ep 118

501 96 0
                                    

Ep 118
බෝරේ.....බෝරේ ගල් බෝරේ
දඩස් ගුම්ම් ගුම්ම්ම් ඩෝන්
වටේම හෙල්ලෙනව නිකන් භූමිකම්පාවක් වගේ
කෝක උනත් මම ටිකක් තද කරලා සූකිරිගෙ අත අල්ලා ගත්තා
අපි හිටියෙ පුන්චි පැලක් වගේ ගෙයක් ලග
අවුරුදු 5 ක විතර අහින්සක පොඩි කොල්ලෙක් සැරින් සැරේ ගෙදර තිබුන එක කාමරෙන් එබිලා බලලා ආයෙමත් ඇතුලට දුවනවා
මේ මිනිස්සු ගල් කොරියක් ලග කොහොම ජීවත් වෙනවද මන්දා
දවසට විසි තිස් වතාව්ක් කන පැලෙන සද්දෙට පලාතම හෙල්ලෙනවා
ඒ එක්කම ගල් කුඩු වලාවකින් වට පිටේ වැහෙනවා
ගෙදර මිදුල හැම දේම ලා අලුපාට කුඩකින් වැහිලා යනවා
දවසට සියපාරක් අතු ගෑවත් මේ කුඩු අයින් කරන්න බෑ
වැස්ස දාට අගුරු කලු පාටට සුදු හුනු ගාපු පැල් කොටේ දිගේ කලු අගුරු වතුරපාලවල් ගලන නිසා දැන් ඒ පැල කලුපටින් කැත කරපු දැලි පිහිදන රෙදි කෑල්ලක් වගේ
එක අතකින් මේ වගේ නරකාදියක ඉන්න මිනිස්සු
මීටත් වඩා භයානක දේවල් වලට පෙලබෙන්නෙ
යන්තන් හරි පන කෙන්ද රැකගන්න

""වැරද්ද මොනවෙලේ කොහොම වෙනවද කියන්න බෑ මහත්තයා....සමහර වැරදි එකපාරක් උනත් ආයේ හදන්න බෑ....ඒ දවස් වල පන්තියෙ හිටපු ලස්ස්නම කෙල්ල ...ඒ ලස්ස්නම ශාපයක් උනා මට....හිතුවෙ නෑ අසන්ත මට මෙහෙම කරයින්කියලා...දහසක් බලාපොරොත්තු තියාගෙන ඕලෙවෙල් කරපු ගමන් හදපු අම්මාවයි තාත්තවයිත් දාලා ආවේ....අම්මට දීපු ගින්දරම වෙන්න ඇති මට ආයේ පත්තුවෙන්නේ"
අපිට තේ දෙක දීපු තිලෝකා බන්දේසිය පැත්තකින් තියලා ඇහැට උනපු කදුලු බින්දු දෙක පිහිදගත්තා
"ඔවූ අපිට තේරෙනවා ඔයා ඉන්න තත්වෙ....මම බල කරන්නෙ නෑ...ඔයා ට ලොකු අවදානමක් තියෙනවා...හෙමින් හිතලා තීරනයක් ගන්න" සූකිරි බැරෑරුම් මූනක් මවාගෙන ගැබුරු කටහඩකින් කියුවෙ තේ ර්ක දිහා බලාගෙන
""මම මගේ දරු පැටියා බලා ගන්න ඕනි මහත්තයා....අසන්තගෙන් මට කිසිම පිහිටක් ලැබෙන්නෙ නෑ...දරුවගෙ ඔපරේශන් එක කරගනන් මට කාගෙන්වත් උදවුවක් ලැබෙන්නෙ නෑ...මහත්තයලා ගෙනාපු යෝජනාව ඒ නිසා මට ගොඩක් වටිනවා"

වැරදියට හිතන්න එපා....අපි මනුස්සයෙක් ගෙ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදනවා කියලා...අපේ යාලුවො දෙන්නත් ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක එයාලටත් ඒක විසදගන්න තියෙන හොදම විදිය මේක...ඔයාට ඕනෙම වෙලාවක මේකට බෑ කියන්න පුලුවන්....ඒත් බබා පිලිසිදගත්තට පස්සෙනම් එහෙම කියන්න එපා...අපි කොහොමත්ම කැමති නෑ ඇබෝශන් කරනවට...ඒක නම් මහ විශාල පවක්...ඊට කලින් ඔයාට පුලුවන් ඕනෙම තීරනයක් ගන්න...ඒ වගේමයි අපි කැමති නෑ ඔයාගෙ පුතාගෙ ජීවිතේ ලන්සුවට තියාගෙන මේ සෙල්ලම කරන්න... ඔයා මේකට අකැමති උනත් ඔයාට කෝටියක සල්ලි නැතිවෙයි...ඒක දෙන්නෙ අපේ යාලුවො දෙන්නා...ඒත් අපි පොරොන්දු වෙන්නම් ඔයා මේක කරත් නැතත් ඔයාගෙ දරුවගෙ ඔපරේශන් එකට අපි ඕනෙ උදවුවක් කරනවා...ඔයාවගේ අම්මලා හරි ශ්‍රේශ්ඨයි...තමගෙ ජීවිතේ කැප කරලා පුතාගෙ ජීවිතේ බේරගන්න හදන ""

HatharawaramWhere stories live. Discover now