ep 44

806 126 0
                                    

Ep44
ලන්කාව ලොකුවට තිබිලා
ටිල ටික පැතලි වෙලා
අන්තිමට දිග රේඛාවක් වෙලා
රේඛාවත් කෙටිවෙලා කෙටිවෙලා
පුන්චි තිතක් වෙලා නොපෙනීම ගියා
දැන් මාම් ඉන්නේ මුහුද මැද
අද සූකිරි ඇති මැති ඇමති සිය දහස් ගනන් පිරිවර වට කරන්
ජීවිතේට දැකපු නැති අහපු නැති ගෑනුත් පපුවට අත් ගහ ගහ අඩනවා ඇති විලාප තියන්
ඒත් ඇතටම එයාගෙ පපුවෙ හිටපු මම මුහුද මැද මාලු රැලක් වට කරන්
පැනලා එන්න ලේසී සිරුර අරන්
ඒඑත් පැනල යන්නේ කොහොමද හිත අරන්
මගේ හිත ඔයලගනෙ රත්තරන්

එක දිගටම මූද දිහා බලන් හිටපු නිසාද
ඉවරයක් නැතුව කකුල් දෙකට යටින් බෝට්ටුවෙ ඩෙක් එක හෙලවෙන නිසාද
නැත්තම් සූකිරි ගැන ම්තක් වෙලා ඇතූන මනෝ සන්තාපය නිසාද
බඩ කැරකිලා ඇබරිලා වමනෙ වගේ ගලන්න ගත්තා එලියට
මුලින් ඩස්පිටත් නොකියා කටට ආපු ඇබුල පිත බෝට්ටුවෙන් එලියට තුක් කියලා විසිකරා
හයියෙන් හමන හුලගට ඒවා බෝට්ටුවේ බද දිගේ විසිරිලා ගියා
ඒක දැක්කම අප්පිරියාව වැඩි උනා
ආයෙමත් ඕක් ගාලා පිට කරා
දැන්නම් හන්ගගෙන ඉන්න බැරි තරමට අමරුයි
එලිපිටම හයියෙන් සද්දෙ දදා අත් වැටේ එල්ලිලා වමනෙ දාද්දි
බෝටුවෙම අය පිරුනා මම වටේට
ඩස්පියා මගේ පිට අතගාද්දි මඩුවා දෙහි වීදුරුවක් ගෙනත් දුන්නා
"මචන් උබට සී සික් එක හැදිලා....දවස් කීපයක් යනකන් දිගටම වමනෙ යයි....මොකද කරන්නේ අපි ට්‍රිප් එක න්වත්තලා හරවන් යන්ද?"
"එපා බන් ...මට අමරු නෑ...මොනව උනත් බෝට්ටුව ගොඩ කරන්න එපා..."
"එහෙනම් අපි ටික වෙලාවක් මේ හරියෙ ඇන්කර් කරගෙන ඉමු"
"මඩුවා....කාවා එක්ක ගිහින් දාපන් නැගූරම"
මෝට්ටුවේපැද්දිල්ල ටිකක් අඩු උනා මගෙ වමනෙ ගතියත් නැවතුනා
ඒත් බෝට්ටුව යන්නගත්ත ගමන් මුදු රැලි බෝට්ටු බදේ වදිද්දි ඩග් ඩග් ගගා
ආයෙමත් මගෙ වමනෙ මැශිම ස්ටාට් උනා
මොකක් කෑවත් මොකක් බිවුවත් වමනෙම යනවා දිගටම
කෙට්ටුවෙලා සුදුමැලි වෙලා ඇදේම හිටියා දවස් කීපයක්
ඩස්පියා කැබින් එකේ ස්පේකර් එකෙන් පිරිත් දැම්මා
ඒ දෙක ගැලපෙන්නේ නෑ
මාලු මරන එකයි
පිරිත් අහන එකයින්
අහසට පොලොව වගේ
ඒත් මගේ හිත හරියන්න වෙන්න අති ඌ පිරිත් ඩෙම්මෙ
පිරිත්වල නැලවිලි ස්වරේට මට ටික ටික නින්ද ගියා

HatharawaramWhere stories live. Discover now