ep 77

621 113 9
                                    

Ep 77
හවස 3.00
මම තවටික්ක රිවයින් කරා

මම මේ වෙලාවේ රැදී සිටින්නේ කොලබ තියෙන දිගම ගොඩ නැගිලි කිහිපය අසල. මේ වන විටත් පුදුම සහගත දෙයක් සිදුවෙනවා. ඒ තමයි පැය 8ක් තුල ඇදි දිගම එලිමහන් චිත්‍රය. මේ වන විටත් වරාය බහාලුම් ප්‍රයනත සියල්ලම විවිද වර්නවලින් හැඩවෙනවා. මම හිතන්නේ ලන්කවේ විශ්ව විදයාල ගුරුවිදයල පාසල් වලින් පැමිනි 400කටත් වැඩි චිත්‍රශිල්පීන් ප්‍රමානයක් ඉතා යුහුසුලුව තම තමන්ට පැවරුන කොටස් වල චිත්‍ර ඇදීමේ නියුක්ත වලා ඉන්නවා.

ඔවුන්ගේ ඉ ලක්කය අද රාත්‍රී 12ට පෙර කිලෝ මීටර 6ක් දිග චිත්‍රයක් ඇද බ්‍රසීලයේ රියෝඩි ජැනයිරෝ නගරයේ තිබූ දිනකදී ඇදි දිගම වෝල් ආට් එක නැත්තම වීදි චිත්‍රයේ වාර්තාව ලන්කාව සතු කර ගැනී මටයි. මේදැන් අපි සමග ඉන්නවා එම් ව්‍යපෘතියේ ප්‍රදාන සන්විදායක මහතා. මෙතුමාලන්කාවේ මෙන්ම විදේශ රටවලද සම්බාවනාවට පත්‍රවු අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පියෙක්. ..මෙතැන වෙන වැඩපිලිවල ගැන විස්තරයක් කරන්න පුලුවනද?

අපි චිත්‍ර ශිල්පීන්ගේ සන්සදය මෙවැනි වාර්තාවක්තැබීමට කාලයක සිට සාකච්චාකරා. එයට සුදුසු වස්තු බීජයක් නැතුවයි අපි හිටියේ. මුලින්ම අපි සාමය හා සෞභාග්‍ය මුල්කරගෙන තමයි මේ චිත්‍රය අදින්න තීරනය කලේ. අපි අද උදේ මෙතැනට එක් රොක් වෙලා අපේ මූලික සැලැස්ම පරිගනකයෙන් නිර්මානය කරන්න ගන්නකොටමයි අපිට කුඩා දියනියකට අගමැති අතින් උන අසාදරනය ගැන දැනගන්න ලැබුනේ.

එය කාලීන මතෘකාවක්...රටේ දැවෙන ප්‍රශනයක්...මිනිස්සු බලෙන් සගව ගෙන ඉන්න හදන කාරනයක් සමරිසි ප්‍රජාවට කාන්තාවනට හා දරුවන්ට සිදුවන අඩත්තේට්ටම් හා නොසලකා හැරීම. මේ පිලිබදව මම අපේ සාමාජික සාමාජිකාවනට දැනුම් දුන්නම ඔවුන් ගොඩක් කැමති උනා මේ මාතෘකාවට. ඒඅනුව කම්පුටරෙන් හදාහත්ත මූලික චිත්‍ර ආකෘතිය විස්තාරනය කරලා අපි දැන් අපේ චිත්‍රය අදිමින් පවතිනවා.

බොහොම ස්තූතී ඔබ තුමන්ට...ඔවු මේ මොහත වන විටත් ඔබට පේනවා ඇති ගිනස් ලෝක වාර්තා සන්විදානයේ නියෝජිතයන් මෙම කටයුත්ත අදික්ශනය කරනවා. ඔවුන් පවසන්නේ මෙම තේමාවන්පිලිබද ඔවුන් බොහෝ සේ සතුටුවෙන බවයි. චිත්‍රයක් ලෝක වාර්තාවක් මගින් රටට ලෝකයට හොද පනිවිඩයක් දෙන්න පුලුවන්නම් ඒක ඉතාම වැදග්ස්ත් බව ඔවුන් පවසනවා. ඒ නිසා කනතා ලමා හා සමරිසි ප්‍රජා අයිතිය සුරැකීම ප්‍රචාරනයට අදින මෙම චිත්‍රය ඔවුන්සිතන පරිදෙන්ම සාර්තක වේවායි අපි හැමෝම ප්‍රාර්තනා කරමු.

HatharawaramWhere stories live. Discover now