ep 42

832 141 12
                                    

Ep 42
දාල යාම
අතැරීම පුරුදු උනාම ලොකු දුකක් නැතුවම ඒක කරග්න්න පුලුවන්
මම හැගීම් ගිරහිත රො බෝ කෙනෙක් වගේ බයිසිකලේ පැද්දේ
හිතුබනම් හිතන්න දේවල් කෝටියයි
හිත් නිර්වින්දනය කරලා තියෙන එක හොදයි...නිර්...වින්දනේ...කිසිම් විදවීමක් නෑ බොලවු
ඒත් මගේ දෛවය මහ බබා කොටලා තියෙනේ කොත්තුවක් කාලා බඩ අවුල් උන වෙලාවකද මන්දා
යාන්තමට සන්සුන්වේගෙන එද්දිම ආයෙ කැලතිලා නලියනවා
කොහොම උනත් මම ආදරකතා කීපයක්ම ර්ස වින්දා
සමහර් ඒවා ස්ටෝබෙරි වගේ ඇබුලයි ඒ උනත් මතක් කරනකොට රසයක් සුවදක් ලස්ස්න පාටක් හිතට දැනෙන්වා
තව සමහරක් නෙල්ලිවගේ මුලින් තිතයි පසේඑ පැනිරසෛ
අනිත් එක පෙපර්මින්ට් වගේ කෝල් ඇති ලියලා කන්න ගත්තත් කට පොපියනවා පුපුරුගහනවා කන්වලින් දුම් පිටවෙනවා

බයික්කේ වේගෙන් එද්දි ඉස්සර්හට සුදු ඇම්බුලන්ස් එකක් වගේ වෑන් එකක් දාපු නිසා මම එක තැන බ්‍රේක් ගැහුවේ බයිසිකලේ පස්සේ රෝදෙත් උස්සලා
එලවන එකාගෙ...අම්මාට......හු හු නෙමෛ බුදුසරනයි
නොකියවෙන ඒවත් කියවෙනවා
කෙලවෙලා ඉන්න වෙලේමයිනෙ මුන් කෝචොක් දාන්න එනේත්
මගේ බයිකේ නැවතිලා ඉද්දිම වාහනෙන් එලියට පැනපු කලු ඇදුම් ඇදගත්ත නින්ජා වගේ සෙට් එකක් මාව
වට කරගත්තා
සූකිරියා හරි උගේ හතුරන්ගේ හරි වැඩක්
අවුලක් නෑ විදවන්නේ නැතුව එකපාර වෙඩි තියලවත් මරලා දානවනම්
මේ ජීවිතේ එපාම එපා වෙලා තිබුනේ
උන් වෙඩි තිවුවේ නෑ සුදු ලේන්සුවක් නාහෙට ඇල්ලුවා විතරයි
ෆෝමලින් ගදත් එක්ක කට කාරවන සර තිතක් උගුරට දැනුනා

ඇස් ඇරලා බලද්දි හැම තැනම කලුවර කර්පු වාහනේක
විස්තර කරලා වැඩක් නෑ
මේක සූකිරියාගෙම වැඩක්
මැරනකන් ගැලවෙන්නේ නැති පරාල ඇනයක්
කොයිතරම් වෙලාවක් සිහි නැතුව හිටියද මන්දා
ඇසුත් කකියනවා
ඔලුවත් රිදෙනවා
"සර්...කරදරකරාට සමාවෙන්න...ඇමති තුමාට හදිස්සියෙම ඔබතුමාව මුන ගැහෙන්න ඕනි කියුවා...උඩ තියෙන ස්විච් එකෙන්න්ලයිට් එක දාගන්න...ශීට් එක උඩ බොක්ස් එකේ කෑම වතුර ඇති....වාහනේ ඇතුලෙම මූන හෝදගන්න...වාහනේ තෙමුනට කමක් නෑ"

සම්පූර්න අවුරපු කුටීරයක් ඇතුලේ යන මට ඉහලින් සවිකරපු ස්පීකරේකින් කියනවා ඇහුනා
හොද වෙලාවට මේක ඒ සී කරලා නැත්තම් උස්ම හිරවෙලයි මැරෙන්නේ
මේක ඇතුලේ ගෙනිහිපු කී දෙනෙක් මැරෙන්න ඇද්ද
මිනී කීයක් මේ ශීට් එක උඩ පතබාවලා ගෙනිහින් කැලේකට දාලා පුච්චලා ඇතිද
හර්ස් එකක් වගේ භයානක වාහනයක්
මට බඩ කර කැවිලා වමනෙ ගතියට ආවා
කෑම නම් දිහා බැලුවේ නෑ
කටු අනිනවා වගේ ඇස් වලින් උගුරෙන් එන රිදිල්ල නවත්තගන්න වතුර බෝතල ගුඩු ගුඩු ගාලා බීලා ඉතිරියෙන් මූන හෝදගත්තා
නින්දත් නොනින්දත් අතේ තව පැය කීපයක් වත් යන්න ඇති
මේතරම් දුර මුන් කොහෙද ගෙනියන්නේ
මූද යටින් දාපු පාරකින් ඉන්දියාවේ තූත්තු කුඩියටවත් ගෙනියනවද මන්දා

HatharawaramWhere stories live. Discover now