ep 68

695 113 1
                                    

Ep 68
"අහා...ඔවු නායකතුමා ....ආ....මම අද එන්නේ නෑ කියලා දැනුම් දුන්නනේ....ඔවු අද අහවස ලොකු වැඩක් තියෙනවානේ...මම තාම ඒකෙ වැඩ ගැන බැලුවෙවත් නෑ...ආඅ ආ එහෙමද...මම හිතුව අගමැති තුමා ඒවට ආන්සවර් කරනවා කියලා...ඒ ප්‍රශන යොමුකරලා තිබුනේ මගේ විශයට අදාලව නෙමෙයි...ආආ..එහෙමද?...බලමු පොඩි වෙලාවකට එන්නම් එහෙනම්...කතානායක තුමාට කියලා බැරිවෙයිද මුලින් දාගන්න...විශේශ ප්‍රශන නැත්තන් කතා කරලා ඒක දාගන්න මම පැය බාගෙන් ඇවිත් යනවා..."

"ශිට්...ඔක්කොම ප්ලෑන් අවුල් යනවනේ....කොච්චර වැඩ තියෙද අද..." සූකිරි ෆෝන් එකෙන් කාත් එක්ක හරි කතා කරලා ...ඉවර උනාට පස්සේ මම දිහා බලන් කියුවා....

"මොකද්ද කේස් එක" මම ඉවර කරපු ඩොකියුමන්ට් එක සේවු කරලා ක්ලෝස් කරනගමන් ඇහුවා

"මම අද පාර්ලිමන්ට් යන්නෙ නෑ කියලයි හිටියෙ...අපි චීනෙත් එක්ක ගහපු ඇග්‍රිමන්ට් එකක් ගැන අද පාර්ලිමෙට් එකේදි විපක්ශ නායක ප්‍රශන කරනවා..ඒ සමබන්දවම කෝප් කමිටු වාර්තාවත් අද සභාගත කරනවා....ඒවට නාකියා (අගමැතිට සූකිරි කියුවෙ නාකියා කියලයි) උත්තර දෙනවා කියුවා...එයානෙ විදේශ සම්බන්දතා අමත්‍යන්ශෙ හැන්ඩ්ල් කරන්නේ... දැන් නියෝජ්‍ය නායක කියනවා නාකියා ප්‍රශන වලට සූදානම් නෑ..ඌ ආන්සර් කරොත් අපේමුලු ආන්ඩුවෙම රෙදි ගැලවෙයි මට ඇවිත් උත්තර දෙන්නලු...බලපන්කෝ අද හවස මම උබත් එක්ක ෆුල් ජොලියෙ ඉන්න හිටියේ..."

"මම එහෙනම් ගෙදර යන්නම් ...ඔයා වැඩටික කරගෙන එන්න"

"කොහෙ යන්නද තමුසෙ පොරොන්දු උනානෙ අද දවසම මාත් එක්ක ඉන්නවා කියලා.  ...දැන් යමන් මාත් එක්ක පාර්ලිමේන්තු"

"බෑ ඕයි ඔතන මහ ජල්බරි තැනක් ...ඕකෙ ගිහින් නිකන් චාටර් වෙන්න වෙයි ඔයාටත් එක්කම"

"පිස්සුද පාර්ලිමේන්තුවෙ හන්ගන්න දෙයක් නෑ...ඒක රටේ ජනතාවට හදපු තැනක්...හරිනම් හැම මිනිහම එන්න ඕනේ එතැනට...හැමෝටම එන්න වෙලාවක් නැති නිසානෙ ..ජනතාව ඡ්න්දයක් තියලා අපිව පත් කරන්නේ..එයාල වෙනුවෙන් පාර්ලිමේතුවෙදි කතා කරන්න...අපි නිකම්ම නිකන් නියෝජිතයො විතරයි ජනතාවගේ"

HatharawaramWhere stories live. Discover now