ep 17

883 154 6
                                    

Ep 17
බස් එක ෆුල් හැපනින්
ඩ්‍රම් සද්දේ ...ට්‍රම්පට් ...විහිලු...නැටුම්...කෑ ගැහිලි
කට්ටිය මුලින් ඉදපු ලේ අවුට් මුකුත් නෑ
කෙල්ල්ලො කොල්ල්ලො මික්ස් වෙනවා
ඉස්සර හා ශීට් වල ඉන්න අහින්සක කෙල්ලෝ ටෝක් කරන කොල්ලෝ හීන් සැරේ තමන් කැමති එක්කෙනා ඉන්න ශීට් එකේම වාඩි වෙලා...තාම අලුත් ආදරේ....ලැජ්ජයි වැඩිය කතා නෑ,....කෙල්ල ජනේලෙන් ඈත බලන්...කොල්ලා යාලුවන්ගෙන් එන විහිලුවලට ලැජාවෙන් මනමාල හිනා දානවා
කුනුහරුප කියලා වලි දාගත්ත..... කෙල්ලො ලග පදිරි වෙන්නේ නෑ...කෙල්ලෝ බෙට්ටක් තරන් ගනන් ගන්නේ නෑ කියපු සිරිසේනලා...හන්ස පීකුදු ගිලපු උපාසකවරු වගේ බොහෝම තැම්පත්වෙලා .....ශාන්ත දාන්ත තීන්ත කූඩු...දැන් කොල්ලෝ කුනුහරුප කියනවා ඇහුනත් උන්ට ලැජ්ජයි
ගෙවල් වලින් එද්දි අම්මලා හදලා දීපු වඩේ, කිරි ටොෆි, වැලි තලප, මුන් කැරලි, අලුවා අග්ග්ළා එකී මෙකී නොකී කෑම රාශියක් බස් එකේ ඉස්සරහ ඉදලා පස්සට යනවා පස්සේ ඉදාලා ඉස්සරහට යනවා..මුලදි අහුරු පිටින් හිලලා දැන් දකින කොටත් අප්පිරියයි
කොකාකෝලා ස්ප්‍රෛට් බෝතල් වල කීදෙනෙක් කට් තියල බිවුවද ලියලා බෝතලේවත් දන්නේ නැතුව ඇති
කොරෝනා තිබුන කාලයක් නම් බස් එකේ හිටපු උන්ට කොරෝනා හැදෙන්නේ උඩ පැන පැන
ආශ්‍රිතය හොයාගන්න බැරුව PHI එල්ලිලා මැරෙනවා ඒ බස් එකේ එකෙට හරි කොරෝනා තිබුනනම් 
ඒතරම් හොද සමාජ සමීප බවක් සුඛ්‍ය පුරුදු කඩ කිරීමක් එතැන සිද්ද්වුනා
ආදරේ හා වෛරය අතෙරෙ තියෙන්නේ කෙස් ගහක වෙනසක්
අරතරම් ආදරෙන් හිටපු සූකිරි ගැන මට කියාගන්න බැරි තරහක් ආවා
මිහෙක්ට මේ වගේ වෙනස් වෙන්න පුලුවන්ද මේ තරම් ඉක්මනට
මට අම්මටත් වඩා ආදරෙයි කියලා කියපු එකා අන්න ලෝචනාට කෙසෙල් ගෙඩි කවනවා
දුක කලකිරීම උපරිමයි හිත ඇතුලේ
ඒත් මම ඒක පිටට නොපෙන්නේ සචිනි ලගට වෙලා හිටියා

සචිනි මට එයාගත්ත පොටෝ පෙන්නුවා
කෙල්ලන්ට ට්‍රිප් එකේ ප්‍රධානම බලාපොරොත්තුව ලස්සන ෆොටෝ ටිකක් ගන්න එක
ලස්සන ඇදුම් හිත ඇදිල යන තැන් වල...අලන්කාර එක එක ෆෝසස් වලට ඉදලා ෆොටෝ ගන්නවා ඇරෙන්න කෙල්ලෝ කිසිම තැනක් හරියට බැලුවේ නෑ
අනෙක් උන්ට වඩා ලස්ස්නට තමන්ගේ ෆොටෝ එක ගන්න හෙන තරගයක්
හිතට හරියනක්න්ම බල් බල එකම තැන ෆොටෝ 20ක් 30 ක් ගන්නවා
හින්නවගේ ලස්ස්නට ෆොටෝග්‍රැපි කරන උන්ට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ
ලයිට් බැලන්ස් කරලා, බලන ඈන්ගල් එක වෙනස් කරලා
කැත වානරියෝ වගේ කෙල්ලෝ රනමොනරියෝ වගේ පේන විදියට ෆොටෝ ගන්න
හින්නට පුලුවන්
සචිනිගේ කාගෙන්ද ඉ ල්ලගත්ත ඩිජිටල් කැමරාවෙන් ගත්ත ෆොටෝ සියගනනක් පෙන්නනවා මටනම් මෙලෝ රහක් නෑ
කොතන ඉදන් කොහොම ගත්තත් එකම මූනත් තහඩුවනේ
ඒත් බොරු උනදුවක් මවාගෙන ඔහේ බලන් හිටියා
සැරින් සැරේ මම ඔලුව උස්ස උස්ස බැලුවේ සූකිරි මොකද කරන්නෙ කියලයි
ලෝචනාගෙ සින්දු පොත බලාගෙන රූකාන්තගේ සින්දුවක් කියනවා
බස් එකේ පිටිලස්සේ සෙට් එකම අත්පුඩි ගහනවා
සූකිරිගේ කටහඩ ලස්ස්නයි එයා මම වෙනුවෙන් සුදුවැලි පිරුන මූදු බොක්කෙදි අබ ගහ මුදුනෙදි සින්දු කියලා තියෙන්වා
අද එයා ලෝචනා අල්ලගෙන ඉන්න පොත දිහාබලාගෙන සින්දුව කියනවා
මට හරියටම දැනගන්න ඕනි උනේ එයා මට සින්දු කියද්දි වගේ ලෝචනා දිහාත් ආදරෙන් බලනවද සැරින් සැරේ
එහෙමනම් පෙනුනේ නෑ එයා පොත දිහා බලාගෙන එකදිගට සින්දුව කියුවා
අපි නටමු
මට නටන්න බෑ
එහෙනම් එදා බැලුන් ඩානස් එකේදි සූකිරි අයියා එක්ක නැටුවේ
ඒ නැටුවා නෙමයි හෙලවුනා විතරයි
අපිත් හෙලවෙමු මම ආසයි අයියා හෙලවුන විදියට
දැන් බෑ මහන්සී
මහන්සි වෙන්න මුකුත් වැඩක් කරයි...අයියා බොරුවට කම්මැලි වෙනවා...එන්නකෝකෝ ප්ලීස් අනේ ප්ලීස්
(හුත්තිකටවහන් හිටපිය වද නොදී) කියලා කියන්න හිතුනත් ඒ වෙලේ සචිනි තරහ කරගන්න ඕනි නෑ කියල යටිහිත කියුවා
සූකියි ලෝචනා එක්ක ඇගේ ගෑවෙවී සින්දු කියද්දි එයාට පේන්න මොනවා අරි ඉ රිසියා හිතෙන දෙයක් කරන්න මගේ මුර්න්ඩු හිත බල කරනවා
එන්න නටන්න එහෙනම්
මම එකපාරට සච්නිව ඇදන් නැගිට්ටා
දෙපැත්තේ ශීට් දෙකට හේත්තුවෙලා මැද පොල්ලී එල්ලිලා අත් වලින් විතරක් අපි දෙන්න ඩාන්ස් කරනවා
මට සූකිරිගේ මූන දිහා බලන් නටනවා වගේ හැගීම් එන්නේ නැත්තේ ඇයි සචිනිගේ මූන බලද්දි
පොඩ්ඩක් හරි මට මගේ ඇස් ගියේ එයාගෙ තනමඩලට
මම ඒ දිහාම බලන් නැටුවේ
"අයියා දැන් වෙනස් වෙලා"
"නෑ මම ඉස්සර හිටියා වගේමයි" ඔවු මම වෙනස් වෙලා මගේ ලග තිබුන හදවත් අර සූකිරි කියන හොරා හොරකන් කරා...ඌ දැන් ඒක කෙලසනවා...ඉස්සරවගේ මට මගේ ජීවිතේ අයිති නෑ
"ඔයාගෙ ඇස්...කෝ ඒවයේ තිබුන ගින්දර...මම දිහා බලද්දි....දැන් ඔයාගෙ ඇස් අයිස් වගේ හීතලයි"
ඇස් විතරක් නෙමයි කලිසම ඇතුලේ ඉන්න මල්ලියත් .....වෙනදා මගේ මල්ලියා සච්නිගේ ඡායාව පේනකොට උඩ පැනලා ඔලුවෙන් ශිපර් එකට ගහනවා...දැන් එයා මම ලග ඇගේම ඇතිලිලීගෙන...ඕනෙම තැනක් අල්ලන්න අවසර දීලා තියෙද්දිත් එයා කකුල් දෙක අස්සටම ගුලි වෙලා නිදි
වෙනදා සචිනිට බස් එකේ යද්දි දැනෙනවා ඇති මගේ එක ගොරෝසුවට ලොකුවට පිටි පස්සෙන් ඇනෙනවා
එයා අද මගේ පපුවේ එයාගෙ රනහන්ස යුවල තියලා තදකරනවා බ්‍රේක් ගහන වෙලාවට....ඒත් මල්ලියා නිදි වට පහලොවක් කැරකිච්ච හකැරෙල්ලෙක් වගේ.
මට මේ කතාවලින් වැඩක් නෑ සූකිරි මම දිහා බලනවද?
සූකිරිගෙ ඇස් වල ඉ රිසියාව දුක තියෙද?
අනෙක් උන් නම් අපි නටන දිහා බලලා විසිල් ගහනවා
වැඩි දෙනෙක් ගේ හිත් රිදිලා ඇති පහල පන්තියේ හිටපු ලස්සනම කෙල්ල ස්වයන්වරයක් තියලා එයාගෙ මනමාලය තෝරගෙන ඉවරයි
ආ එයා මේ මම සීතලයි කියන්න ඇත්තේ මගේ උශ්නතව මානේ කටුව කැඩිලා බින්දුවටත් පහලට බැහැලා තියෙන නිසා වෙන්න ඇති
ඇස් විතරක් නෙමයි කලිසම ඇතුලේ ඉන්න මල්ලියත් .....වෙනදා මගේ මල්ලියා සච්නිගේ ඡායාව පේනකොට උඩ පැනලා ඔලුවෙන් ශිපර් එකට ගහනවා...දැන් එයා මම ලග ඇගේම ඇතිලිලීගෙන...ඕනෙම තැනක් අල්ලන්න අවසර දීලා තියෙද්දිත් එයා කකුල් දෙක අස්සටම ගුලි වෙලා නිදි
වෙනදා සචිනිට බස් එකේ යද්දි දැනෙනවා ඇති මගේ එක ගොරෝසුවට ලොකුවට පිටි පස්සෙන් ඇනෙනවා
එයා අද මගේ පපුවේ එයාගෙ රනහන්ස යුවල තියලා තදකරනවා බ්‍රේක් ගහන වෙලාවට....ඒත් මල්ලියා නිදි වට පහලොවක් කැරකිච්ච හකැරෙල්ලෙක් වගේ.
මට මේ කතාවලින් වැඩක් නෑ සූකිරි මම දිහා බලනවද?
සූකිරිගෙ ඇස් වල ඉ රිසියාව දුක තියෙද?
අනෙක් උන් නම් අපි නටන දිහා බලලා විසිල් ගහනවා
වැඩි දෙනෙක් ගේ හිත් රිදිලා ඇති පහල පන්තියේ හිටපු ලස්සනම කෙල්ල ස්වයන්වරයක් තියලා එයාගෙ මනමාලය තෝරගෙන ඉවරයි
උන්ට හිතෙවා ඇති
"" අයෙත් මොනවත් හිතන්නේ නෑ නුබ වෙනුවෙන්....ඔබට ලියූ හොර ලියුම් අපරාදේ"
උඩවලවෙ ඇත් අතුරුසෙවන
උන් අලිද බොලවු මඩනාපු ඌරෝ වගේ ...දුබුරු පාට අලි පැටවුන්ටත් අපේ උන් විහිලු කරා
උඩවලවෙ ජලාශෙලග හිගන අලියා
මහා ප්‍රපාතයක් වගේ ගල් දාපු වැවු බන්ට් එකේ යන එන අයගෙන් කෑම ගිගාකනවා
අපි වගේම තමයි කොයිතරම් ගුනදායක දේ තිබුනත් ....පැනිරස ජරාවක් කන්නමයි හිත
"ඌට පල්තුරු පැනි රස කෑම දෙන්න එපා දිය වැඩියාව"
ඉකෝන් සර් බස් එකේ නැගිටලා ගිරිය යටින් කෑ ගැහුවා
එපා කියුවනේ
ඔන්න අපේ ගොයියලා ෆෝම් උනා
සර් අහක බලාගන්නකන් ඉදලා බස් එකේ තිබුන පැනි රස කෑම මල්ල්ක්ම ජනෙල් අස්සෙන් අලියගේ කකුල් දෙක ලග
ඔයටික කාලා හවෙස ගෙදර යනගමන් ශුගර් චෙක් කරලා ...ගොවිපලකින් කරවිල වැලක් තෙබුකොල පදුරක් කාලා ගෙදර පලයන්. නැත්තන් ජයරතන මල්ශාලව්ට් කෝල් එකක් දීපන් කනගමන්ම් උබේ සයිස් එකට පෙට්ටියක් හදන්න ටිකක් වෙලායන නිසා...ඇමසන් ඩොට් කොම් එකේ දාලා කුරියර් කරයි පනයන්න කිට්ටුව පෙට්ටිය කැලෑවට එයි
අපි එනතුරු විදිලි වැට ලග ඉන්නවාද ? තනියෝ
පාර දිගට විදුලි වැටවල් අද්දර අලි හිගන්නෝ තනි තනියෙම කන් හොලවන්නේ නැතුව බලාන ඉන්නේ මොනව අරි ජරාවක් වාහනේකින් වැටෙනකන්
"අඩෝ...අරූගේ පස් වෙනි කකුලේ දිග...."
"අලිත් හරි වල් නේ"
"විනෝදයා ඒක උබේ හොඩවැල සයිස්මනේ"
"තෝ කොහොමද විනෝදයගේ හොඩවැලේ සයිස් දන්නෙනේ"
නොදකින් අලියෙක්ටවත් ඉන්න නොදී පද හදන අපේ උන්....එක එකා කෑ ගහනවා මගේ නමත් අරහෙන් මෙහෙන් අහෙනවා
පන්තියේ ලොකුම එක මට තියෙන්නෙ කියලා 10 වසරෙදි අපේ උන් දිග මැනලාම තේරුවා
ඒත් දැන් රෙකෝඩ් බ්‍රේක් වෙලා...මුන් සූකිරියගේ එක දැකලා නැතුව මගේ එක ගැන විහිලු කෆන්නේ....ඒක නාලාගිරිගේ හොඩවැල
"ඒයි උබලාට අලියගෙයි ඇමඩගෙයි කතාව කියන්නද?"
සුදේශ් ...කුනුහරුප් කතා දෙයියා...උගේ කතා මල්ල කවදාවත් හිදෙන්නේ නෑ...මලගෙවල් මගුල් ගෙවල් වල නයිට ගහන්න දෙයියා
ඕකගෙ රන්කිරි කට ගාපු හැන්දේ ගොම ගෑවිලා ඒකයි ඔයකට ඔච්චර වනචර
"චිකේ චිකේ...මෙයාලා කැත කතා කියනවා"
ඔන්න පටන්ගත්තා විශාකාව සුහානි විලාපේ
කොයිවෙලෙත්න්පන්තියේ කුනුහරුප කතා කියද්දි අපේ කෙල්ලන්ට තිබුනේ
චිකේ චිකේ....ඉතින් ඉතිම් ..නියාය
කුනු හරුප කතාව පටන් ගනිද්දි
...චිකේ චිකේ කියනවා...
ලැජ්ජ බයට හැදිච්ච වැදගත් ගැටිස්සියො කියලා පෙන්වන්න
ආඅ එහෙනම් උබලට කියන්නෙ නෑ මම කොල්ලන්ට විතරක්  කියනවා...සුදේශ් ගනන් උස්ස්නවා
....ඉතින් ...ඉතින් කමක් නෑ කියන්න ...ඉතින්
කෙල්ලෝ සුදේශ් පස්සේ යනවා කතාවෙ ඉතිරි ටික අහගන්න
බස් එකම කුනුහරුප කතාවට බක බක ගාලා හිනාවෙනවා
මුල් හිනාව අඩුවෙනකොට හිනාවේ දෙවැනි රැල්ලකුත් එනවා...සුනාමි..කොරෝනා වගේ තමයි
මුල් හිනාව කුනුහරුප කතා අහපු ගමන් හිනායන ...ඩබල් මීනිග් ඔස්තාර්ලා....දෙවැනි එක කාගෙන හරි කතාවෙ තේරුම අහගෙන පස්සේ හිනාවෙන ටියුබ් ලයිට්
සූකිරියා ලෝචනාගෙ කනට කරලා කතාව තෝරලා දෙනවද කොහේද
ලෝචී උබේ 64 මායම බොරුවට මුකුත් දන්නේ නෑ වගේ ඉදන් අරූගෙන් කුනු හරුප වල් තේරුම අහනවා...ඕකත් එක මායමක් තමන් නෙලුම් මලෙන් උපන්න් නොයිදුල් කුමාරියෙක් කියලා කොල්ලන්ට ඔප්පු කරන්න
"අයියේ මෙයාලා කැත කතා කියනවාඅ...එන්න අපි සින්දුවක් අහමු""
සචිනි එයාගෙ ෆෝන් එකේ සින්දුවක් දාල හෙඅඩ් සෙට් එකේ එක කොනක් මගේ කබ්නේ ගැහුවා අනෙක් කොන එයාගෙ කනේ
සචිනිලග තියෙන්නෙ ඔක්කොම ලොන්තපොල් බස්වල දාන ගායකයො ගෑනුවගේ විලාප තියලා අඩන වහතු සින්දු
මියුසික් එක ඇහෙදිත් වමනේ යනවා
ඇයි අප්පා මුන් මේතරම් බොලද
ඒත් සූකිරිරත් පේන්න මම සචිනිගේ කරට්ත් අත දාලා ලන්වෙලා සින්දු ඇහුවා
ඇත් අතුරු සෙවනෙදි අපි බත් කන්න නැවැත්තුවා
උදේ කෙහෙල් කොලවල ඔතලා බැදපු බත් වල සුවද...කටට් කෙල උනනවා
පස් හය දෙනා දහය පහලොව එකතුවෙලා කනවා
එකෙන් එක බත් එකට ගිහින් රස කෑම අහුලන් කන උන්
අනලා වටේම උන්ට කට කට කවන් කෙල්ලෝ කොල්ලෝ
එක බත් එකේ බැහැගෙන එකට පොරකන් උන්
බත් ටික එකට දිග ඇරන් කොල ඔක්ක්ම ලන්කරලා බත් පහ හයේම තිබුන එලවලු එකට දාලා අනලා අලි කන්දක් හදලා මුස්ලිම් ක්‍රමේට කන අය
තමන්ගේ එකේ තියෙන රස කෑම...සූප ශාස්තර හැකියාව පෙන්වන්න වටේට බෙද බෙද යන අය
අතරේ ටික දෙනෙක් වැදගත් විදියට ගස් යට තනියෙමත් කනවා
පන්තියේ එක එක යාලු ගැන්සි තම තමන්ගේ ෆ්‍රෙන්ඩ්ශිප් එකේ ප්‍රමානෙට එක එක ස්ටයිල් එකට කනවා
ෆ්‍රෙන්ඩ් ශිප් වැඩිම...පෙරේතකම වැඩිම උන් අනෙක් එකාගේ කටේ බාගෙට හැපෙන කුකුල් අනඩ උගේ කටට් අතදාලා ඇදලා අරන් උනත් කනවා
මගෙයි සූකිරිගෙයි මුල්ම ප්ලෑන උනේ...එයා මත් එක්ක ලොකු බත් එකක් ගේනවා..අපි දෙන්නා අනික් උන්ගෙන් ඈත් වෙලා තනියෙම කනවා...යෝජනාව එයාගෙමයි
ඊයෙ රෑ ඉදලාම මැසේජ් කරා උයන දේවල් උයන විදිය
සීනි සම්බල්, දැල්ලෝ ඩෙවල් ...කජු මාලුව...වම්බොටු මෝජු පරිප්පු ...අන්නාසි සලාද වෙන වෙනම යෝගට් කෝප්පවල නරක් වෙන්නේ නැති වෙන්න
ඒත් දැන් ඔක්කොම ප්ලෑන් වෙනස් වෙලා....ඒකට මට දුකයි...බත් එක නැති උන නිසා නෙමයි...සූකිරි නැතිව කන්න උන නිසා
සවිනි බෑග් ගොඩ අස්සෙන් එයාගෙ බෑග් එක හොයන්න ගියා
මට දුකයි ටිකක් අනාතයි වගේ හැගීමක් ආවා...බත් එකක් ගෙනාවේ නෑ...පන්තියේ පෙරේතයෙක් විදියට චාටර් වෙලා නම් කතා කරත් නැතත් ඕනෙම එකෙක් ගෙ බත් එකකට පැනලා කන්න තිබුනා...ඒත් කාටවත් සෙකන්ඩ් නොවී ...අනෙක් උන් බල කරත් කන්නෙ නෑ වගේ ...ලොකු ලයින් දාගෙන හිටපු නිසා වෙන කාගෙන් වත් ඉ ල්ලන්නත් ලැජ්ජයි....මම කොන් වෙලා ගාඩන් එකේ කොනකම තිබුන බන්කුවක වාඩිවෙලා ඈත බලන් හිටියා
සූකිරි බෙල්ල දික් කර කර බලනවා... ලෝචනාව හොයනවා ඇති ලොකු බත් එක දෙන්න
මම නොදැක්ක වගේ අහක බලන් හිටියා
මෙන්න බොලේ මූ ලොකු හිනාවක් දාගෙන මම ඉන්න දිහාවට දුවලා එනවා බත් එකත් උසන්
අනේ තියාගනින් උබේ බත් එක....උස්සන් ආවද බලුකපුටු දානයක් දෙන්වා වගේ බත් එක දීලා යන්න...තෝ ආවද අරකිගේ කින්චියේ අතුල්ල අතුල්ල ඉදලා ....බොරු ආදරයක් පෙන්වන්න ......බත් එකට මාව නවන්න බෑ ගොයියෝ
මම් එහෙම හිතලා තරහෙන් හිත පුරවා ගත්තා
තරහ හිතේ තිබුන නිසා ලේසී එයාව ගනන් නොගෙන ඉන්න
සූකිරි ම්ම ලගට් ඇවිත් බත් එක ලිහුවා....එයාගෙ අම්මා ලස්සනට බත් එක එලව්ලු පැක් කරලා
"සූකී.....ඔයා ලොකූ බත් එකක් ගෙනාවා කියුවනේ.....මාත් එනවා ඕකට...කමක් නෑ නේ...."
මම බත් එක දිහවට අත දික්කරන්න හද්දි
මම හොදටම ඔරොව ගත්ත මූනෙන් එතැනින් නැගිටලා ආවා...අයේ හැරිලා බැලුවේ නෑ
මම එද්දී සච්නි බත් එක තියන් බලන් ඉන්නවා මම එනකන්
""අයියේ ...කොහෙද ...මේ රහත් උනේ එකපාරට....මම බලන් ඉන්නේ අයියා එනකන්"
"ම්ම්ම්...නෑ....මම අත් හෝදන්න ගියා"
"මේ එන්නකෝ...අපේ අම්මාගේ බත් රසයි....මේක ටිකක් ලොකුවට බැන්දා...ලෝචනා අක්කටත් එක්ක...එයා ගියානෙ...සූකිරි අයියා එක්ක කන්න....."
මම ලෝචනා ලග වාඩි උනා...ඒ බත් එකත් නරකම නෑ....මාළු ඇබුල් තියල්...අල තෙම්පරාදු...ගොටුකොල සම්බල්...අල හොදි ...පොලොස් උයලා කලුවට පහේ දාලා ....වෙනම ග්‍රොසරි බෑග් එකක පපඩම්
කෑම එක රසකරලා කන්න තිබුනා සචිනි ගේ කට වහලා තිබුනනම්
"අර බලනකෝ අයියේ ලෝචී අක්කී...සූකී අයියයි ...දෙන්නා ...හරීම කියුට් කපල් එකක් නේ...දැක්කම ආසා හිතෙනවා....මටනම් පේන්නේ හින්දි ෆිල්ම් එකක කපල් එකක් ඇත්ත ලෝකෙට ආවා වගේ.....අනේ අපිටත් ඒවගේ ඉන්න පුලුවන්නම"
මට කකා හිටපු බත් කට ඉස්මොල්ලේ ගියා ...හෙන කැස්සකුත් එක්ක
මම කදුලු පුරවන් කහින කොට සචිනි මගේ පිටට තට්ටු කරනවා...එයාගෙ බෝතලෙන් මට වතුරත් පෙවුවා. මගේ ඇස් වල කදුලු...නාහෙත් බර වෙලා ...මොලෙත් රිදෙනවා
මට කෑම එපා උනා
ටිකක් එහායින් සමනලී, හින්නා ඩස්පියා කනවා
මේ මල විකාරෙත් එක්ක නැතුව මගේ උන් එක්ක කෑවනම් ...හිතට නිදහස්
මට සූකිරි බත් ගේන බව දන්න නිසා උන් මට කතාකලෙත් නෑ කන්න
එක අතකින් සමනලී ඩස්පියයි ආත්මාර්තකාමී කපල් එකක් නොවී හැම දේටම හින්නව අඩගහගන්න ඒක හොදයි නැත්තන් ඌ තනි වෙනවා....හින්නා කැමති නෑ මම සමනලී ංඩස්පියා හැරුනාම වෙන කෙනෙක් එක්ක් ඉන්න
මම බඩ ගිනි නෑ කියලා කන එක නවත්තලා අත හෝදන්න ටැප් එක ලගට ගියා...සූකිරියා මෙච්චර ඉක්මනට කෑවෙ කොහොමද මම අත හෝදන්න යද්දි එයා ලස්ස්නට අයන් කරලා පොඩි වෙන්නේ නැතුව ලසනට පිටිපසේ සාක්කූවේ දාගෙන ඉන්න සුවද ලේන්සුවෙන් මූන පිහිදන ගමන් ආවා...එයයි මමයි හිටියනම් දෙන්නම එක ලේන්සුවෙන් පිහිදන්නේ...මට නිතර ලේන්සුව ගේන්න අමතක වෙන නිසා
කොල්ලෝ කෙල්ලෝ රන්චු රන්චු තොරොම්බල් කඩවල් පැත්තට යනවා
මාල වලලු පෙන්ඩන්ට් ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් කොටිදත් මාල බාල සන්ග්ලාස් මුදු
චීනෙන් ඉන්දියාවෙන් ගෙනාපු බාල ප්ලාස්ටික් මලජරාව...දවස් දෙක තුනකට වඩා පාවිචි කරන්න බෑ...අන්තිමට ලන්කාවේ කුනුගොඩවල් ලොකු කරන්න තවත් කැඩිච්ච අබලි ද්‍රව්‍ය ගොඩගහන ජරා බිස්නස් එකක්
මට ඔය සුකිරුත්තන් බලන්න ඕනි නෑ
කෙල්ලෝ නම් අතේ පයේ කනේ කරේ එල්ලගෙන ආවා
සම්හරුන් නම් ගල් ටික් පප්පලා
ගල් ටික් බඩු සල්ලි දීලා ගන්න ඒවට වඩා හොදයි කියලා කතාවකුත් තියෙනවා
ගල්ටික් කරන උන් 6ක විතර කල්ලියක් එක පාර කඩෙට බැහැලා වටේම තියෙන බඩු වල ගනන් අහලා ඒවා මේවා ඇද ඇද පෙන්නනවා
කඩේ මුදලාලි ෆුල් කන්ෆුස් ...එහෙන් මෙහෙන් අහන ප්‍රශ්නවලට
ඒතරෙ දෙතුන් දෙනෙක් අතට අහුවෙන අහුවෙන ඒවා සාක්කුවලට ඔබාගෙන හීන්සැරේ මරු වෙනවා
පස්සේ බස් එකට ඇවිත් බෙදාගනනවා
අලිබ්බා සහ හොරු හතලිහ එකේ හොරු ටික ගුහාවට ඇවිත් වටින හොරබඩු බෙදා ගත්තාවගේ
ඕවයෙ බඩු බෙදනකොට හොරු අතරෙ රන්ඩු සරුවල් ඇතිවෙනවා
හොදම බඩු බෙදාගන්න...කේවල් කරද්දි
ඒත් මට ඒ වැඩේ හරිම අප්පිරියයි කඩවල් වල ඉන්න අහින්සක මිනිස්සුන්ගේ මූනු දකිද්දී
අපේ අම්මලා තාත්තලා වගේ ම ඒ මිනිස්සු එදාවේල හමබකරගන්න අවුවේ ඉදන් කෑගහලා දුක් විදිනවා
ඔය බඩු දෙක තුනක් නැති උනාම දවසෙම ලාබේ නැතිවෙලා යනවා ඇති
අපි වගේම අසරන ලමයි ඒ ගෙදරත් බඩගින්නේ ඇති
"එන්නකෝ අයියේ මුදු තෝරන්න...මේ මේවා ලස්ස්නයි නේ..අනේ මේකෙ කට් එක සෝයි...මම ආස මේකේ ගලට...මේ ඩිසයින් එකනම් චූට්ටක් පරනයි වගේ ඒ"
සචිනිතනියෙම කියව කියවා බඩු තෝරද්දි ම්ම්ම්ම්ම්...ම්ම්ම්,,...ම්ම්ම්ම්
සූකිරි ඉද්දි මගේ කටට වචන ගලනාලේ දිගේ ගලාගෙන එනවද මන්දා...හිතේ තියෙන ඕනිදෙයක් එයා එක්ක කියන්න පුලුවන්...ඒක ලොකු නිදහසක් හිතට...ඒත් සචිනි එක්ක ඉද්දි මොනවා කියන්නද එපාද කියලා මම හිත හිත ඉන්නවා...අනික සච්නි මට වඩා ගොඩක් වේගවත් එයා හරි ඉක්මනට කතාකරන මාතෘකා වෙනස් කරනවා...ඒ වගේම එයා අහන ප්‍රශ්නවලට එයා උත්තර බලා පොරොත්තු වෙන්නෙත් නෑ....තනියෙම කියවනවා...සූකිරි එහෙම නෙමයි එයා එක මාතෘකාවක් අල්ලාගත්තාම ඒක ගැන ගැබුරින් කතාකරනවා..ඒ වගේම මම ප්‍රතිචාර දක්වනකන් ඊ ලග ප්‍රශ්නේ අහනෙත් නෑ....මට සච්නි එක්ක ඉද්ද්ඩි හුස්ම ගන්න අමාරුයි වගේ
සචිනි එක්ක ගොඩක් වෙලා හිටියේ නැතත් හිටපු ටික වෙලව්ට තේරුනා අපි දෙන්නා අහස පොලව වගේ පෑහෙන්න බැරි තරම් වෙනස් . රසවින්දනය ...හිතන පතන විදිය ...හැමදේම ලග නොගැලපීම විතරයි තිබුනේ. මේ ගෑනිට වටුකුරුලු බිත්තරයක් තරම්වත් මොල කෑල්ලක් නැද්ද මන්දා සමහර වෙලාවට අහන ප්‍රශ්න මොන්ගල් නැත්තන් මම අහන දේට දෙන උත්තරේ මොන්ගල්.

HatharawaramWhere stories live. Discover now