ep 09

1.3K 215 50
                                    

Episod 09
උදේපාන්දර සූකිරි මුනගැහුනු ගමන් එයාව ඇදගෙන ආවේ මගේ අබ ගහේ අපි හදපු අට්ටාලෙට
"බ්ලපන් ඊයේ රෑ නිදාගන්න කොට කීයද උබ එක්ක ...මැසේජ් කර කර ඉදලා.....අදත් මේ හෙන උදෙන්ම් ආවේ කුනු කුනුව ඉවසන්න බැරි නිසා ...දැන් කියපන් කෝ මොනාද කියන්න තියෙන්නේ"
"මේකයි බන් ....උබ මට කියුවේ පෙරෙදා රෑ...කොල්ලොම්දෙන්නෙක් අතරෙ උනත් ලවු සීන් යන්න් පුලුවන් කියලා....මේ....ඉතිම්ම්....මේ"
"අනේ....මොකද්ද බන් මේ ම්නමලයෙක් වගේ ලැජාවෙන් ඇබරෙනේ....කියන දේ කෙලින් කියපන්"
"මම හිතන්නේ මට එහෙම එකක් ඇතිවෙලා වගේ....ඒ කියනේ කොල්ලෙක් ගැන..කැමැත්තක්"
"අපෝ කවුද බන් උබ් නිසා අමාරුවෙ වැටෙන්න යන් ගෝතයා"
"උබ තමයි ඉතින්" මම ගහ උඩදිම සූකිරිගෙ අත අලගෙන කියුවා
එක පාරට මගේ අත ගහලා විසිකරපු සූකිරි තරහ ගිය හඩකින් කියනෝ

"උබට පිස්සුද බන්...කෝමද එහෙම දෙයක් හිතුවෙවත්....මම උබට ඉස්පිරිතාලෙදි මාව අතපත ගාන්න දීපු නිසාද? නැත්තම් උබට ""ගේ " ලවු ගැන ලෙක්චර් එකක් දීපු නිසාද? එහෙමත් නැත්තන් උබ යාලුවෙක් වගේ අශ්‍රය කරන නිසාද"
"අනේ මන්දා බන් මට නිකන්ම උබ ගැන කැමැත්තක් හිතිලා...ඒක දැන් උබව නැතුව බෑ වගේ හැගීමකට පෙරලිලා...මට උබව ඕනි"
"පිස්සු නැතුව හිටපන්....උබට මම ගැන ආදරයක් හිතුනට මට එහෙම දෙයක් හිතිලා නෑ....උබේ හිතේ මම ගැන තියෙන ආදරේ හරි කෑදරේ හරි උබ තියාගනින් ...හැබැයි ඒක මට වදයක් වෙන්න දෙන්න එපා...මගේ පස්සෙන් එන්නත් එපා,,,,,,මම දිහා කන්නවගේ බලන් ඉන්නත් එපා"
අපි දෙන්නම හිටියේ අට්ටාලෙ උඩ වාඩි වෙලා
මම නැගිටින්නේ නැතුව සූකිරිට බැහැලා යන්න බෑ

"" කෝ දැන් මට යන්න ඉඩ දීලා නැගිටපන්
නැගිටපන් ඉතින් එකපාරක් කියුවනේ
ගොන් වස්සා නැගිටපිය....උදේ පාන්දර මගේ යකා අවුසන්න එපා
උබට දෙනවා දැන් බිමට වැටෙන්න එකක්
නොදකින් මෝඩ මූසලයා මහ රෑවෙනකන් ෆෝන් එක ඔබ ඔබ ඉදලා පුකට එලිය වැටෙනකන් නිදියන කැත"
අන්තිමට ඇහිච්ච දෙබස් කෑල්ල මමයි සූකිරී කතාකර කර හිටපු මාතෘකාවට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ
මොකා...
හපොයි ...තාමා මම නිදි ඇදේ
ඔක්කොම හීන
අම්මා යටිකිරියෙන් සාප කර කර ඇද ගාව
හොදටම කියන්නේ හොදට හොදටෝම පරක්කු වෙලා.....

HatharawaramWhere stories live. Discover now