ep 65

791 138 5
                                    

Ep 65
විනෝද් මොනවද මෙතැන වෙන්නේ.....අම්මා සැක සහිත නුරුස්සන බැල්මක් ඇතිව ඇහුවා -

මගේ ඇස් දෙකේ කදුලු මම ලේන්සුවෙන් පිහිදගත්තා

මුකුත් වෙලා නෑ අම්මේ ඔක්කොම හරි

ඔක්කොම හරියන්නේ කොහොමද...මේ ඇස් වල කදුලු...නිකන් කදුලු එන්න උබට ඇස් ලෙඩේ නෑනෙ

අම්මේ අපිට අම්මත් එක්ක කතා කරන්න ඕනි...ටිකක් නිදහස් තැනකට යන්ද?

මේ හදිස්සියට කතා කරන්න තියෙන්නේ මොනවද?...ආපු උන් කාලා සල්ලි නොදීවත් ගිහින්ද ජෝඩුවට

අනේ අම්මේ පින් සිද්දවෙයි මල විකාරනම් කියවන්න ලෑස්තිවෙන්න එපා මේක මට ලොකු ප්‍රශ්නයක්

මේ කොහෙවත් නැති මගුලක් මගේ කරපිට දාලා මම හතර හන්දි කැඩිලා ඉන්නවා...දැන් ඉතින් උබලගෙ ඔරශන පත්තර්වලටත් උත්තර දෙන්න වෙලානේ. අම්මා ඉන්න මූඩ් එක අනුව මේ වගේ දෙයක් කතා කිරීම සුදුසුද මන්දා. ඒත් අම්මා ට හොද මූඩ් එකක් එනකන් බලන් ඉදීම...කන කැස් බෑවා විය සිදුරෙන් එලිවගෙ ඇට දෙක වැටේනකන් බලා සිටීම වැනි කලාතුරකිනුත් සිදු නොබිය හැකි දෙයක් බැවින් ඕනෙ රෙද්දක් වෙලා යන්න දැන්ම මේක කියලා දාන්න මම තීරනය කරා.

අම්මා පෙරටු කරගෙන මම යි සූකිරී ගියා පොඩි එකිත් වඩගෙන

සූකිරි දුවව එක්කගෙන ආවේ දුවත් හිටපු නිසා අපේ අම්මගෙ හිත පොඩ්ඩක් හරි උනුවෙයි කියලා හිතාගෙන

මනාල යුවලට පවුලෙ අයට පාවිචි කරන්න රූම්ස් හතර පහක් දීලා තිබුනා වෙන ෆ්ලෝ එකක
අපි ලිෆ්ට් එකෙන් අපේ ඇදුම් තිබුන රූම් එකට ගියා

අම්මා කන්නාඩියෙන් එයගෙ කොන්ඩෙයි මාලයි හදනවා...

සූකිරි පොඩි එකාට ෆෝන් එක දීලා ඇදෙන් තිවුවා

මම ජනේලේ ලගට වෙලා එලියෙන් පේන නිල් පාට ස්විමින් පූල් එක දිහා බලන් හිටියා
මගේ ඇග ඇතුලෙන් ගැහෙනවා ගොඩට ගත්ත මාලුවෙක් වගේ

අම්මා හීන් සැරේ ඔසරියේ පට හදන ගමන්

"උබලා මට එන්න කියුවේ මේ කාමරටේ වෙලා උඩ බලන් ඉන්න නෙමෙයිනේ...කියන දයක් කියපන් මට අරෙහෙ වැඩ තියෙනවා කප්පරක් "

HatharawaramWhere stories live. Discover now