෙනස් එකක් ඇනදනම් ...ඕක යවපන් ප්‍රදර්ශනේකට....මට කියල අලකන්නයැ"
"නෑ....ඒක ඇන්දෙ උබට"
"කෝ...පෙන්නපන්" හින්නා මට බටයක් වගේ රෝල් කරපු ඒ ෆෝ කොලේ දික්කරා
ඒක් දිග ඇරලා බැලුවාම තිබුනෙ බාගෙට හෙලුවෙන් ඉන්න සුද්දියක් තටු දෙකක් තියෙන පොඩි එකෙක් වඩාගෙන ඔන්නවා...පසු තලෙන් හන්ස ජෝඩුවක් පීනනවා
හොදට චිත්‍ර ගැන දන්න එකෙක් නම් ඒක වර්නනා කරයි පැය ගනනක්....ඒක ඒතරම් ලස්ස්නයි
ඒත් මම හිටියෙ චිත්‍ර විචාරයන්කරන මූඩ් එකක නෙමයි
"ඒක ඔයාට...ඔයා තියාගන්න"
"මේක මට එපා....මම මේකෙන් මොකක් කරන්නද?....ඔන්න් උබ මේ ගෑනිට ඔක්කොම ඇදුම් අන්දලා පොඩි එකාටත් සූට් එකක් අන්දලා ගෙනාවනම් මේක මගේ කාමරේ දොරේ ගහන්න තිබ්බා...අපෝ මේ බාගෙට හෙලු ගෑනු චිත්‍ර ගෙදර ගෙනිච්චොත් අම්මා මගේ තට්ටෙපලයි....එහෙම නැත්තන් උබ තනිකර වැල පින්තූරයක් අදින්න ඕනි බලපන්කො මේ පොඩි එකෙක් වඩන් ඉන්නනිසා මේක බලන් අතේවත් ගහන්න හිතෙන්නේ නෑ"
ඒචිත්‍රයේ හිටිය සුද්දිගේ මූනේ තියෙන කාමුක සර්‍රාගී ගතිය මතුවෙලා තිබුනා...අතේ ඉන්න පොඩි එකානම් හුරතල් පාටයි ඒත් මූ ඒ පොඩි එකාටත් අත් තටු දෙකක් ඇදලා. මුගේ නම් ඇත්තටම නට් ලූස්
"මේක ඔයාට තේරුනේ නෑ....මේ ඉන්නේ වීනස් එයාගෙ දරුවා කියුපිඩ් එක්ක.....වීනස් කියන්නේ ආදරයට අදිපති ග්‍රීක දෙවුදුව ....වීනස් තමයි ආදරයේ පනිවිඩය ආදරවන්තයන්ට අරගෙන යන දේව දූතයා"
"පිස්සු පීකුදු.....මොනාද බන් ලන්කාවෙ දෙවියො ගැන දන්නේ නැති මට උබ ග්‍රීක දෙවිවරු ගැන උගන්නවන්න හදනවා....අඩුම තරමෙ මම දන්නෙනෑ ග්‍රීසිය තියෙන්නේ ආසියාවෙද අප්‍රිකාවෙද කියලවත්"
"නෑ....ඒක වැඩක් නෑ....මේ චිත්‍රය ආදරය ප්‍රකාශ කිරීමක් ....හිතේ තියෙන ආදර පනිවිඩය තව කෙනෙක්ට කියන රහස් බාශාවක්"
"දැන් උබ මට මේක දුන්නේ...මම කෙල්ලෙක් අහන වෙලාවට ඒකිට කෙලින්ම ආදරේ කියලා මැසේජ් එකක් දාන්නේ නැතුව ....රොමෑන්ටික් විදියට මේ පින්තූරෙ ගිහින්දෙන්නනේ....මැටි මෝලෝ ලන්කාවෙ කෙල්ලෝ උබ හිතන විදියට හිතන්නේ නෑ....මම මේක පෙන්නපු ගමන් ඒකි හිතයි මම වල් කමට රූම් එකකට යමු කියලා එකපාර අහන්න හදනවා කියලා.....දැන් මේමයි කෙල්ලෝ ඔකෝම පත්තිනි අම්මලා වගේ හිටියට හිතයටින් කැමතී අනේ අපිවත් රූම් එක්ක යන්න ලස්ස්න අයිය බබෙක් හිටියනම් කියලා....ඒත් උන්ගෙ කැටයම් එකපාර ඕක ඇහුවට කැමති නොවී ටිකක කලක් ලවු කරලා....බැගෑපත් වෙලා වැද වැටුනම නිකන් කොල්ලා කියන නිසා නොකර බැරි නිසා එනව වගේ රගපානව"
"අනික මේක බලපුගමන් ග්‍රීක අපප්බ්‍රන්ස දන්නේ නැති උන් හිතයි එන්න මගේ ඉස්සරහ ඇදුම් ගලවන්න අපි මේවගේ ලස්ස්සන පොඩි එකෙක් හදමු කියලා"
හින්න්නා කටවහන් හිටියා...උගේ ආදර පනිවුඩේ....කාට ගෙනියන එකද්ද මන්දා...හූනෙක් වගේ කෙට්ටුවට ඉන්න මූට කැමතිවෙන කෙල්ලෝ .....බලුකිස්තානෙන් තමයි ගෙන්වන්න වෙන්නේ
"බලපන් උබත් එක්ක මගුල් කතාකරලා සචිනි බස් එකෙන් බැහැලා යන වෙලාවට ඒකිවත් අල්ලගන්න බැරි උනා...ඉදාගනින් උබේ මහ ලොකු ආදර පනිවිඩේ...." මම චිත්‍රෙ ගුලිකරලා විසිකරා...ඒක හින්නගෙ මූනට වැදිලා මඩ වලට වැටුනා....හින්නා බස්සෙක් වගේ බලන් හිටියා ...උගේ ඇස් වල ලාවට කදුලු
අනේ මේ මට උනහපුලු වන්ගෙ කදුලු පිහිදන්න වෙලාවක් නෑ මම අනික පැත්ත හැරිලා බයිසිකලේ තියෙන දිහාවට ගියා
මම පුටාර් එක ලගට යද්දි මගේ එක ලගම සූකිරියගේ නිල් පිලිහුඩුවා....හින්නා මාව පිස්සු වැට්ටුවා මගුලක් කියලා

HatharawaramWhere stories live. Discover now