ep 62

848 112 2
                                    

Ep 62
ඉතින් තත්තී ඇයි දැන් අඩන්න එපා...ඇඩුවොත් තමයි උන වැඩි වෙන්නේ...දෙන් දෝනි ඉන්නවානේ තාත්ති ලග...මම මගේ ටෝයිස් ඔක්කෝම ගෙනාවා...බෙඩ් රෙස්ට් කරනකොට අපි දෙනට පුලුවන් ඇද උඩ ලෙගෝ වර්ල්ඩ් එකක් හදන්න මමෳක්කොම ලෙගෝ බ්ලොක්ස් ගෙනාවා
මට නොදැනුවත්වම පොඩි එකාව බදා ගැනිනා
එයත් චූටි අත්වලින් මගේ රැවුල් කොට ඇද ඇද මගේ මුනට ත ද වුනා
පොඩි එකා එයාගෙ ලොකු බැක් පැක් එකෙන් ලෙගෝ කෑලි එලියට ගනිද්දි මම සූකිරිට ලන් උනා
මම නම් අලිම අලි බූරුවෙක්...මට පොඩ්ඩක්වත් ඔයාව තේරුම් ගන්න බැරි උනානේ
මේ එක දැන් කතාකරන්න එපා...එකෙන් දෙනගෙම හිත් රිදෙනවා...මම් කැමතිනෑ දුව ඔයාව දෙකපු පලවෙනි දව්සෙම මුන එල්ලන් ඉනවට
මේ පොඩි එකා උබ නොදැකම උබට අදරේ කරනවා ගොඩක්...එයාගෙ සුපර් හීරෝ උබ
එයා ඉපදිච්ච මුල් දව්ස් වලම නිර්වානි බබාව රිෆියුස් කරා
එයා පොඩි එකීව දකිනවත් කැමති උනේ නෑ
පුන්චි කෙල්ලත් මම වගේම අනාතයෙක් නිසා මාම් පොඩිඩිට ලන් උනා
මම ඔයා ගැන නිතර මතක කරනවා...ඔයාගෙ ෆොටෝ පෙන්වනවා...ඔය වීරයෙක් වගේ දාලා රෑට බෙඩ් ටයිම් ස්ටෝරීස් කියනවා
නිතරම උබ ගැනම මම කියන නිසා පොඩි එකී යාගෙ වීරයා කරගෙන ඉන්නේ උබව
නිතරම කියන්නේ මම තාත්තී මීට් උනාම මෙහේ යනවා...අර්හෙ යනවා...මේක කරනවා අරක කරනවා කියලා
උබ දනවද මෙයාගේ නම විනුදී...මම ඒ නම දැම්මේ බබාට උබේ නමට ලගින් යන්න
විනුදි කියන හැමවෙලේකම මට මගෙන් ඈත්වෙලා ජීවත්වෙන මගේ හදවතේ අනික් කොටසෙ අයිති කාරයා විනෝද් මතක් වෙනවා
දැන් මට ලොකු ලොකු හීන නෑ තියෙන එකම හීනේ හිගාකාල හරි කමක් නෑ උබයි දුවයි එක්ක එකට ජීවත්වෙන එක
ඒත් දැන් ඒක හරියන්නේ නෑනේ උබ මගෙත් එක්ක ඉන්න කැමතිත් නෑ මගේ පොඩි එකිත් උබ පිලිකුල් කරනවනේ
උබ මට අකැමැති උනත් කමක් නෑ එක දවසක් පොඩි එකි එකී එක්ක සෙල්ලම් කරලා සතුටින් හිටපන්කො..ඒ පොඩි එකාට මට වගේ තාම දුක දරාගන බෑ
පොඩි එකා වැටිලා ඔලුවත් ඇනිලා අතත් තුවාල වෙලා සිහිය නැති උනා කියලා බබා බලාගන්න එක්කෙනා කෝල් කරා
ඔයාට ඇක්සිඩන්ට් එකෙන් ලොකු අවුලක් නැති නිසා මම පොඩි එකාව බලලා ඔයාවත් හොස්පිටල් එකක්ට එක්ක යන්නයි හිටියේ...කරන්නම දෙයක් නැති නිසයි ඔයාව තනියෙම ටැක්සියක යැවුවේ
පොඩි එකට මම හිතුවට වඩා සිරියස් ...එයා හොස්පිටල් නවත්තලා රිකවර් වෙනකන් මට ඉන උනා...වැඩිපුරම මෙයා මම යන්න හද්ද්දි අයියෙන් අඩනවා...සේලයින් ගලවගන්න හදනවා...කීප සැරයක් ඔයාව බලන්න එන්න හැදුවත් මෙයා නිසා බැරි උනා
මම හින්නට කෝල් කරා උබව බලන්න
උන් තුන්දෙනා හැම තැනම හොයලා බැරිම තැන මට කෝල් කරා
මම් පොඩි එකීව බලෙන් ඩිස්චාජ් කරගෙන මෙයාවත් වාහනේ දාන් දන්න කියන හැමතැනම පිස්සෙක් වගේ ගියා උබව හොයන්න
පස්සේ රෑවෙලා සමනලි කෝල් කරා...තමුසෙ හොයා ගත්තා...හොදටම් බීලා..පිස්සු කෙලිනවා...එයාලා තමුසෙව බලගන්නම්...පොඩි එකාව අරන් දැන් එන්න එපා..උබ මොනව කරයිද දන්නේ නෑ...වෙරි හිදුනම උදේම එන්න කියලා...මාම් ඉයෙ රෑම නිදගත්තෙ නෑ..තමුසෙගැනම කල්පනා කරා...එලිය වැටුන ගමන් පොඩි එකත් ලේස්තිකරන් හිටපු හෝටලෙන් ආවෙ මෙහෙට
මගේ බූරු වැඩ නිසා කීදෙනෙක් අසරන වෙලාද
මට සොරි කියන්නත් බැරි තරමට ලැජ්ජා නිසා මම බිම බලන් හිටියා
සූකිරි මගේ නිකටින් අල්ලලා ඉස්සුවා
හරි දැන් ඒවා අමතක කරනවා...ඔයා මටයී දූටයි වයිරකාරාට කමක් නෑ පොඩි වෙලාවක්...මේ දරුවාගෙ හිත හැදෙන්න කතා කරනවා...මම පැයකින් පොඩි එකාව අරන් යනවා..අයෙ උබට කරදරයක් වෙන්න එන්නේ නෑ
අනේ එපා ..එපා...ඇයි යන්නෙ ...
උබ මට කැමති නෑ මගෙ දරුවට කැමතිත් නෑ...නිකන් මොකටද අපි උනලග වැටිලා ඉදල උබට කරදරයක් වෙන්නේ
නෑ...එහෙම නෑ...කොහෙත්ම නෑ...උබට ඔනෙනම් පලයන්...මම් දරුවා තියා ගන්නවා...එයා මට කැමතීනේ
ආඅ...මෙන්න තාම මුම ගැහිලා පැයක් ගියේ නෑ...දරුව තමුසෙගෙ උනාද...ඒ අස්සේ මාව එපාත් වෙලා
මට දෙන්නම ඕනී...අපි තුන්දෙනාම එකට ඉන්න ඕනි...මගෙන් උන වැරදිවලට ඔයා දඩුවම් කරන්න කියලා මගෙන් ඈතට යන්න එපා
ඇත්තටම ඔයාට අපි දෙනවම බාරගන්න පුලුවන්ද
පුලුවන්දත් අහනවා එකෙන්ම...මට හෙන සතුටුයි...මට ඔයත් ඕනේ දුවත් ඕනේ
හරි හරි හදිස්සිවෙන්න එපා ඉස්සරහ දව්ස් ටික බබත් එක්ක ඉදලා බලලා හිමින් තීරනයක් ගන්න...ඔයා කොහොමත් තිරනගනිද්දි කලබල වෙනවා වැඩී
ඇයි මම බබෙක්ගෙ තාත්ත කෙනෙක් වෙන්න සුදුසු නැද්ද
...මෙහෙමයි ඒක ලේසි නෑ...පොඩි එක්කාට කවන්න පොවන්න ඇදුම් අන්දවන්න...පාසම් කියලා දෙන්න බෙහෙත් අරන් දෙන්න...නාවන්න...ආආ...කක්කි දැම්මාම හෝදන්න ඔය ඔක්කොම කරන්නත් වෙනවා..ඊටත් වඩා වගකීම් වැඩි වෙනවා...ඉස්සර වගේ නිතරම ඩිස්ටිටිඩිඩින් කරන්න බෑ...කතාකරන ඒවා හැසිරීම සන්වර කරගන වෙනවා...
අපිවෙනුවෙන් වෙන්කරන තියෙන කාලෙන් වැඩි වෙලවක් දරුවා වෙනුවෙන් වෙන් කරන්න වෙනවා...නිතරම එයාගෙ හිතේ අපි හොද තාත්තලා දෙනෙක් කියන එක ඇතිවෙන විදියට වැඩකරන්න වෙනවා...අපි දෙනගෙ ආදරෙන් වැඩි කොටසක් එයට දෙන්න වෙනවා...හිතනවට වඩා ගොඩක් අමරුයි...බලනකො ටික දවසක් ඉදලා...ඔයාට දැනෙනවනම් ඒක ගොඩක් අමාරුයි අපහසුයි කියලා අපි මොනව හරි වෙනින් ක්‍රමයක් හොයමු

HatharawaramWhere stories live. Discover now