ep 23

808 141 14
                                    

Ep 23
ජිවිතේ සුනිල දිය දරක් නෙමයි එක හැල්මට ගලනා
කදු බෑවුම් බාදක මැදින් දියසුලි කලතමින් ගලන සැඩ පහරක් ජීවිතේ
අපි නොහිතපුවෙලාවක ලස්ස්නට ගොඩනැගීගෙන ආපු අපේ ආදරකතාව සී සීකඩ කෑලි කැඩී සුනු විසුනු උනා
මුලින්ම චන්ඩ මාරුතය පහර දුන්නේ ඩස්පියාටයි සමනලීටයි
"මචන් විනෝද් අපේ ආච්චිට අමාරුයි පුලුවන්තරම් ඉක්මනට වරෙන්කෝ"
මුලින්ම අපේ නරක කාලය ආරමභ උනේ එහෙමයි
මම සූකිරිවත් ඇදගෙන ඩස්පියාලගෙ ගෙදර යද්දි හින්නා සමනලී ඇවිත් තිබුනා
ආච්චි පපුවෙ අමාරුවකින් ගෙදරදිම නැතිවෙලා
වටේ ගෙවල් වල නෑයෝ වැඩිහිටියො එකතුවෙලා මලගෙදර වැඩ
අපිටත් ගොඩක් වැඩ කර් උඩ පැටවුනා...ඩස්පියා අපේ එකා නිසා මග අරින්නත් බෑ නේ

ඩස්පියා පවු කියලා හිතෙනවා ගොඩක්
ඌටමයි කියලා ලගින් හිටියේ ආච්චි
ටිකක කට සැරයි ඒත් දානෙට මගුලට පෙරටම ගිහින් ආච්චි වැඩකරා
රටවටේටම කේලමක් පොඩි ගින්නක් දීලා හීන් සතුටක් ලැබුවත්
හතරපෝයට සිල් අරන් බනමඩුවෙ කොනේ සැපපහසුම තැන හොදට නිදාගන්නවා
මොනව උනත් ආච්චි ඩස්පියට තුන් වේල කන්න දුන්නා
උගේ ජිවිතේ කාල කන්නි නොවී බේරුනේ ආච්චිගෙ සැර වැර නිසයි
තොරන් ගොක් සැරසිලි මලගෙදර දැන්වීම් ගැහිලී ඔක්කොම අපි කරේ
තමන් අසරණ උන බව දැනුන නිසාද මන්දා ඩස්පියා වෙනදටත් වඩා ස්මනලීට ලන්වෙලා කටයුතුකරා
බැලු බැල්ල්මට පේනවා උන්දෙන්න කපල් එකක් බව

මළගෙදර රෑට විනෝද කෙලියක් උනා
අපේ පන්තියෙ කෙල්ලෝ ආවා තේ හදන්න
කොල්ලෝ ආවා ඕමි ගහන්න කැරම් ගහන්න දාම් අදින්න
දෙවැනි දවසේ මලගෙදරට වාත කේස් එකක් කඩා පාත් උනා
හින්නගේ මැරිච්ච තාත්තගේ නෑයෝ
දකුණෙ වලියට බර ධීවර ගමකින් සෙට් එක බැස්සේ
අම්මෝ උන් යක්කු වගේ බීලා කෑ ගහනව හෙන ගෝරි
ඒ නඩේ අපේ බවලත් උදවියත් මිනිස්සුන්ට දෙවැනි නෑ
කෙලවල්ලෝ වගේ අලි ගෑනු කලුම කලුයි
කටවල් ටකරන් වගේ සද්දේ

පන්දන් අරගෙන හූ හඩ දීගෙන යාක්කුත් පිටියට ආවාම
හීන් සැරේ අපි පොඩි කොල්ලෝ කුරුට්ටෝ හීන්සැරේ කැපුනා
මසෝන් සමයමේ දිස්ටිය කෙලින්ම යොමූනේ සමනලීට
උන් මුල ඉදලාම සමනලීව දිරවන්නේ නෑ වගේ තමයි හිටියේ
මෙච්චර වෙලා මලගෙදර ප්‍රදාන සන්විදායක වගේ සමනලී හැම වැඩේටම මූලිකත්වය ගත්තා
ඩස්පියා ලැජ්ජයි ඒ වගේම දුකෙන් හිටපු නිසා ස්මනලී ගෙනාපු සුදු ඇදුම ඇදගෙන ආච්චිගෙ මිනිය ගාවින් වාඩිවෙලා ඔහේ බලන් හිටපු එකයි ඌ කරේ
මලගෙදරට එන යන අය පිලිගෙන වාඩිවෙන්න කියලා තේ ඇල්ලිලි ඔක්කොම කරේ සමනලී
ඒත් අර්සෙට් එකේ ගෑනු පිරිමි පොදුවේ සමන්ලීට මුලින් රහසේ විහිලු කරා
පස්සේ එලිපිට අපහාසකරන්න ගත්තා

HatharawaramWhere stories live. Discover now