ep 20

995 154 9
                                    

Ep 20
වෙන උන්ට ඒලෙවෙල් කරන කාලය මරුවා සමග වාසේ
උනාට මටනම් මිහිරැති වසන්තකාලයක් උනා
මගෙත් සූකිරිගෙත් සම්බන්දේ ගොඩක් ගොඩක් ගොඩාක් දුර්ගියා
එයාට මාව නැතිව බැරි මට එයාව නැතිව බැරි ඇහැ ඇරෙන්නේ නැති හීනෙක අපි තනිවුනා
ආදර්‍රෙ පරමාර්තයක් නැතුව ගෙවෙනකොට ටික දවසකින් ඒකේ රස නැති වෙනවා
හරියට දිගටම ලෙවකෑවම කෙදිත් හමගිහින් පොත්තත් මතු උන අබ ඇටේ වගේ
ඊට පස්සෙත් ඇටේ ලෙවුවොත් දැන්නේ අබ රසය වෙනුවට ඇටේ ඇතුලෙන් එන තිත්ත්
මේ තිත්ත දැනුනම දෙන්නගෙන් එක්කෙනෙක් අනෙකා අබ රොඩ්ඩ වගේ ඉතුරු කරලා
වෙනත් රස අබ හොයන් යනවා
ගොඩක් සමරිසි ආදර සම්බන්දතා මාස කීපෙකින් කෑලි කැඩී සුනු විසුනු වෙලා යන්නේ ඒ නිසා
අපේ ආදරේ ඉදිරියේ ඒලෙවෙල් සොදුරු රාක්ශයෙක් වගේ දැනුනා
අපිදෙන්නම එකට සටන් කරොත් විතරයි ඒ කඩ ඉම පහුකරන්න පුලුවන් බව අපි දැනගෙන හිටියා
ඒ නිසා අපි ආදරේ ඇතුලේ ඉගැනීම පාඩම් කිරීමත් ගැබ් වෙලා තිබුනා
මමත් එතෙරවෙලා එයාත් එතෙර කරවන්න උවමනාව
සාමන්‍ය ලකුනු 20 ඉදලා සාමාන්‍ය ලකුනු 60 ගානට මගේ හැකියාව දියුනූනේ මට වඩා සූකිරිගේ උවමනාව නිසයි
පලවෙනි වතාවට ගුරුදෙගුරු රැස් වීමකදි මාව ඇගයීමට පාත්‍රවුන නිසා අපේ අම්මා මට තියෙන සම්බාදක බැමි ඉවත් කරලා ඩොමීනියන් නිදහසක් දුන්නා
ඒ වගේම මම සූකිරිගෙන් මගේ අධ්‍යපනයට ලැබෙන නොනවතින රුකුල ගැන අම්මාව නිබදව දැනුවත් කරපු නිසා ...එලිසෙබෙත් රැජින බැහැදකිනවා වගේ විරල අවස්තාවක් සූකිරිට ලැබුනා
අපේ අම්මාව මුනගැහෙන්න
අපේ අම්මා හිතන්හිටියේ මම කුපාඩි හොයන මැශිමක් කියලයි
එයාට අනුව මම ගම පුරා කරක් ගහලා හොදට හොයලා බලලා යාලුවෙන්නේ ගමේ ඉන්න නරකම උන් එක්ක
ඒක අදාල නැති උනේ හින්නට විතරයි
ඒ නිසා හින්නා ඇරුනාම අනික් යාලුවො ඔක්කොටම අපේ ගෙදර ඇතුල්වීමට තහනම් කලාපයක්
සූකිරි එක දවසින් මේ කඩයිම පහුකරා
මොනව නැතත් මිනිහා දාන පූචානම් හිනාවයි...ආචාරශීලී හැසිරීම් රටාවයි
දැකපු ගමන් අපේ අම්මාගේ පැහැදීමට ලක්වුනා
දැන් මට බොරු නොකිය කෙලින්ම සූකිරි එක්ක පාඩම් කරනවා කියලා ගෙදරින් පැන ගැනීමේ වරම් හිමී

HatharawaramWhere stories live. Discover now