ep 113

563 102 10
                                    

Ep 113
""ඇයි අපි පන්සල් යන්නේ....හාමුදුරුවන්ට මොනවත් දෙන්න අමතක උනාද?""
""නෑ...ගිහිල්ලම බලමුකෝ...නීග්‍රෝධ ස්වාමීනිවහන්සේ ගොඩක් උගත් ස්වාමීන්වහන්සේ නමක්...ඒත් අනික් හාමුදුරුවරු වගේ ලොකු කම් කිය කියා යන්නෙ නෑ ...ඒකයි මම උන්වහසේගෙ බණ අහන්න ප්‍රිය""
"අප්පේ...මේක බෞද්ධ වෙච්ච තරමක්...මට බය මාවයි දුවයි තනිකරලා මෙයාගිහින් මහන වෙයිද කියලා"
"බලමු එහෙමත් බැරි නෑ...ඒත් දූ ලොකු වෙලා අපේ වගකීම් වලින් නිදහස් උන කාලෙක...තනියෙම නෙමෙයි ඔයත් එක්කයි යන්නේ"
"නිකන් හිටපන් විකාර කියවන්නේ නැතුව ...අපි දෙන්න එකට හියියොත් පන්සලත් ඉවරයි...මුරගල් වල ඉන්න බහිරවයොත් කුනුහරුප කියලා දුවයි"
"ඒ කියන්නේ අපි නාකි උනත් මේ විදියට වල් යක්කු වගේ ඉදීද?"
"නෑ..එහෙම වෙන එකක් නෑ...කොහොමත් අපි වයසට ගැලපෙන විදියට ප්‍රරිනත වෙන්න ඕනේ...ඒත් දැම්ම්෴ නම් නෙමෙයි "

පන්සලේ උස ගල්පඩිපෙල නැගිද්දි දෙපැත්තෙ තිබුන අරලියා ගස් වල සුදු පාට මල් පිරිලා තිබුනා
මල් සුවදයි සිල් සුවදයි එක්ක පන්සලේ ලොකුනිස්කලන්ක බවක් තිබුනා
අපි ආවේ හවස උනත් වැලි මලුව දැන් අතුගෑව වගේ පිලිවලට ලස්ස්නට තිබුනා
සුවද උස්වද හමන මල් පිරුනු ඇට්ටෙරියා වල් රුකතතන සේපාලිකා සමන්පිච් ගස් පදුරු මැද පොඩි ආවාසයක් තිබුනා
මොනව උනත් මේ පන්සලේ හාමුදුරුවන්ට හොද බොද්ධ දර්ශනයක් වගේම කලාකාමී ඇහැක් තියෙනවා පරිසරය එක්ක බැදුන
දැන් ගොඩක් පන්සල් කොන්ක්‍රීට් වන්නාතර
බොරුවට පිලිම ගොඩ කරලා කිසි පිලිවලක් නෑ...බුදු සසුනේ ඉන්න හාමුදුරුවරු ඔක්කොමයි..රහතන්වහන්සේලාගෙ පවිල්වල ඉන්මයයයි ඔක්කොගෙම පිලිම හදලා
පන්සලට ගියාම ප්‍රයිවට් බස් එකට නැග්ග වගේ
ඒතරම් පිලිම ගොඩක්
අනික වැලි ටිකක් තනකොල ටික්ක පෑගෙන්න නෑ ඔක්කොටම බ්ලොක් ගල් අල්ලලා
හරිම ආටිෆිශල් කිසිම බක්තියක් ඇතිවෙන්නේ නෑ
බිත්ති පුරා පාට ගොඩ ගොඩවල් ගාලා පොඩි පොඩි චිත්‍ර
එකක්වත් ලස්සන නෑ දැක්ක ගමන් එපා වෙනවා
මටනම් පන්ඩලක් කියන්නේ දාගැබයි එක බුදුපිලිමයයි බෝධියයි බනමඩුවයි ආවාසෙයි තියෙන තැනක්
ලොකූ වැලි මලුවක් මල් තනකොල වවපු ලොකු ඉඩක්
මුලු පන්සලම ගස්වලින් වහිලා තියෙන්න ඕනි
මේ පන්සලේ ඒ ඔක්කොම ගානට තිබුනා
සූකිරි මාව ඒක්ක ගෙන ගියේ පන්ඩිත හාමුදුරුවන්ගේ ආවාස ගෙට
අපි යනකොට්ත් හාමුදුරුවෝ පුස්කොල පොතක් කියවනවා
බැදි අකුරු බ්‍රාහ්මීය අක්ශර තියෙන පොතක් කියවනවනම් ස්වාමීන් වහන්සේට ලොකු දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනි
මහත්තරු දෙන්නම වාඩිවෙන්නකෝ
අපිට පොඩි පුටු දෙකක් පෙන්නලා කියාපු හාමුදුරුවො උගුරෙ රැල් බුරුල් කරලා අතින් ලියාපු කොලයක් ගත්තා
"මම දෙන්නගෙම කේන්දර බැලුවා"
හුටා සූකිරියා කොයි වෙලේද මගේ කේන්දරේ ගෙනාවේ..ඒක තියෙන තැනක් මමවත් දන්නේ නෑ...සමහරවිට අම්මගෙන් ඉ ල්ලගෙන එන්න ඇති
"අමුතු කේන්දර දෙකක්...එකක   හතර කේන්දරේ පාලුයි අනෙකේ දරුණු කාල සර්ප යෝගයක් තියෙනවා"
මම දන්න හතර කේන්දරේකුත් නෑ කාල සර්පෙකුත් නෑ
විකාර
හතර කේන්දරේ සීන් එක එදා ගිහාන් අයියත් කියුවා
මම හතර කේන්දරේ ගැන දන්නේ දන්නේ ශිහාන්ගෙ

HatharawaramWhere stories live. Discover now