ep 110

545 101 4
                                    

Ep 110
මොනව උනත් එයා පවු
ඊයේ රෑ අඩාවැටුනේ පොඩි එකෙක් වගේ නේ
සමහරවිට මුලු රෑම මම වගේ අඩ අඩා අපි ගැන කල්පනා කරන්න ඇති
එයා එක්ක ටිකක් කතාකර්ලා මේ ප්‍රශෙනෙ විසදගන්නවා
සමහරවිට මම මාස කීපෙකට එයාගෙ සෙකට්‍රි විදියට වැඩ කරන එක හොදයි
කියන්න ඕනේ අර ප්‍රියන්ජල් කිය්න නෝන්ජල් මිනිහාව අයින්කරලා මාව දාග්න්න කියලා
අඩුම ගානේ මට ටිකල් එයාට ලන්වෙලා ඉන්නවත් පුලුවන්නේ
මොනව උනත් අපු දූ ගැන හොතන්න එපැයි
අපි දෙන්නා වෙන් වෙලා ගියොත් දුවත් එයාගෙ පේරන්ට්සලා ඩිවෝස් උන යාලුවා වගේ දුක් වෙවී ඉදීවී
මට ඔඅහුවෙනිදා නැගිටිද්දී මේ තරම්ම නොසලකා හරින එක හොද නෑනේකියලා හිතිලා දෙන්නටම තේ දෙකක් හදාගෙන ගියා
උදේ පානදරම මිනිහා හිහින්
යනවා කියුවෙත් නෑ ඔහේ ගිහින්
ප්‍රියන්ජල් ආවම ඌට ඔක්කොම අමතක වෙනවනේ
මම්ගේ හිතේ තිබුන කරුනාව වැලලිලා ඒ උඩින් තරහ දුලුදාලා ආවා
තේ දෙකම සින්ක් එකට විසිකරලා දෝනි ගෙනත් දුන්න බබල් කොලේ ඩොට් බිදගෙන බිදගෙන යන්න ගත්තා
මේක දූට දීලා තියෙන්නේ එයාගෙ ටීච තරහ ගිය වෙලාවට රවුම් රවුම් තියෙන පොලිතින් බබල්ස් පොඩි කරන් පොඩි කරන් යන්න කියලා තරහා නිවෙනකන්
මම  බබල් ඔක්කොම බින්දත් තරහනම් අඩු උනේ නෑ
"ගුඩ් මෝනින් මිස්ට විනෝද්"මම ගැස්සිලා ගියේ මගේ රූම් එකට පිට මිනිස්සු එන්නේ නැතිනිසයි
කලුපාට කෝට් එකක්කින් හැඩ වෙලා කිරි කොකාවගේ ප්‍රියන්ජල් ඇවිත්
කෙල්ලෙක්ට නෙමෙයි කොල්ලෙක්ටත් හික් කියලා කියවෙන පෙනුමක් ඌට තියෙන්නේ
ඒත් ඒවෙලාවෙ මට උගේ ලස්ස්නක් පෙනුනේ නෑ
මට ආවේ තරහක්
ඌට මොන හයියක්ද මගේ ප්‍රයිවට් ඒරියා එකට එන්න
ඕනෙ මගුලක් සූකිරිගෙ ප්‍රමිසස් එකේ නටාගන්න තිබුනනේ මේක අස්සටත් රිග්ගන්නේ මට කියල පෞද්ගලිකත්වයක් ඇත්තෙම නැද්ද දැන් මේකේ
"සර්ගේ ඉම්පෝටන්ට් ෆයිල් වගයක් මිස්ට විනෝද්ගේ කබඩ් එකේ තියෙනව කියලා එල්ලගෙන එන්න කියුවා"
"ඇයි ඔයාගෙ සර්ට මෙච්චර හදිස්සියක්...මෙහේම ඉන්න මිනිහට ඕක මගෙන් ඉ ල්ලගෙන යන්න බැරි උනාද? "ඒකනම් මට අදාලා ප්‍රශනයක් නෙමෙයි...කරුනාකරලා ඔයාට පුලුවන්ද ඒ ගැන සර්ගෙන්ම අහගන්න කෝල් එක්ක දීලා හරි...මම කරන්නේ මට සර් කරන්න කියපු දේ"
ආඅ...මේ බලු කුක්කා දැන් මට බුරන්නත් ලෑස්තිය
"මේ කෙ තියෙන කිසිම දෙයක් මම කිසිම කෙනෙක්ට දෙන්නේ නෑ....ඕනෙ දෙයක් තියෙනවන්ම් එයාට ඇවිත් රගෙන යන්න කියනවා "
උගේ එකට යාවෙන ඇහිබැම දිහා බලා ගෙන ම්ම අරවගෙන කියුවා
"හලෝ බොස් මේ පොඩි ප්‍රශනයක් අර ෆයිල් දෙන්න බෑ කියනවනේ....ආඅ හරි හරි....කෝ ඉතින් යන්න එපා ලමයෝ මම එනවා....ඕකෙම යන්න එන්නම් මට වෙන වාහනේක එන්න කම්මැලී"
මම ඉස්සරහා ෆෝන් එක කට් කරලා මනමාල හිනාවක් දාලා යන්න ගියා
ආඅ...ටයි එක...මොන පාට එකද?....වෙනද තියෙන තැනමනේ....මෙයා දැන් පුරුදුවෙලා මම එනකන්ම ඉන්නවනේ ටයි එක දාගන්න...ඉන්න එහෙනම් වෙහිකල් එකට වෙලා තපපරේට එනවා මම ""
ප්‍රියන්ජල් කෝල් එකේ අන්තිම අහරිය හයියෙන්ම කියුවේ මට ඇහෙන්න වෙන්න ඇති
ඕනෙම තනකොල කන හරකෙක්ට උනත් තේරෙනවා....මේ තරම් ඇග ඇලුම් කමම්ක් නෝමල් සෙකට්‍රි කෙනෙකුයි මිනිස්ටර් කෙනෙකුයි අතරෙ තියෙන්න බෑ...ඒක රාජකාරි සමබන්දෙකට එහාගිය මල මගුලක්
ප්‍රියන්ජල් අන්තිම ටික හයියෙන් කියුවේ මට පෙනවන්න වෙන්න ඇති
ඉස්සර ඒක උබේ මක දැන් ඒක මගේ මල...මම නෙලා ගන්නේ බලාගන්නේ මගේ මල වගෙයි එයා
මූ මගේ දව්සම මූසල කරා
කාමරේ ඉස්සරා තිබුන පන්ච්නින් බෑග් එකට අතින් පයින් ඔලුවෙන් ගහගෙන ගහගෙන ගියේ
සූක්‍රිටයි ප්‍රියන්ජල්ටයි මූන නාලු එන්න ගහගන්න මට බැරි නිසා
විශ්වාසය වීදුරු බදුනක්
ඒක බිදිලා ඉ රි තලලා ගියාට පස්සේ ආයේ හදන්න බෑ
කෑලි එකතුකරත් බිදුනු දාර සදහටම තියේවී
ආයේ දවසක පිපිරුන තැනකඉන් කැඩිලා බිදිලා පොඩිවෙලා යාවී
අපේ ආදරෙටත් කාගෙ ඇස්වහක් කටවහක් වැදිලද මන්දා
දවසින් දව්ස අලුතෙන් අලුතෙන් ඉ රි තලලා යනවා
මම දැන් දැන් යාලුවන්ට කතා කරන එකත් අඩු කරා
මොකද උන් පටන් ගන්නෙම උබ හොදිනද සූකිරි කොහෙද දෙන්න එක්ක මොනවද අලුතෙන් කරේ
ඔය එක්කටවත් දෙන්න මම ලග ලස්ස්න උත්තර නෑ
හින්නලා සච්නිලා බබත් එක්ක ෆොටෝ දානවා
සමනලී ඩස්පියයඉ මඩුවයි කවියයි ප්‍රන්ශෙ පුරා ඇවිද ඇවිද ෆොටෝ දානවා
බෝල්ට් එක්ක කතාකරන්න බෑ ඒකෙන් එයයි මමයි දෙන්නම විදවනවා
ගිහන් අයියලට කතාකරාම එයාලගෙ අවවාද අහලා ඉවරයක් නෑ
ඒ නිසා තනියෙම ඉන්න එක හොදයි
මම ඕෆ් ලයින් මෝඩ් එක දාගෙන ෆේස් බුක් එකට ගියේ හිතට ආපු මූසලම මූසල තනිකම නිසයි
බැලුව ගමන් සූකිරි ලයිවූ
මූට පිස්සුද ලයිවු එන්න...මට කියුවෙත් නෑ...කොහොමත් දැන් මට කියන්නෙ නෑනෙ
ටයි එක දාගන්නයි පොල්ල බස්ස්ගනයි ඔක්කොටම සෙකට්‍රි කෙනෙක් ඉන්නවනේ
ලයිවු එක නිකන් ඔන්කරලා බැලුවා
සුලු හා මද්‍යම පරිමාන ව්‍යපාරිකයන්ගෙ ප්‍රදර්ශනයක්
සූකිරි එක එක කුටියට යනගමන් ඒවයෙ ඉන්න අය එක්ක කතා කරන ඒවා ප්‍රියන්ජල් වෙන්න ඇත් ෆෝන් එකෙන් වීඩියෝ කරනවා
ගොඩක් අය ලයිවු එක බලනවා
නෝමල් අගමැති කෙනෙක් වගේ නෙමෙයි යූත් වැඩ ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රස්න්ට් කරන එනවුසර් කෙනෙක් වගේ හිනාවෙවී විහිලු කර කර සූකිරි ස්ටෝල් එකෙක්න් ස්ටෝල් එකට යනවා
එයා නම් කියන්නේ ඒකෙන් සුලුපරිමාන වියාපාර කරන්න තරුන පිරිස පොල්බවන්නලු එයාට ඕනි
එක කුටියක දන්න කෙනෙක් හිටියා
ලෝච්නා...එයා දැන් මද්‍යම ප්‍රමානෙ ව්‍යපාරිකාවක් සූකිරිගෙ ඉස්කෝලෙ කාලෙ කැච් එක
එයාට අපි කරපු උදවුවලින් නියම ප්‍රත්ඵ්ල අරන්වගේ
හස්බන්ඩ් එක්ක දෙන්නම ව්‍යපාරෙ දියුනු කරපු හැටි පොඩි විසතරය්ක් කරා
"ඔයාලා දන්නවද මේ කපල් එකම මගේ ඉස්කෝලේ යාලුවෝ....මේ චීස් කෑලවගේ ලස්ස්න නෝනගෙ අතින්මයි මේ රසම රස චීස් හැදෙන්නේ...අපි බලමු මේවා ඇත්තටම රසද කියලා...ආඅ මේ මගේ සෙකට්‍රි එයාගෙන් අහමු කොහොමද දැන්නේ....සූකිරි එයාගෙ අතේ ට්ජිබුන චීස් කෑල්ලක් ප්‍රියන්ජල්ට කැවුවා...ඕ එම් ජී තා පොඩේන් මගේ ඇගිලත් එක්කම කනවා ඒතරම්ම රසයි ද..අපි අහලා බලමු"
"" කොහොමද ප්‍රියා...මේකෙ රස""
"වාවූ නියමයි...එක්සෝටික් ෆ්ලේවර් එකක් තියෙනවා...කර්ඩ් යෝගට් මික්ස් ඒඋනාට චීස්වල ෆීලින් එක එනවා...මම ඇමස්ටඩෑම් වලදිවත් කාලා නෑ මේ වගේ වෙනස්ම රසක් තියෙන චීස් එකක්...මම හිතන්නේ මේ ප්‍රොඩක්ට් එකට හොද එක්ස්පෝට් මාකට් එකක් තියේවි"
"කවදත් මගේ ලගින් ඉදන් මට හොදම අදහස් දෙන ප්‍රියන්ජල්ගෙන් අපිට හොද ප්‍රතිචාර ලැබුනා...ලෝචී මොකද කියන්නේ අපි මේක එකස්පෝට් කරමුද?"
"බොහොම ස්තූතී අගමැති තුමා...ඔබතුමාගෙයි ඔබේ සැමියාගෙයි උදවු,ල්ජ්ක්ක්ල්ල්ල්ජ්ස්න්ස්න්ස්ජ්"
එතැනින් එහා ටික සූකිරි කපලා දැම්මා ලෝචනා මම ගැන මතක් කල නිසා වෙන්න ඇති
ඔන්න ඕකයි දැන් තත්වේ ...අරූව චීස් කවලා කර උඩ තියන් ඇවිද්දවනවා...මගේ නම මතක් කරනවටවත් කැමති නෑ
ඉතින් කොහොමද මෙහෙම එකෙක් එක්ක එකට ඉන්නේ
මගේ හිතේ ආයෙමත් සැකය දගලනවා
දවසට සියදාස් වතාවක් හිතෙනවා එයා මොනවා කරනවා ඇත්ත්ද
අරූ එක්ක කෑම කනවා ඇත්ද
අරූව ඉබිනව ඇතද
අරූව හුරතල් කරනව ඇතිද
අරකද මේකද
මේකද අර්‍රකද?
වෙලාවකට හිත හදාගන්නවා ඌට හොදනම් ඕන මගුලක් කරගනිපු දෙන් කියලා
ආයෙමත් හිතෙනවා ඌ මගේ නේ කොහොමද එහෙම ඕනෙදයක් කරන්නේ
ම්ම ඌ වෙනුවෙන් කරපු කැපකිරීම වලට මොකදවෙන්නේ
සමරිසි පනතකාලෙදිවගේ රහස්පරීක්ෂකයෙක් වෙන්න හිතෙනවා
එයා යන එනතැන් කරන කියන හැමදේම බලාගෙන ඉන්න හිතෙනවා
අරූ එක්ක මොනවගේ සම්බන්දයක්ද තියෙන්නේ
ඌ ඇරුනම තව උන් ඉන්නවද ඔයවගේ හැමදේම
පැය කීපයක් යනකොට හිතෙනවා එයාට කතාකරන්න
ෆෝන් එකත් අතට අරන් කන්ටෑක් ලිස්ට් එකේ උඩින්ම ට්ජියෙන එයාගෙ නම සිලික්ක්ට් කරලා බලන් ඉන්නවා
ආයෙමත් හිතෙනව මොන මගුලටද මූට සෙකන්ඩ් වෙන්නේ
ෆෝන් එක ඕෆ් කරනවා
කීප සෙරයක් එහෙම කරාම ෆෝනෙ එක පොලොවෙ ගන්න හිතෙනවා
කෝල් එකක් අරගෙන එයා උස්සන්න පරක්කුවෙනෙකොට මට හිතෙන දේවල් ම්මවත් දනෙනෙ නෑ
මට මැවිලා පේනවා ප්‍රියන්ජල් එයාගෙ කකුල අතගනවා චීස් කවනවා ටයි එක දානවා කොටින්නම එයාව ඇදෞඩ දාගෙන අරක හපාගෙන ඉන්නව
මගේ දත් ටික හරකෙක්ගෙ වගේ ගෙවිලා ගිහින් දත් කූරු කාලම
ඇගිලි අල නියපොතුත් කැඩිලා අත ගුලිකරන් ඉදලාම
එයා එදා ආවා මගේ කාමරේට එයාගෙ ෆයිල් වගයක් ගෙනියන්න
"විනෝද් මගේ ෆයිල් වගයක් තියෙනවා මම ගන්නද?"

HatharawaramWhere stories live. Discover now