ep 31

707 128 4
                                    

Ep 31
පන දෙන්නම් කියාගෙන ආපු සමහර උන් අපේ ජීවිතෙන් යන්නේ අන්තිමට අපේ හුස්මත් හිරකරන්
නෑබිලියක් වගේ ජීවිතේ ඇතුලේ කැරකෙන් හාල් ඇටයක් වගේ මම එහෙට මෙහෙට පෙරලිලා පෙරලිලා එපා වෙලා

"ඔන්න මෙච්චර දවසක් කුනු කුනු ගගා හිටියනේ එලියට යන්න ඕනි කියලා...අද හවසට ටිකට කපනවා..කොල්ලගෙ ....ඉතින් සතුටුයිද?"
ගිහාන් අයියා ගෙනාපු ආරන්චිය මට එකපාර ශොක් එකක් උනා.
මොකද මම සූදානම් වෙලා හිටියෙ නෑ කරන්න ඕනි දේවල් ගැන එලියෙදි
තනියෙම ජීවත් වෙන්න පුරුදු නෑවගේ
ගිහාන් ඩොක්ටර්ස්ලා නර්ස්ලා ක්ලීනින් කරන අය හැමෝම මට විශේෂ සැලකිලි දැක්කුවා
කාත්කවුරුත් නැති නිසා ගිහාන් අයියා එක්ක කතා කර කර ඉන්න මම ඇබ්බැහි වෙලා
පොඩි එකෙක් එකපාර අම්මාගේ කුසේ ඉදන් එලියට දාලා උබ තනියෙම ජීවත් වෙයන් කියනවා වගේ වැඩක්නෙ මේක

"මට බෝඩිමට යන්න ඕනි නෑ....අයියෙ....මට එහේ ගියාම මොනව කරන්නද කියලා හිතාගන්න බෑ"

"ඇයි මල්ලි බෝඩිම් ගානේ රස්තියාදු වෙන්න එපා ගෙදර යන්න"

ගෙදර මම මේලෝකෙ අන්තිමට යන්න කැමට්ජි තැන. මගේ මතක සුසානය. පරන දේවල් මතක් වෙලා දුක හිතෙන එක විතරයි වෙන්නේ.

"ඒක හරියන්නේ නෑ අයියේ ...."

"එහෙනම් ජීවිතේ අලුතින් පටන් ගන්න...ඔයා තාම පොඩී...පටන්ගන්න පරක්කු නෑ....මොනව හරි ඉගනගන්න ඒ ගමන් රස්සවකුත් කරන්න....අලුත් යාලුවො හදාගන්න තනියෙම ඉන්න එපා....මම නම් කියන්නේ ගෙදරත් යන්න එහේ අඩුම තරමෙ ඔයාට ආදරේ කරන බල්ලෙක් පූසෙක්වත් ඇතිනේ"

මම මැරිලා ඉපදුනා වගේ තමයි....මගේ හිතත් මැරුනා ඇගත් මැරුනා...පහුගිය සති දෙකට ඇගේ ඇටකටු මතුවෙන තරමට කෙට්ටු උනේ කට්ටුස්සො කාපු බලලෙක් වගේ....කුප්පමේනියා බිවුවොත් හරියයිද දන්නේ නෑ

"අනේ මන්ද අයියේ ...මොනවහරි රස්සාවක් කරන්නත් ලොකු සුදුසු කමකුත් නෑ"

මම කැම්පස් සෙලෙක්ට් වෙලා ඉන්න කතා අයියට කියලා නෑ. එහෙම උනනම් මිනිහා මට බලකරලා කියයි ගෙදර ගිහින් කැමපස් යන්න.

සූකිරි කියපු මිනිහගෙන්නම් කිසිම උදවුවක් ගන්නේ නෑ කියලා මම කලින්ම හිතාගෙන හිටියේ...මට ඕනෙ නෑ කපටි සෙකට්‍රි ගෑනු ඇමතිලගෙ හොර ගෑනු වෙල සැප විදිනව වගේ එයාගෙන් සැප විදින්න...මට ඕනි මගෙම දේකින් ජීවත්වෙන්න....එයා මාත් එක්ක හිටියනම් අපි දෙන්නම මහන්සිවෙලා හම්බකරල ජීවත්වෙන්න.

HatharawaramWhere stories live. Discover now