ep 95

628 98 3
                                    

Ep 95
අපේ තාප්පෙන් ඇතුලේ ලොකු රවුමක් වගේ සයිකල් ට්‍රැක් එකක් හැදුවේ එලියට යන්න බැරි දාට එක සයිස් එකට පදින්න
දැන් නම් පොඩ්ඩිත් එයාගෙ චූටි බයික්කෙ අරන් එනවා පැදගෙන අපේ පස්සෙන්

මම එක දිගට සයිකල් පැදලා පැය දෙකකට විතර පස්සේ ගෙට යනකොට චූටි දුව ඇහැ ඇරිලා සූකිරි එක්ක කෑම මේසේ ලග

කාමරේ ඔක්කොම තිතට ක්ලීන් කරලා...සූකිරි එයාගෙ බෑග් එකත් පැක් කරලා පැත්තකින් තියලා

රෑට කෑමත්න් ලෑස්තිකරලා...බොයිල් වෙජිටබල්...ටෝස්ට් පාන්...ඔම්ලට්...සොසේජස් බැදලා..වෝටර් මෙලන් ඩ්‍රින්ක්ස් හදලා රතු පාටට

"ඔන්න ආවා අපේ චීන පටස්...පොඩ්ඩ ඇත්තන් පිපිරෙනවා"

"තාත්තී මම අප්පච්චිට් පොරොන්දු උනා ඔයාව බලා ගන්න....මම උදේට ඔයට ජෑම් ගලා පාන් හදලා දෙන්නම්...දවල්ට මැගි නූඩ්ල්ස් කමූ....රෑට සීරියල් හරි සමපෝශ හරි....මම දැන් දන්නවා වොශින් මැශින් එකේ රෙදි හෝදන්න දන්නවා...සෝමා නැන්දි මට කියලා දුන්න්නා...මම් රෑට කවි කියලා තත්ති දොයි කරන්නම් හරිනේ"

මට දුවගේ කතාව අහලා හරියට දුකයි සතුටයි දැනුනා

ඇත්තටම එයා ලොකු වෙලා මාවයි සූකිරී හොදට බලා ගනී

"තත්තී ඔයා හොදට හිටියොත් මම සැටර්ඩේ මගේ කැටේ කඩලා ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙනවා"

"ම්ම්, මගේ දෝනි මාව මේ තරම් හොදට බලාගන්නවනම් මම් මේ අප්පච්චි තඩියව ගෙදරින් එලවලාම දාලා අපි දෙන්නා ජොලියෙ ඉන්නවා...දැන් අපිට අපේ ඉඩත් මදිවෙ ගෙන ඉන්නේ "

"ඒක හරියන්නේ නෑ තාත්තී අපිට අප්පච්චී තියාගන්න වෙනවා...මට තාම ඔයාගෙ රැවුල ශේවු කරන්නයි ටයි එක දාන්නයි තේරෙන්නෙ නෑ නෙ...ඒක මම ඉගන ගත්තාම අපි බලමු"

"හාඅ මරු ඩබල...තාත්තයි දුවයි එකතුවෙලා දැන් මාව එලවන්න හදන්නේ නේ...මම ඉන්දියාවෙ ගිහින් මහනවෙලා එහෙම ඉන්නවා...අනගාරික ධර්මපාල තුමා වගේ ...සිරි ස්වේතක ...දේව මිත්ත...හාමුදුරුවෝ...හොදයිනේ"

මම තම්බපු ලොකූ බ්‍රොකලී කෑල්ලක් සූකිරිගේ කටේ එබුවා ඇබයක් ගැහුවා වගේ එයට කතා කරගන්න බැරි වෙන්න

HatharawaramWhere stories live. Discover now