ep 11

1.2K 220 31
                                    

Episod 11
හලෝ "
"ආආ...හින්නා...මම උබ කතාකරනකන් බලන් හිටියේ....විනෝද්ව හම්බවුනාද" හා...හා...මම සූකිරිට කෝල් කරේ හිනගේ ෆෝන් එකෙන් එයා හිතන්නේ මම හින්නා කියලයි...පොඩි බයිට් එකක් දෙන්න ආසාවක් ආවා
"නෑ"
"ඇයි කොල්ලෝ....එහෙම කරේ උබ පොරොන්දු උනානේ දැන් යනවා කියලා...." සූකිරිගෙ කට හඩේ බලාපොරොත්තු කඩවුන දුක මට හොදට දැනුනා
"මට බෑ"
"අනේ...මචන් එහෙම කියන්න එපා බන්...එයා හොදින්ද කියලා විතරක් කියපන්කෝ...මම උබට වැදලා කියන්නම් ...අනේ " සූකිරිගේ කට හඩේ බැගෑපත් බව දුක තැවරිලා...ඒ ස්වරය ඇහුනාම මගේ හිත ආදරෙන් උනු උනා
"උබට ඕනෙනම් පලයන්"
"මම උබට කියුවනේ බන්...කීප සැරයක්ම විනෝද්ගෙ ගෙදර ලගට ගියා...ඒත් උන්ගේ අම්මා ඉන්නවනේ...උබලමනේ බන් කියුවේ උන්ගේ අම්මා හෙන සැරයි කියලා ඒ නිසා මම හැරිලා ආවා"
"උබට මොකටද ඔය තරම් ඌ ගැන හොයන්නේ...ඌ ඉන්නේ ගෙදරනේ...."
"මන්දා බන්...මට එයා නොදැක ඉන්න බෑ....මට පොඩ්ඩක් එයා එක්ක කතාකරන්න තියෙනවනම්...."
"ඇයි උබ එයාට ආදරේද?"
"මන්දා බන් ඒත් මම එයාට කැමතී ගොඩක්....මට එයාව ඕනේ බන්...."
මට තවත් සූකිරිගේ ආදරෙත් එක්ක සෙල්ලම් කරන්න ඕනි උනේ නෑ
"සූකිරි....ඔයා මට ඒ තරම් කැමතිද?"
"ඒයි ...මෝඩයා....මේ උබනේ....තෝ නම් හොදනෑ...මාව මෝඩයා කරනවා"
"විහිලුවක් නේ කරේ....මට හින්නා ෆෝන් එක දීලා ගියා"
"උබ හොදින් නේද කොල්ලෝ"
"ඔවු...මට අවුලක් නෑ...උබත් හොදින්නේ"
"ම්ම්ම්ම්..."
"මොනවද අර ඉස්සෙල්ලා කියුවේ"
"මොනවද....?"
"නෑ...මට කැමති කතාවක් කියුවේ"
"උබ හොද නෑ...එහෙම රවට්ටලා හිතේ තියෙන දේ හොයන්න හොදනෑ"
"හරි ඉතින්...දැන්...මම සීරියස් නේ අහනේ....කියන්නකෝ...මම ගැන හිතෙන්නේ මොනවද?"
"උබ මෝඩ මැට්ටෙක්...."
"මේ විහිලු නෙමයි ඇත්තට කියන්නකෝ
"හිතේ තියෙනෝ ගොඩක් දේවල් ඒවා ෆෝන් එකෙන් කියන්න බෑ"
"ඇයි කාටවත් ඇහෙයි කියලා බයයිද"
"නෑ....ඒවා මට ඔයාගෙ මූන බලන් කතා කරන්න ඕනි"
"මූන විතරද"
"ඔවු...මට ඕනි ...වදගත් විදියට ...මගේ හිතේ තියෙන දේවල් ඔයත් එක්ක කියන්න"
"මටත් තියෙන්වා කියන්න දෙයක් ඔයාට"
"කෝ...ඉතින් කියන්න කෝ"
"බෑ...ඔයාට කියන්න තියෙන ඒවා කියුවම මමකියන්නම් "
"අම්මෝ මෙයාගෙ අගේ"
"ඔවි ඉතින් වටින දේවල් අගය කරන්න ඕනි"
"මට ඔයාව දකින්න ඕනි"
"මම එන්නම් පුලුවන් තරම් ඉක්කමනට"
"හෙට රෑට එන්නකෝ"
"කොහොමද කොල්ලෝ එන්නේ මට ගෙයින් එලියටවත් බහින්න දෙන්නේ නෑනෙ ..."
"හෙට මට වැදගත් දවසක් ඒකයි...මම කැමතී උබ මගේ ලග ඉන්නවනම් එදාට"
"ඇයි...මොකද්ද විසේස"
"මගේ බර්ත් ඩේ එක හෙට....මට ඕනි ඔයා එක්ක හෙට රෑට....කෑම කන්න"
"තෑන්ක්ස් ....ආරාදනා කලාට....එන්න නම් ගෙදරරින් පැනගන්න වෙන්වා....ආ...මේ....මම ට්‍රයි කරලා බලන්නම්...."
"අනේ ඒ කියන්නේ ...ඉතිම් ඔයා එන්නෙ නෑද....කියන්න කෝ"
"හරි මම කොහොමහරි එනවා....එන එක එනවා....උබ වෙනුවෙන් ..."
මම කෝල් එකක් ගත්තා හින්නගේ අම්මගේ ෆෝන් එකට නැන්දට කියුවා හින්නා අපේ ගෙදර ෆෝන් එක දාලා ගිහින් එයාට ඒක දෙන්න ඕනි ඒකයි කතාකලේ කියලා
නැන්දා හින්නට ෆෝන් එක දුන්නා
"හපෝ...ඇනේ...මොකද ...ආයේ ගෝරියක්ද?"
"නෑ බන් උබෙන් උදවුවක් ඕනි....ලොකු එකක් "
"කියපන්....මොකද්ද? ....පරාල ඇනයක් නෙමයිනේ...ඔලුව හිල් කරන් බහින"
"ඕයි...මාව ගෙදරින් පන්නගන්නවකෝ"
"මොකක්.."
"මචන් මට හෙට රෑට පැය දෙකක් තුනක් ගෙදරින් එලියට යන්න ඕනි....මොකක් හරි බොරුවක් කියලා මාව එලියට ගනින්කෝ...අපේ අම්මා දැන් විශ්වාස කරන්නේ උබ විතරයි"

HatharawaramWhere stories live. Discover now