ep 58

763 118 0
                                    

Ep 58
එපොයින්මන්ට් කියපු ගමන් මගේ මතකෙට ආවේ දොස්තර කෙනෙක් චැනල් කරාද කියලයි
ලගලදි මම දෙක්කෙ නෑ සූකිරි බෙහෙත්වත් බොනවා..පපුවෙ උන්ඩයක් තිබිලා හදවත නවතින්න ගිහිපු මිනිහෙක්..හරිනම් මොනව හරි බෙහෙතක් බොන්න එපැයි..අඩුම ගානෙ එන්ජොග්‍රෑම් එකක් වත් අරන් බලන්න එපැයි
මමත් ආදරෙයි ආදරෙයි කිය කිය බොරුවට ඉන්නවා ..ඇත්තටම එයා ගැන හොයලා බැලුවෙ නෑනෙ
මගෙ ඔලුවත් අවුල් උනා

ඇයි පැටියො පපුවෙ ප්‍රශනයක්ද

ඔවු

මට කලන්තෙවගෙ දැනුනා

ඇයි රිදෙනවද?

මම් එයාගෙ පපුවට අත තියල බැලුවා

ඔවු
දෙන් අපි යන්නේ බෙහෙත් ගන්නද
ඔවු පපුව රිදෙන එක නවත්තන්න යන්නේ
ඔයා පරිස්සම් වෙන්නෙ නෑ නෙ
මොන ඩොක්ටර්ද චැනල් කරේ
ඔයා කියුවට දන්නෙ නෑ
කලින් ප්‍රෙස්ක්‍රිබ්ශන් තියෙනවද ..රිපෝට්ස් ඒසීජී එහෙම
ඔවු ඔය කැබි හෝල් එකේ තියෙන ෆයිල් එකෙ ඔක්කොම තියෙනවා
ඔයා පිටි පස්සේ ශීට් එකේ ඇලවෙලා එන්න මම් ඩ්‍රයිව් කරන්නම්
උදවුවට සමනලීව හරි හින්නව හරි එක්ක යමුද
උනට කරදර කරන්න එපා වැඩ ඇතිනෙ ..අපි දෙන්න යමු
සුකිරි කියපු පාර දිගේ මම ඩ්‍රයිව් කරා ..එය පිටි පස්සේ ශීට් එකේ නිදන් හිටියේ පපුවත් අල්ලගෙන
මම් පිස්සුවෙන් වගේ මට පුලුවන් උපරිමෙන් එලෙවුවා
මම් සැරින් සැරේ පිටිපස්ස බැලුවා
පැටියෝ...ටිකක් අල්ලන් ඉන්න රත්තරන්...ඔයාට මුකුත් වෙන්නෙ නෑ දෙයියන්ගෙ පිහිටෙන් මගෙ මැනික
මම් ආයෙ ඔයාට මාව දාලයන්න දෙන්නෙ නෑ
මග පාර පේන්නෙත් නෑ ඇස් දෙකට එන කදුලු නිසයි
අත් දෙකත් පන නෑ වගේ
අප්‍රාදෙ මට ඩස්පියාව එක්ක එන්න තිබුනෙ වාහනේ ඩ්‍රයිව් කරන්න
මට තිබුනා සූකිරිව අල්ලගෙන යන්න
දෙන් හැරෙන්න වෙලවක් නෑ
කොහොමහරි මගේ කොල්ලට මුකුත් වෙන්න කලින් ගෙනියන්න ඕනෙ
මහත්තයෝ උබ මැරුනාම ලෝකෙ මොනවගේද කියලා මම් එක පාරක් දැකලා තියෙනවා..මට ඒක ආයේ දරාගන්න බෑ...උබ ගියොත් ඒවෙලේම මමත් එනවා..දෙන්නම යමු එකට අපයෙ උනත් කමක් නෑ ....උඅබ ඉන්නවනම් ඒකත් මට දිව්‍යලෝකයක්

මට පිස්සු වගේ මම කියන්නෙ මොනවද කියල මම්වත් දන්නේ නෑ
මට සූකිරි පපුව අල්ලගෙන දගලනව වගේ පේනවා
එයට ගොඩක් වේදනා ඇති
අනෙ මට එයාගෙ වෙදනව ගන්න පුලුවන්නම්..එයගෙ දුර්වල හදවතට ඒ තරම් වේදනක් දරගන්න බැරුව ඇති
මම් කරන්නම දෙයක් නැති කමට ඉතිපිසෝ භගවා ගාතාවත් කියුවා
බය උනාම විතරයිනෙ ගථාමතක් වෙන්නේ..ඒනිසා පේලිත් වැරදුනා..
මම ජිවිතේ මාරම විදියට අසරණවෙනවා වගේ දැනුනේ
සූකිරි කියපු තැනට ඇවිත් වහනේ නැවැත්තුවා
ෆෝන් එකේ ජීපීඑස් එකේ ලොකේශන් එකනම් මෙතැනම තමයි
ඒත් ඒක හොස්පිටල් එකක් නෙමෙයි

HatharawaramWhere stories live. Discover now