ep 13

1.1K 174 8
                                    

Episod 13
දැන් ඉස්සරවගේ නිකන් උඩ බලන් ඉන්න ඕනිනෑ
නයාට ඇපල් කව කව කම්මැලිකමෙන් ඉන්න ඕනෙත් නෑහැ
හැමතිස්සෙම තියෙනවා කල්පනා කරන්න දෙයක් තියෙනවා
මොනදේ කල්පනා කරත් හැම කල්පනාවක්ම ඉවර වෙන්නේ අකුරු 3කින්
සු......කි......රි
අම්මා හිතනවා ඇති කාමරේට දාලා වහලා දාපු දවසේ ඉදල මම් හැදිලා කියලා
මොකද රෑ වෙනකන් පාඩම් කරනවා නිදි නැතුව
අත පොත ලග
හිත් ඔහු ලග
පොත් පිටු වලට යටින් හින්නගේ ෆෝන් එක සයිලන්ස් මෝඩ් ඔන් කරලා
ගජරාමෙට මැසේජ් යනවා එහේ මෙහේ
හරි පුදුමයි ඒ තරම් මැසේජ් කරන්න අදහස් කොහේ හැන්ගිලා තිබුනද කියලා

භාන්ඩ දෙකකින් ලැබෙන උපයෝගීතාව දක්ව අපේක්ශා වක්‍රය ආදායම් වක්‍රයට සමාන වෙන්න ලක්ශයේදි මතුවෙන්නේ සූකිරිගේ හිනාව
ඉ ල්ලුම් නම්‍යතාව සැපයුම් නම්‍යතාවට වඩා වැඩි උනවිට ඇතිවෙන වෙලද පොල තත්වය විස්තරකරන පටන්ගත්තට ඉවර උනේ සූකිරි දවල්ට කාපු කෑම වලින්
විභක්ති වරනගාගෙන එනකොටම ඒ අතරින් අද සුකිරි ඇදපු ඇදුම් ඒවා එයාට ගැලපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ ආපු නිසා විභක්ති කුනු කූඩෙටම විසි උනා
නූතන කවියන් ට කොලබ යුගයෙන් ලැබුනු ආබාශය විස්තර කරගෙන යද්දි හැම කවියක්ම සූකිරි වලින් ඉවර උනා
සින්හල බලනකොට සූකිරි ම විතරක් මතක් වෙන නිසා ඉකෝන් බලනවා
ඉකෝන් වල නොතේරෙන කොටස් වැඩි නිසා අමාරු තැන්වල දි හිත සූකිරි හොරකන් කරනවා
ඉතිහාසය බලාගෙන යද්දි වර්ශ රජවරුන් ගේ නම් කටපාඩම් කරන්න කම්මැලි හිතුන ගමන් සූකිරි හිත් ඇතුලෙ දග කරනවා

සින්දු කවි තබ සතේකට ගන්න නොගත්ත මම
ලවු සින්දුවක් යද්දි ඇහි පිය හොලවන්නේ නැතුව අහන් ඉනෙනේ
ඉස්සර් මියුසික් එක විතරක් අහපු සින්දුවල දැන් වචන අහනවා
ඒ වායේ ප්‍රේමනීය තේරුම් තුල මගේ හිතේ සූකිරිට තියෙන ආදරේ ලියවිලා තියෙනවා වගේ දැනෙනවා
ලස්ස්න හින්දි සින්දු යනකොට ඇස් පියන් ඉද්දි
එයා මගේ ඉස්සරහ හිනාවෙනවා හුරතල් වෙනවා සෙල්ලම් කරනවා
පුන්චි දේකට උනත් තරහ වෙන්න
තරහ උනවෙලේ ඉදලා දුකෙන් ඈත බලන් ඉන්න
එයා සමාව ඉ ල්ල ඉ.ල්ල පස්සෙන් එද්දි ටිකක් ගන්න උසාන්න
එයා දුක හිතිලා ඇස් වලින් කදුලක් හෙලද්දි ඔක්කොම අමතක කරලා සමාව දෙන්න
හිටියටහ් වඩා තදේට අයෙත් යලු වෙන්න
මිස්ට විනෝද් මේ උබමද ගොනෝ....
ඉස්සර පන්තියේ ලවු කරන කොල්ලෝ කෙල්ලෝ
මේවා කරද්දි උබම නේද මේවට හිනා උනේ
සිනි බෝල පක්කු
බොලද හිකුන් කියලා
දැන් උබම ඒවා කරනවා
කවුරු හරි දැන් උබ දිහා බලන් හිටියොත් කියයි
බොලද පෙම්වතෙක් කියලා

HatharawaramWhere stories live. Discover now