ep 60

780 107 6
                                    

Ep 60
ලා නිල් පාට පුන්ච් වතුර පොකුනක
රතු තැබිලි සුදු ගෝල් ෆිශ් කෙකෙක් වගේ පේන කාප් මලුවෙක් අපිත් එක්ක හිනාවෙනවා වගේ බලාගෙන ඉන්නවා
අපට හිතෙනේ ඇත්තටම උගේ පන ගැහෙනවා වගේ
පොකුනේ නිල් පාට වතුර නිල් පාට ටැන්කියෙන් බිමට බේරෙනවා වගේ පේන්නේ
පොකුන වටේට පොඩ්ඩක්වත් එහෙ මෙහෙ නොවෙන ලස්සන ඕවල හැඩේට ගල් පේලියක් ඒවා හරියටම රවුම් දිලිසෙන මුතු කැට
ටැන්කියත් දිලිසෙනවා සුදු තිරුවානා වගේ

මොකද්ද් රෙද්ද උබ මේ කියවන්නේ
උබට ලියලා වැඩිවෙලාම පිස්සුද
මම දන්නවා හිතයටින් උබලා මේ ගැන ප්‍රශන කරනවා

මම විස්තර කරේ හින්නගෙ වෙඩින් කේක් බොක්ස් එක
අපි හිටියෙ වෙඩින්ග් කේක් පෙට්ටි හද හද

හින්නා වීදුරු උනු කරලා කලින්ම ඒ වීදුරු කාප් මාලු 300ක් හදලා තිබුනා
ඒකනම් විශ්වාස කරන්න බැරි තරම් ලස්සනයි
හින්නා අපිට පෙන්නුවා එයගෙ සපෝටර්ස්ලා එක්ක වීදුරු මාලු හදපු හැටි
සුදුපාට ක්වාට්ස් කුඩු රත්කරලා දියවෙන්නම ..යකඩ පිපෙක්ක්ටුවකට ඒවා දාලා එක පැත්තකට කටින් පිබිද්දි ..උනු උන ක්වාට්ස් වලින් වීදුරු බෝලයක් වගේ හැදෙනවා...ඒක ගල් වෙන්න කලින් අඩුවලින් මාලුවෙක් වගේ හදලා ඒක උඩට රතු තැබිලි පාටවල් මික්ස් කරනවා
හින්නගේ හීනි ඇගිලිවල දක්ශ තාවය නිසාම වීදුරු බෝලේ විනඩි ගානකින් ලස්සන මාලුවෙක් වෙනවා
ඒ පෙටියත් දිලිසෙන සුදු තිරුවානා වගේ හාඩ් බෝඑ එකින් හදලා ඩාර්ක් බ්ලූ ශේප්ස් මික්ස් කරලා
අපිට තිබුනෙ පෙට්ටිය ගානට නවලා උඩ පබලු අලවලා මාලුවා පබලු ඕවල් එක උඩ අලවන්න

"මොනවද බන් උබ මේ ගෑනු වැඩ අපිට අරගෙන ආවේ"

කොහොමද එක වැඩක් ගෑනු වෙලා අනික් වැඩේ පිරිමි වෙන්නේ...සමනලී මම කියපු දේට ඔරොප්පු වෙලා ඇහුවා
සමාජ් සම්මතෙන් තමයි එහෙම වෙන්නේ...මම එයාව අවුලවන්න හිතන් කියුව
මට හි නහයි බන් උබම මේක කියන එක ගැන ...පිරිමියෙක් ගෑනියෙක් එක්කම විතරක් ඉන්න ඕනෙ කියන සමාජ සම්මුතියට එරෙහිව කොල්ලෙක් එක්ක එකට ඉන්න උබම කියනවා සමාජ සම්මතයෙ ලොකු කම
මම ලොකු කමක් කියුවෙ නෑ...එහෙමනෙ කොහොමත් වෙන්නේ...වෙඩින් එකක කේක් පෙට්ටි රැප් කරන්නේ බ්‍රයිට් ඇන්ඩ් හර් ෆ්‍රෙන්ඩ්ස්
බම්බුව...මොකෝ මේක කිම්බෙන් ඔතන එකද්ද?...පිරිමි ටූල් එකෙනුයි ගෑනු ටූල් එකෙනුයි කෙරෙන දේවල් ඇරුනාම අනික් හැමදේම ගෑනු පිරිමි දෙගොල්ලොම කරන්න ඕනෙ....මොරිශ්ස් දූපත්වල පොල් ගස් නගින්නේ වැඩිපුරම ගෑනු...ශාරීර ශක්තියෙ වෙනසක් තිබුනට ආත්ම ශක්තිය එක ගානට තිහෙනම් ගැනු පිරිමි අතරෙ වෙනසක් නෑ..
ආ ප්‍රන්ශ කන්තා විප්ලවේ කට වහගෙන වැඩ ටික කරපන්...නැත්තන් මේ මාලුවෙක් කටට් ඔබලා කටවටේට පබලු අලවනවා...මම පබලු අහුරකින් සමනලීට ගහන ගමන් කියලා හිනා උනා

HatharawaramWhere stories live. Discover now