ep 49

731 131 1
                                    

Ep 49
හතරවරම් ප්‍රහේලිකාව පුරවන්න ඔනෙ උන
නැතිවෙලා තිබුන අන්තිම ඉගිය
දැන් මම ලග
"ඔහොම ඉන්න ඇයි යන්නේ....දැන් පටන් ගමු...ඇවිත් වාඩිවෙන්න"
හින්නා මාව හරියටම තාම අදුනගෙන නෑවගේ
එයා හිතන් ඇති මම ඇග පාට කරගන්න ආපු මොඩ්ලර් කෙනෙක් කියලා
චේබර් එකේ දොර අරින අගුල කැරකුවත් ඒක පිටින් ලොක් වෙලාද මන්දා
මම හැඩල් එක අල්ලලා ඇද්දා
"ම්ම්ම්ම් ...හරි මිස්ටර් පොඩ්ඩක් ඉන්න මම ඕක අරින්න...අගුල ටිකක් තදයි....වොශ් රූම්වත් යන්නනුවමනා උනාද?"
මම මුකුත් නොකිය දොර දිහාම බලන් හිටියා හිනට පිටි පස්ස හරවගෙනම
"ඔයා ලීඩින් කොස්ටියුම් එකට බොඩි පේන්ට් එක දාන්නනෙ ආවේ...මම දැනන් හිටියෙ ඒක අදින්නේ ගොඩක් සුදු එක්කෙනෙක් කියලයි...මම මගේ කලර් කෝඩ් එක හදාගත්තේ සුදු හමකට හරියන්න...එයාලට වැරදෙන්න ඇති"

"ඔවු මම හිතන්නේ ගොඩක් ලොකු වැරද්දක් වෙලා...ඒනිසා මම ගියොත් හොදයි"
"ටිකක් මේ පැත්ත හැරෙන්න...මට ඔයාව හොදට හුරුපුරුදුයි වගේ දැනෙනවා"
මම හැරුනේ නෑ... දොරේ බිත්තියට ඔලුව තියාගෙන ඇඩුවා විතරයි
මට මම ගැනත් දුක හිතුනා
සූකිරි ගැනත් හින්නා ගැනත් හැමෝම ගැන
මම හින්නා මට අපහාස කරත් බැන්නත් එලෙවුවත් ඕන එකක් ඔලුව පහත් කරන් විදගන්න හිත හදන් හිටියේ
හින්නා මගේ උර හිසෙන් අල්ලා මාව උගේ පැත්තට හරවගත්තා
මම හිටියේ දිගටම බිම බලාගෙන
මට එයාගෙ මූන ආයෙමත් කෙලින් බලන්න ආත්ම ශක්තියක් තිබුනේ නෑ
එයා චිත්‍ර ඇදලාම සිහින් උන එයාගෙ හීනි ඇගිලි වලින් මගේ නිකට උඩට ඉස්සුවා
මම එයාගෙ ඔලුවට උඩින් පේන ඇස් නිලන්කර කරවන කැමරා ෆ්ලෑශ්ලයිට් එක දිහාම බලන් හිටියා
එයා මුකුත් කතා කරේ නෑ
එයාගෙ හුස්ම විතරක් හුමාලෙ පෝච්චියකින් ඇනවා වගේ මගේ බෙල්ලේ වැදෙනවා දැනුනා
අන්ද මිනිහෙක් නොපෙනන් ඇස් වලට වහන්වෙන මූනු අතින්. අල්ල්ලා තේරුම් ගන්නවා වගේ හින්නගේ මගේ කම්මුල් නහය මූනපුරා එයාගෙ ඇගිලි යවනවා
හිනගෙ වැඩිම සන්වේදනා දැන්නේ ඇගිලි තුඩුවලට...
හොද චිත්‍ර කාරයෙක්ගෙ සියුම් ඇගිලි තුඩුවලට ඇස් කන් වලට් වඩා හොදට පරිසරය ඇහෙනවා දැනෙනවා
මගේ නිලන්කාර ඇස්
හිනගෙ මකුලු කකුල් වගේ දිග තෙත ඇගිලි
ටකස් ටකස් ගාලා උගේ නෙරලා ආපු උගුරු ඇටේ ඉහල පහල යන සද්දේ
මේටික විතරයි මට දෙනුන්නේ
"උබ මගේ විනෝද් නේද?,,,,මගේ ඇස් මට බොරු කරත් මගේ ඇගිලි තුඩු මට බොරු කරනෙනෑ...උබ මගේ විනොද්මයි....ලොකූ වටයක් ගහලා ආයෙ අපි එකට හම්බුනා නේද?"
මම ලොකු ඉකියක් එක්ක්ක හින්නව තදම තද කරලා බදාගත්තා
ගැහෙන හිතේ තිබුන දුකයි බයයි ඔකෝම දියවෙලා යන්න කිටි කිටියෙ හිනව බදාගෙන මම ඇඩුවා
මගේ ෆවුන්ඩේශන් පවුඩර් හින්නගේ ඇගපුරා ගෑවෙන්න ඇති
හින්නා කවදත් නිස්සද්දයි
ඌ හිනාවෙනෙත් හිතනැතුලෙන් අඩන්නෙත් හිත ඇතුලෙන් පිටටන්පේන්නේ හරි ටිකයි
පොඩි ගැස්සීමක් එක්ක හින්නා මාව බදන් හිටියා උගේ පොඩි ගැස්සීම ලොකු දුකක් පිටකිරිමක්
මම ඒක පොඩි කාලෙ ඉදලාම දන්නවා
"හින්නා ...දැන් උබ ලොකු මිනිහෙක්"
මම හිනව් උරහිස් වලින් අල්ලලා ඈත් කරලා උගෙ ඇග දිහා හරිඅයටම බැලුවා
"මේක...ඇත්ත එකක්ද බොරු එකක්ද"
මම උගේ උඩු තොල දෙපැත්තෙන් උඩට වක් උන හීනි උඩු රැවුල ඇත් දෙකෙන් කර කවන ගමන් ඇහුවා
"'ඒවා...ඇත්ත...ඒවා...ඒත් මට ...මේක ඇත්තක්ද කියලා පිළිගනත් බෑ උබ මගේ ලග ආයෙමත්"
"මීට කලින් එනවා හොයාගෙන...අයෙ උබේ ඉස්සරහට ඇවිත් උබට කරදර කරන්නේ නෑ කියලා පොරොන්දු උනානෙ...උබගෙ යාලුකම රැක ගන්න බැරි උන එකේ...උබට උන පොරොන්දුවවත් රකින්න උවමනාඋනා"
"මම කියපු ඒවයෙන්...ගොඩක් හිතරිදුනද එදා....මම ටිකක් තරහෙන් කතා කලාවගෙ මතකයි"
"නෑ උබ ඒ වෙලේ කතා කරේ මනුස්සයෙක්ට කතා කරන්න පුලුවන් හොදම විදියට...පනටත් වඩ ආදරේන්කරපු තාත්තෙක් මරාගත්තට පස්සේ...ඊටවඩා හොඩට කතාකරන්න අමාරුයින් කිසිම පුතෙක්ට"
"මම ඒ දව්ස් වල පිස්සු වැටිලා හිටියෙ බන්...මොනව කරකියාගන්නද කියලා තේරුමක් තිබුන්නේ නෑ...මට දුක දරාගන්න පුලුවන් උනත් අම්මයි නනගී කොහොමද ඉවසන් ඉන්න්නේ කියලා හිතනකොටයි මට පිස්සු වැටුනේ....ඒදවස් වල කියවුන වැරදි වචන වලට මට සමාවෙයන්....දැන් මගේ ඒවා කිසිම දෙයක් නෑ...උබව මම පන්න ගත්තට මට පස්සේ හිතුනා උබ මගේ ලග හිටියනම් කියලා අමාරුම කාලෙදි...කාත් කවුරුත් නැතුව අසරන වෙද්දි දරාගන්න අමාරු උනා බන්...අම්මාට කියලා වැඩක් නෑ මගේ හිතේ හියෙනදේවල් එයාට පුලුවන් අඩන්නයි දෙවියන්ට කියනයි විතරයි...එයාගෙ දුර්වල වෙලාතිබුන හාට් එකටායි පපුවටයි තවත් දුක ඉවසන්න පුලුවන් කමක් තිබුනෙ නෑ...නන්ගිට මගේ ප්‍රශ්න තෙරුම් ගන්න ඒ දව්ස් වල ගොඩක් පොඩි වැඩී...එයාට කලේ රෑට බයවෙලා ඇහැ ඇරිලා අඩපු එක තාත්තව වලෙන් නැගිට්ටලා ගෙනත් දෙන්න කියලා"
හිනනත් මම වගේම තනිවෙලා දුක් විදලා...මම පිස්සු විකාරෙන් එහෙමෙහෙ ඇවිදලා ජීවිතේ අවුල් ජාලයක් කරගත්ත කාලෙ උගේ ලගින් හිටියනම් අඩුම ගානෙ ඌටත් සහනයක්
අපි ගමෙන් ගියා බන්
කන්නවත් සල්ලි නැතුව අම්මාගෙ ඇදුමට බෙහෙත් කරන්නෙ කොහොමද බන්
අපි ගේයි ඉඩමයි උගස් කරා
සිනවෙන ඉඩම මට ගොඩදාගන්න බැරි උනා
චිත්‍ර සර් හොයල දීපු කොමියුනිකේශන් එකක වැඩට ගිහින් එතැනම මුඩුක්කු ගේක අපි තුන්දෙනාම හිටියේ
විභාගෙ පාස් කැම්පස් යන්න කියුවත්
මොලේට දැනුම දාගන්නේ කොහොමද බන් බඩට කෑම නැතුව
මම් පාට් ටයිම් ජොබ් කරා දෙකතුනක්ම
දවල් කමියුනිකේශන් එකේ වැඩ කරා
හවස කොත්තු කඩේක පිගන් හේදුවා
ක්ලීනින් සර්විස් එකක ලොකු ඔෆිස් වල ලැට් හේදුව රෑට
පොඩි ඉඩක් ලැබුන දාක චිත්‍රයක් දෙකක් ඇදගත්තා අමාරුවෙන්
කැන්වස් පින්සල් සයම් ගන්න සල්ලි තිබුනෙ නෑ
වේලාක් නොකා වේලක් කාලා ඉතිරිකරපු ඒවයෙන් හිතේ දුක යන්න ඇන්දා චිත්‍ර
පුදුම වැඩේ කියන්නේ හැම චිත්‍රයක්ම අන්තිමට උබ හරි උබට සමබන්ද මොනව හරි මතකයක් ඇදුනා
හිතලා කරපු දෙයක් නෙමෙයි ඒත් උබ ගැන කෑල්ලක් චිත්‍රෙට ඔබනකන් ඒක ඉවරයක් කරන හිතුනෙම නෑ
අම්මාට මුඩුක්කු පරිසරේ හරිගියේම නෑ බන්
කැස්ස එක්ක ලේ යන එක වැඩි උනා
හීතල රෑක එයා අපිව දාලා තාත්තා ලගට ගියා
අම්මාගෙ සිහිය විකල් උනා
එයා නිතරම තාත්තා එක්ක කතා කරන්න පටන් ගත්තා
එයා කරදර කරපු නිසම අපි තාත්තා මතක් වෙන්න මුඩුක්කුව ලග පාලු කනත්තේ අරලිය ගහක් හිටෙවුවා
එයා ගොඩක් වෙලවට කරේ කහැ කැහැ අරලියගහ යටට වෙලා තාත්තා එක්ක කතා කරපු එක
දවසක් හොදටම වහින දවසක
මම ගෙදර හිටියේ නෑ
අම්මා නන්ගිව තනියෙම ගෙදර දාලා
තාත්තා තනියෙම තෙමි තෙමි අරලිය ගහ ලග වැඩ
එයාට උනු කෝපි එක්ක ගෙනියන්න ඕනි කියලා කෝපිත් හදන් ගිහින් තෙමි තෙමි ගහ යට ඉදලා
මම ඇවිත් හොයන් යනකොට
අම්මා ගෙ ශ්‍රීරෙ විතර සීතලවෙලා අරලිඅය ගහයට
එයා තාත්තා එක්ක යන්න ගිහිල්ලා
අනාත පොඩිඑකාවයි මාවයි තනිකරලා ඒ දෙන්නම යන්න ගිහිල්ලා
මට හිනගෙ කතාව පපුව නියනකින හාරනව වගේ
මම නිස්ස්ද මේ ඔක්කොම
මට ම්ගේ කොන්ඩෙ උගුලල දන්න තරම් කේන්තියක් ආවා
මම් හෙයාස්ටයිල් එකට ගල්වෙලා තිබුනු කොන්ඩේ
ඇදගෙන ඇදගෙන ගිඅයා

HatharawaramWhere stories live. Discover now