ep 69

606 115 0
                                    

Ep 69
වාහන එකක් නෙමෙයි පෙලපාලියක්ම අපේ ගෙදරලගට ආවා
මමයි සූකිරී දුවයි අපේ කාර් එකේ නැගලා වාහන පෙලපාලියටම එකතු උනා
අපි පාටියට යනවට වඩා කිට්ටුවුනේ සෙනග පිරිනු උත්සවයක් තියෙන තැනකට

"මොකද්ද ඒයි මේ...ඔයා අපිව එක්කගෙන යන්නේ ඔයාගෙ රැලියකටද?"
ලොකු සුදුපාට අට්ටාලයක් ලග මිනිස්සු පොරකනවා....පන්දාහක් ද දහදාහක්ද මන්දා
ශිට් මට නිකමටවත් නිවුස්වත් බැලුවෙ නෑනෙ මේක මොකද්ද කියලා දැනගන්න
එක පාරටම මොලේට ආවා...අලුතින්ම හදපු මොනරේල් එක ස්ටර්ට් එකරන්නේ ඔරුහොඩවත්තෙන් නේද?
හයි වේ හැදුවයින් පස්සේ ලනකාවේ ටර්නින් පොයින්ට් එක
ඉ ලෙක්ට්‍රික් ට්‍රේන් නෙට් වර්ක් එක් කොළබ් පුරාම යන විදියට මේක ඉදිවෙමින් තිබුනේ
යන යන තැන මහ විශාලෙට කොන්ක්‍රීට් කනු කම්බිවලින් සම්බන්දවෙනවා
මේ ප්‍රජෙක්ට් එක සූකිරිගෙ මිනිස්ට්‍රි එකෙන් කරන බව දන්නවා ..ඒත් ඒකට කොයිතරම් සූකිරි සමබන්දද කියලා මම දැනගෙන හියියෙ නෑ
ඒවගේම ඒකෙන් කොටසක් හදලා ඉවරයි කියන එකත් මම දැනගෙන හිටියේ නෑ

සූකිරි මීට කලින් සෙනග ඉන්න තැන් වලට දුවව එක්කගෙන තිබුනෙ නෑ වැඩිය ...ඒනිසා එයා ටිකක් බය වෙලා වෙලා හිටියේ...මම දුවව උකුලෙතියන් හිටියේ..එයාට හැරිලා යන්න ඕනි කියලත් කියුවා
මීවදේ උඩ මී මැස්සෝ එක පොදියට නලියනවා වගේ මිනිස්සු වේදිකාව ලග පොරකනවා
"හිතුවට වඩා සෙනග ගොඩක් ඉන්නවා ...සුදූ...ඔයා දෝනිත් තියාගෙන මගේ ලගටම වෙලා ඉන්න" සූකිරි බහඉන්න කලින් කියුවා...මට දැනුන විදියට එයත් එකසයිට් වෙලා හිටියෙ බලාපොරොත්තු නොවුන තරම් ලොකු සෙනග ගොඩ දැකලා
සෙනග ගොඩේ අපේ වහනේ නවත්වද්දි..හතර වටේට තියෙන ලවුඩ් ස්පීකර් වලින් ගිගුම් දෙන්න ගත්තා
ඔවු මේ අවස්තාවේ ඒ අසහාය නායකයා අප අතරට සම්ප්‍රාප්තවෙනවා
මේ සන්වර්ධ්හනයේ නියමුවා...ජන හද හදුනන නායකයා
තරුණ ජවය පිරි යොවනයේ සිහුන කුමරයා
අද නොව හෙට දකින අනාගතයේ නායකයා
අපේ හිත රැදි අපේ අගමැති
අනගත අගමැති තුමා මේ අවස්තාවේ වේදිකාවට පැනිනෙනවා

මට ඒ වෙලාවෙ දැනුනේ මොකල් හරි වැරදි දෙයක් සිද්දවේගෙන එනවා
සූකිරි අගමැතිකමට ඉ ල්ලනෙනෙ නෑ කියන එක කවුරුත් දන්නවා
ඇයි ...නිවේදකයා අනාගත අගමැති කියලා කියුවේ
සුකිරි හිටිගමන් එයාගෙ අදහස වෙනස් කලාද?...ඒත් ඇයි ඒ ගැන මට කිසිම දෙයක් කියුවෙ නැත්තේ
අද දවසම මම එයත් එක්ක හිටපු එකේ එයාට ඒක මට කියන්න තිබුනා
මම එකෙන් බැහැලා එන අතරෙ...සූකිරි අනික් පැත්තෙන් බැස්සා
සූකිරි බහිද්දිම මොනිස්සු වාන් කැඩුන ගන්වතුර වගේ අපේ ඇග උඩට කඩාපාත් වෙන්න ගත්තා
අපිට පිටිපසෙන් ආපු රොශානුයි ප්‍රසනයි සූකිරිව කවර් කරගෙන වේදිකාවට ගෙනියනවා
අපි එක්ක ආපු ආමි ට්‍රක් එකටයි පොලිස් ජිප් එකටයි අපිට ලන්වෙන්නත් අමාරුයි සෙනග පොදිය නිසා
මට දැන්නේම මොකක් හරි වැරද්දක් වෙනවා
ආමි එක මෙතැන ආරක්ශව බාරගෙන හිටියනම් මීට වඩා මෙතැන සන්වර කමක් සැලසුන් සහගත බවක් තියෙන්න තිබුනා

HatharawaramWhere stories live. Discover now