ep 92

582 90 0
                                    

Ep 92
අපි කාර් එකට යනකොට අමුත්තො කූඩවල දාලා තියගත්ත මල්ම්පෙති වලිනුත් ආටිෆිශල් ස්නෝ ස්ප්‍රේ බලිනුත් අපිව ආසිරි ගැන්වූවා

අම්මාලා දෙන්නට වැදලා පුන්චි පවිලක් වගේ අපි හෝටලෙන් නික්මිලා ආවා

අපි කෙලින්ම ගියේ අපේ ගෙදර...ඇදුම් ගැලෙවුවා...දූව වොශ් කරා...මට ඕනි උනේ මම ගෙදර බුදුපිලිමෙට උන භාරය ඉශ්ඨ්කරන්න ඒ නිසා අපි තුන්දෙනා වෙන වෙන වැඩ පටන් ගන්න කලින් මල් පූජා කරලා ගාථා කියුවා

ඒකනම් පුදුම දෙයක් මනුෂ්‍යයා මොනතරම් ඉගන ගත්තත් භක්තිය කියන දේ නැති වෙන්නෙ නෑ. ,මම් අදුනන බොට්නි ප්‍රොෆෙසර් මැඩම් කෙනෙක් (උද්භිද විද්‍ය මහාචාර්‍යවරියක් ) ඉන්නවා එයා ලන්කාවෙ ඉන්න් අති විශිශ්ඨ විද්‍යක්නයෙක් අවුරුදු ගානක් බෝගස් ගැන පරීක්ශන කරලා තියෙනවා..ඒවයෙ ලෙඩ ගැන ඕනෙ තටම් බෝගස් කපලා ඇති...කෑලි තලලා යුශ අරගෙන පරීක්ශන කරලා ඇති...ඒත් එතුමිය කියනවා බෝ ගහ ගැන මොන විද්‍යආත්මක දේ දැනගත්තත් පන්සලක බෝධීන්වහසේ නමක් දකිද්දි එයාගෙ හිතට ලොකු භක්තියක් දැන්නෙවා...කලුතර භෝධීන්වහන්සේ ලග වැදලා තමයි එයා ඕනෙම හොද වැඩකට යන්නේ කියලා

අපි තුන්දෙනාම එකට ඉන්නේ ගොඩක් කලකින්නෙ
ඒ නිසා දුව වෙනදටත් වඩා හුරතල් වෙනවා
නිදාගන්න ගිහින් මගේ පපුව උඩ ඉදලා සූකිරිගෙ පපුව උඩට පනිනවා අයේ මගේ ඇගට පනිනවා
මට එයාව නිදිකරවන්නලු උකුලේ තියලා කොට්ටෙකුත් තියලා
ඒ ගමන් සූකිරිට පුන්න සෝමව නිදිකරවන්නලු
සූකිරි බෝනික්කව ටික වෙලාවක් නලවා නලවා ඉදලා
මට රහසින් කතා කරා
"ඒයි අරුන් පාටියක් ලෑස්තිකරලා කතා කරනවා මොකද කරන්නේ"
"අද බෑ ඕයි...මොන පාටිද උදේ ඉදලම නැගිටල ඉදලා මගේ හොද පන ගිහින් ...අනික දුවත් අද අපි එයා එක්ක ඉදී කියලා බලාන් ඉන්නවා""

"දුව ටික වෙලාවකින් නිදාගනී....මහන්සියට බබා දවල් වෙනකන් නිදිය ගන්නවා...අපි ගිහින් දූ නැගිටින්න කලින් එමු...අනෙක ඔයාලගෙ අම්මත් ඉන්නවා බය වෙන්න දෙයක් නෑනෙ"
"මන්දා...මොනව උනත් තාම පොඩ්ඩි නිදි නෑ...අඩ නින්දෙ ඉන්නේ"
"මම ඔයාට ඇදුමක් ලේස්තිකරලා තියන්නම්...ඔයා දුව නිදාගත්තම එන්න මම ...කලින් ගිහින් වැඩේ ඇරේන්ජ් කරන්නම්"
"අනේ මේ වදින්නම් තව සර්ප්‍රයිස් එපා....මට දැන් සර්ප්‍රයිස් නැති දවසක් තමයි සර්ප්‍රයිස් එක"
"හරි හරි ඔ යා එන් නකෝ මම් ...යන්නම්".

HatharawaramWhere stories live. Discover now