ep 129

622 94 4
                                    

Ep 129
ලෝකෙට පරකාසේ...ගෙදරට මරගාතේ
උබ ගෙ ලොකු කම් ඔක්කොම ඉවරයි ගෙදර ගියාම
බොරුවට මේ ෆ්‍රෙන්ච් ඇක්සන්ට් දාගෙන එන්න එපා....
මක්කයි හොක්කයි බොක්කයි කක්කයි කිය කිය ඉදලා.... මෙතැන අපිට ලොකු පාට් දානවා
ගිලී මලේ වගේ තමයි තොපේ ගමෙත් එක දත සුද්දෙක් නෑ
ඔකෝගෙම දත් වහල්ල ගන්න දෙයක් නෑ බුලත් හපෙයි...කුරක්කන් තලපෙයි
ගොන් බිජ්ජා ප්‍රන්ශෙ මහත්වරුන්ගෙ පස්සට ගොටු අල්ල අල්ල අයිෆ්ල් හන්දියෙ චාටර් නොවී
ගමේ ගිහින් කුබුරක් කොටහන්
බොලගෙ තාත්තා කියුවා උබ ඉස්සර කලවිටේ ගොයන් මඩිනකොට
මීගොන් රෑන පස්සෙන් ගොම් පස් වැටෙනකන්
කොලොපොත් දික්කරන් පස්සෙන් ගෑටුවා කියලා
ශිට් ඒ කාලෙ ෆොටෝ ගහන්න ක්‍රමයක් තිබ්බෙ නෑනෙ
රන් පුතූ....ගොන් පුතූ වගෙ ගොඩේ පාටට ඉන්නවා
මේ වෙලවෙ මමයි සූකිරි ඩස්පියයි ඉතාම නින්දිත විදියට බෝල්ල්ට්ට ගරහනවා
හෙට ඌ බදින නිසා අපි පොඩි රැග් එකක් දෙනවා
මූ කැම්පස් එකේ මාව රැග් කරපුහැටියට
මෙහෙම මඩවල මදි මූව

"ආආඅ.තව කියපන් තව කියපන්...උබල මෑන් හැටන් වලින් නේ බැහැලා ඉන්නේ...මම තොපේ පිලානෙ විස්තරේ කියන්න ගියොත් උබලට චූ යන්නෙ මෙතැන"
"ඔන්න කොල්ලා...වැරදි ටොපික් එකක් අල්ල ගත්තේ...අපි මෙතන පිලානෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා...තව මදිනම් සමනලී හින්නා සච්නිත් ගෙන්වනවා...උබේ කන් බෙරේ හිල් වෙන්න කියන්නේ...අපේ සුන්දර ගම් පියසට අපහාස කරන්න එපා ...හරිය..."
"ම්ම්ම් ඒක නෙමෙයි මොනවද දැන් ඉස්සරහට කරන්නේ ...ඩස්පියානම් ලබන සතියෙ යනවා...උබ මොකද කරන්නේ බෝල්ට්"
සූකිරි අපේ විහිලුව දුරදිග යන නිසා යූ ටර්න් එකක් ගහලා කතාව චේන්ජ්කරා
"උබේ හෙල්ප් එකෙන් තිලෝකාගෙ වීසා එකනම් ඉක්මනට ලබෙයි...එතකොට මම එයත් එක්කගෙන යනවා...ගියත් අපි එකදිගට එහේම ඉන්නෙ නෑ...මාස 6ක් එහේ මාස 6ක් මෙහේ ඉන්න විදියට වැඩේ කරගන්නවා ...ගෙද්‍රත් යන්න ඕනි...කොහොමත් මම ..පෝස්ට් ඩොක් එකේ තීසිස් එක ලියන කොටස ගෙදර ඉදන් කරන්නේ.

"ඒක හොදයි බන්...අපිත් සැරින් සැරේට ගිහින් උබලගෙ ගෙවල් පැත්තේ බලාලා එන්නම්....අර ප්ලෑන් එක ඕකේ නම් ...මගේ යාලුවට කියන්නම් වැඩේ පටන් ගන්න කියලා...එදා අපි බලපු හරියෙ හැදුවාම හරි...පරණ ගේ කඩන්න ඕනෙත් නෑනෙ එතකොට"
බොල්ට් ගෙදර මිදුලෙම අලුත් ගෙයක් හදන්න යන්නේ....එයාගෙ තාත්තා කැමති නෑ පරන ගේ කඩන ඒ නිසා එතැනම පැත්තකින් අලුත් ගේ හදනයි ප්ලෑන් කරේ
"අපේ ගෙදර වැඩ නම් මට ...අපේ තාත්තට කියුවත් කරවගන්න පුලුවන්...එයා වයස උනාට ඔහොම වැඩක් පටන් ගත්තාම ලෙඩ ඔක්කොම අමතකයි....මට උබේ උදවුව ඕනි ඉමේශ් අයියකගෙ ගෙදර හදන වැඩේට සපෝට් කරගන්න...එහේනම් කවුරුත් නෑ නෙ උදවුවක් කරන්නවත්....අනෙක තැපැල් කන්තෝරුවට එන විදියට සල්ලි ටික හැදෙවුවත් ...මාමාට ඒක වත් ගන්න යන්න පුලුවන්ද මන්දා...මගේ යාලුව සන්කයට කියුවා සල්ලි ආවාම ඉමේශ් අයියගෙ ගෙදරට බඩු ගෙනත් දාන්න ...ඒත් සැරින් සැරේ අපිත් ගිහින් බලන්න ඕනි"

HatharawaramWhere stories live. Discover now