ep 127

530 91 3
                                    

Ep 127
ඔලුව නවාගෙන පරාජිත ස්වරූපයෙන් ඉන්න
මේ මිනිහගෙ මොලේ ඇතුලෙ නහර වැල්වල සයිලවල ලියාවුන ඔක්කොම දේවල් කියවන්න පුලුවන්නම්
පසු තැවැවීමට අමතරව පහුගිය කාලෙ පුරාවට උනදේවල් ගැන මිනිහා ඇත්තටම් දුක්වෙනවද?
මොන ගැජට් එක හැදුවත් වැඩක් නෑ නව තාක්ශනෙන් බුදු හාමුදුරුවන්ට පුලුවන් වගේ
පරචිත්ත විජානායන නුවන ඒ කියන්නේ අනුගේ සිත් කියවීමේ හැකියාව තිහෙනවනම්
එක අතකින් මම කරෙ වැරදි වැඩක්
බෝල්ට් එයාගෙ කලින් පෙම්වතා එක්ක එයාලගෙ ප්‍රශ්න කතා කරපු තැන අහගෙන හිටපු එක
ඒත් සූකිරි මට කියුවෙ බෝල්ට් තනියෙම දාලාය්න්න එපා
ඒ යකා ශුවර් නෑ....කියලයි
දැන් විනාඩි දහයක් වෙනවා මෙතැනට ඇවිල්ලා
ඒ කොල්ලා ඔලුව ගහන් අඩනවා විතරයි තාම හරියට කතා කලේ නෑ

පොලීසිය්ට ගිහින් ඇප දීලා මිනිහව මේ පාක් එකට ගෙනාවෙ බෝල්ට්ට ටිකක් කතාකරන්න ඕනි කියපු නිසා
කෝක වෙතත් මිනිස්සු යන එන පොලිස් නිලදරියෙකුත් පේන මානෙ වාඩි උනේ මූ මොනවා හරි කරදරයක් කරොත් කෑගහලා උදවු ඉ ල්ලන්නවත් පුලුවන් නිසා
"අයියා මට සමාව දෙන්නෙ නෑ කියලා මම දන්නවා...මම කරපු පවුවල බර හොඩක් වැඩී"
"ඒක ගැන කතා නොකර ඉමුද?....මට ඕනි උබ ඉස්සරහට කරන්නේ මොකද්ද කියල දැනගන්න...මට බෑනෙ උබව නන්නත්තාර වෙනවා බලන් ඉන්න"
"කරන්න දෙයක් නෑ අයියේ ඔහේ ඉන්නවා....එක අතකින් හිරේම හිටියනම් හොදයි මට හවස් වෙනකොට ඒවා නැතුවම බැරි වෙනවා"
"මොනවද ඒවා කියුවෙ"
"කුඩු බන්...කුඩු...ගන්ජා...කොකේන් අයිස් ඔය මොනවා හරි"

"මොකද්ද බන් උබ මේ කරගත්තේ ....ඇයි යකෝ ඕවට ඇබ්බැහි උනේ"
"තිලෝක්කා එක්ක ගල් කොරියෙ ඉද්දි ගොඩයන්න කරමයක් පෙනුනෙ නෑ...ට්‍රයි කරා හොදටම ඒත් ජීවිතේ එක තැනක ඇලිලා වගේ....පස්සේ මම වෙන ගෑනියෙක් එක්ක ඉන්න ගියා....ඒකත් ඒ වගේම තමයි...මම හොයපු ජීවිතේ එතනත් නෑ බන් අයියේ...මගේ ඔලුවෙ හැම වෙලේම වැඩ කරේ උබත් එක්ක මැහෝගනී කැලෑවෙදි හීන දැක්ක ලෝකය ගැන....ඒත් මට ඒ හීනෙට යන්න පාරක් හොයගන්න බැරි උනා....ඒකට වග කියන්න ඕනි තිලෝකා....උබ නැතුව පාලුවෙන් හිටපු දවස් වල එයා මට ලන් වුනා....ඒත් මම එයාට කියුවා මට ඒකලෙම බදින්න ඕනෙ නෑ...කරන්න වැඩ හොඩක් තියෙනවා කියලා....ඒත් එයා ඇහුවෙ නෑ....අපි අතින් නොකරන්න ඕනෙ දේවල් ගොඩක් උනා....පස්සෙ තිලෝකම මට වද දෙනවා...මම එයාගෙ ජීවිතේ බිනාශ කරා..දැන් එයාව බදින්න කියලා.....ඒකයි එයා එක්ක පැනලා ආවේ....ඒත් පැනලා එනවා කියන වචනෙ වගේ ලේසි නෑ...පැනලා ආවාම ගත කරන්න වෙන ජීවිතේ...ඒක අමරු උනා...ඉගන ගෙනත් නෑ...වයසත් නෑ...කවුරුත් රස්සාවල් දෙන්න අකෙමතිත් නෑ...එහේ මෙහේ ඇ ඉදලා අන්තිමේ අපේ ජීවිත ගල් කොරියට සින්න උනා "

HatharawaramWhere stories live. Discover now