ep 38

740 138 5
                                    

Ep 38
ගිහාන් අයියා එයාගෙ විසිරිලා ගිය අතීතය ආයෙ එකතු කරගන්න උත්සහ කරද්දි
මම එයාගෙ ජීවිතෙන් ටිකින් ටික ඈතට විසිවෙන්න ගත්තා
"මල්ලි මම උදේශ්ට උදවු කරන්න කැමතී උබේ විරුද්දත්වයක් නැත්තම්"
"මම මොකටද අයියෙ විරුද්ධ වෙන්නේ...ඔයාටහොදයි කියලා හිතෙන දෙයක් කරන්න" මම සූකිරිගෙන් පස්සේ තේරුම් ගත්තා සහර දේවල් කොටුකරලා තදකරලා අල්ලගෙන ඉන්නවට වඩා ලේසී නිදහසේ ගිලිහෙන්න දෙන එක
උදේශ් අයියට වැඩට යන්න උදවු වෙන්න ගිහාන් අයියා එයාගෙ ගෙදර යන්න පටන්ගත්තා
මගේ හිතේ වැරදි වැටහීමක් ඇති නොවෙන්න ගිහාන් අයියා උදේශ්ලගෙ ගෙදර ගියේ එයා වැඩට යන්න සූදානම් වෙද්දිම වගේ....උදේශ් වැඩ ඇරිලා ආව ගමන්ම වගේ ගිහාන් අයියා වැඩට යනවා
එයත් දිගටම නයිට් ශිෆ්ට් එක ඉ ල්ලගෙන හොස්පිටල් එකේ

මොනව උනත් ගිහාන් අයියගෙ හිතට වද දෙනවා ඇති උදේශ් එක්ක ඉන්න එක මට කරන අසාදාරනයක් කියලා
ඒ නිසා එයා මට නිතරම ඉන්න තැන ගැන කියනවා...උදේශ්ගෙ ගෙදර යන එන වෙලාව කෝල් කරලා කියනවා
ලැබෙන පොඩි ඉඩේදි බෝඩිම පිරිසිදු කරලා මගේ රෙදි හෝදලා මැදලා කෑමත් උයනවා
එයා පුලුවන් උපරිමෙන් උත්සහ කරේ ...පහුගිය දවස් වල සිද්දවුන දේවල් නිසා එයා වෙනස් වෙලා නෑ කියලා මට ඔප්පුකරලා පෙන්වන්න
ඒත් එයා වචන 100ක් කතාකලොත් එයින් වචන 80ක් ම බබා ගැන උදේශ් ගෙ අම්මා ගැන වීණාවී ගැන
මට ඒවා ඒතරම් උනන්දු සහගත් නොවුනත් අයියට කරන ගෞරවයක් විදියට මම බොරු උනන්දුවක් මවාගෙන කතාව අහගෙන ඉන්නවා

මට හොදටම පෙනුන දෙයක්... වැඩ ගොඩක් වැඩි උනත් ගිහාන් අයියා හිටියෙ හරිම සතුටකින්
ඉස්සර තිබුන බලාපොරොර්තු කඩාවුන කම්මැලි ගති නැතිවෙලා අමුතුම ජවයකින් වැඩ කරන්නේ
වෙනදට වඩා කෙලිලොල් විදියට අදින පලදින අයියා හිටියට වඩා ගොඩක් තරුණයි වගේ මම දැක්කේ
ඉදලා හිටලා මමත් යනවා උදේශ් අයියලගෙ ගෙදර
ගිහාන් අයියා සබෑවෙනසක් කරලා ඒ ගෙදරට
වෙනදට වඩා පිලිවලයි වීණාවි අම්මා බබා ඔක්කොම හිටියට වඩා හොද තත්වයෙ ඉන්නවා..අයියගෙ සාත්තුව හොදයි..එකයි මයෙ හිතේ
ලොකුම වෙනස මම දැක්කේ උදේශ් ගෙන්...එයාගෙ හිතේ තිබුන දුකමුසු සෙවනැලිඅයින්වෙලා මූනත් එක්ක එලියවෙලා... එකපාර අවුරුදු ගානකින් තිරිහන් වෙලා .....මගේ වයසෙම වගෙම පෙනුමක් තිබුනා
වීණාවි අක්කගෙ සෞඛ්‍ය තත්වය දවසින් දවස පිරිහුනා

HatharawaramWhere stories live. Discover now