ep 25

728 137 9
                                    

Ep 25
උඩුයටිකුරු උන ලෝකයක අපි දෙන්නා හිටියේ කනපිට පෙරලුන ඔරුවක් හරිපිට හරවන්න දගලන තොටියො දෙන්නෙක් වගේ

ඈත සැඩ දියබේ නොපෙනීයන අපේ ඔරුවට දිය රල මතුපිටින් දමන මගසලකුනු තිබුනෙ නැති නිසා මොම අතට යනවද කියල හිතාගන්න බැරුවයි හිටියේ

දන් කැලේ බෝවිටියා මල් වල පැනි උරන බට්ටිච්චන්ගේ කිචි බිචිය හැරුනාම ඔක්කොම නිස්සද්දයි අපි දෙන්ත් නිශ්ශබ්දයි

"මොකද බන් මේ උනේ අපිට? " ගල් තලාවේ වැතිරිලා මදපවනේ වේලෙන තෙත සූකිරි අතගානගමන් මම ඇහුවා

"මොනවා වෙන්නද ඉතින් අර මම කිය කිය හිටපු කුණාටුව හමන්න පටන් අරන්....ප්‍රශ්නේ තියෙන්නේ සද්දෙ ඇහෙන්නත් කලින්ම් සුලිසලග අපේ ලගට ආපු එක"

"වැදලා කියන්නම් ....මේ ලෙලටම කෙලවෙලා ඉන්න වෙලාවෙවත් ඔය විකාර නොකියා ඇත්ත කියපන්...කියපන් බන් අපේ ආදරේ නාමෙන් කියපන් උබ කවුද?...කොහොමද උබ අරවගේ කිසිම බයක් නැතුව මිනිහෙක් මැරුවේ....උබට හොදට තුවක්කු හුරුයි ....උබ ත්‍රස්තවාදියෙක්ද?"

"ඇයි ත්‍රස්තවාදී විතරද මේලෝකෙ වෙඩි තියන්නේ....මම ඉගෙන ගෙනතියෙනවා ආත්මාරක්ශක සටන්...බැන්කොක් වල තිබුන ට්‍රේනින් එකකදි මම ෆයර් ආම්ස් ට්‍රේනින් කරලා තියෙනවා"
"කොහොමද ඔච්චර දේවල් පොඩි වයසට කරේ....ඇත්තටම උබ මගේ වයසෙද නැත්තන් මට වඩා ගොඩක් වැඩිමල්ද?"

"ඔවු මම පේනවට වඩා වයසයි ඒත් ගොඩක් නෙමයි අවුරුදු 3ක් 4ක් විතර වැඩිමල්....ලන්කාවෙ සල්ලි තියෙනවානම් දේශපාලන සම්බන්දකම් තියේනම උප්පැන්න දෙක තුනක් නෙමයි පාස් පෝට් අයිඩෙනිටිටි කාඩ් හතර පහක් උනත් හදාගන්න පුලුවන්"

"මොනවද බන් මේ දෙබිඩි ජීවිත රෑ ඩෙනියෙල් දවල් මිගෙල් වගේ....අඩුම තරමේ කියපන් මේ ආදරේ ඇත්ත එකක්ද බොරු එකක්ද?"

" කී දවසක් කියන්නද ආදරේ ඇත්ත....උබට මම මේලෝකෙ කාටත් වඩා ආදරේ කරා දැනුත් ආදරේ කරනවා....ඒත් මට අනාගතේ ආදරේ කරාවිද නැද්ද කියලා හරියටම කියන්න බෑ...අඩුම තරමෙ ආදරේ කරන්න හරි නොකරන්න හරි මම ජීවතුන් අතර ඉදීද දන්නෙත් නෑ"

HatharawaramWhere stories live. Discover now