ep 32

731 132 5
                                    

Ep 32
කුනටුවකට අහුවෙලා එහේ මෙහේ ගහගෙන ගිහිපු ජීවිතේ ආයෙම ටිකක්
පිලිවලක් වෙනවා කියලා හිතුනා
නිවු නෝමල්....ඒකියනෙනේ නව සාමන්‍ය තත්වය කලින් තිබුනට වඩා වෙනස්
ගිහාන් අයියගේ ඇනෙක්ස් එක සූකිරි මට දීපු ගෙදරට වඩා අහසට පොලොව වගේ
මේක බොහොම පොඩි සාමානය් පුන්චි ඇනෙක්ස් එකක්
මුලු ඇනෙක්ස් එකම පර්චස් 3ක් වත් නැතුව ඇති
ඒත් ගිහාන් අයියා ඒක ලොකුවට පේන විදියට ලස්සනට තියාගෙන තිබුනා
මම ගිහාන් අයියා එක්ක ඉන්නකොට තේරුන පලවෙනි දේනම්
එයා හැමදෙයක්ම හරිම පිලිවලට තක්කෙටම කරන කෙනෙක්
ඒක මන් ලගවත් සූකිරි ලගවත් නොතිබුන කොලිටි එකක්

මුලම දවස් වල මට මේ අනවශ්‍ය පිලිවල මට හුස්ම ගන්නත් බැරි කරා
මම ගත්තොත් ගත්ත දේ ගත්ත තැන
තේ එක බිවුවොත් කෝප්පේ හෝදන්නේ නැතුව පැය ගානක් එකම තැන
නිදාගෙන නැගිටිද්දි ඇදේ රෙද්ද ඇද කොනේ ගුලියක්
කොට්ටේ ඇද යට....මතක් උනොත් හදනවා නැත්තන් රෑට නිදාගන්න කම්ම එහෙමයි
මුල් දවස් වල ගිහාන් අයියා තරහ නොගෙන මම අතපු කරන වැඩ කරලා දෙන ගමන් මට කතා කරලා පෙන්නනවා මම තියපු විදියෙයි එයා තිඅයන විදියෙයි වෙනස
මම ඒතරම් නරක විදියේ ශිෂයෙක් නෙමයි ....ඉක්මනින්ම ගිහාන් අයියා කියලා දීපු දේවල් හිතට අරන් එයා කැමති විදියට පිලිවලට මගේ දේවල් කරන්න මම පෙලබුනා
ගොඩක් වැඩ 50 ට 50 කරන්න අපි දෙන්නා පුරුදු උනා

වැඩ කරන තැනත් පොඩි හෝටලයක් රූම්ස් 60ක් විතර තිබුනේ
හොදට ෆිට් වෙන මගේ වයසෙම කොල්ලො කෙල්ලෝ 8ක් විතරයි ස්ටාෆ් එකේ හිටියේ
ඕනෙම ජොබ් එකක් මුලින්ම පොඩි තැනක කරලා පටන් ගන්න එක තමයි හොද
මොකද අපිට හැම තනතුරකම වැඩ පුරුදුවෙන්න පුලුවන්
එකපාර ලොකුම තැනක වැඩ කරොත් එයා ලා සදාකාලෙටම එක වැඩක් විතරයි අපිට දෙන්නේ
එතකොට අපේ හැකියාවන් දියුනු වෙන්නේ නෑ
මෙතැන මට රෙසෙප්ශ්න් එකේ ඉන්න උනා...කිචන් එකේ වැඩ...රූම් සර්විස්...ගාඩන් ක්ලීනින්
සප්ලයි...අපිට ඕනි බඩු ගේන ඒවා
අවශ්‍ය උනිත් ටොයිලට් ක්ලීනින්   සිකියුරටි  ඉදලා මැනෙජර් වෙනකන් හැම වැඩේම කරන්න වෙනවා
හැබැයි මරාගෙන වැඩ ගන්නෙත් නෑ
වැරදුනා කියලා බනින්නෙත් නෑ
වැරැද්දක් උනොත් හරියට කරන හැටි ආදරෙන් කියලා දීලා උන හානිය අවම කරගන්න හැමෝම එකතුවෙලා එකට වැඩ කරනවා
එක එකාට ඇගිලා දික්කර කර බැන බැන ඉන්නත් ....ඕපදූප කේලම් කියලා අනික් එකා කපන්නත් කාටවත් ඕනි උනේ නෑ

HatharawaramWhere stories live. Discover now