ep 57

750 114 1
                                    

Ep 57
මම අකැමැතිම ජොබ් එක කැමතිම දෙන්නෙක් එක්ක කරනගමන් හිටියෙ
අපේ අම්මට සාරි ගන්න සූකිරී මමයි පිරිවරාගෙන කඩවල් ගානෙ රින්ගන එක
අම්මාට තිබුනෙ ප්‍රශන තුනයි
මේ පාටම වෙන මෝස්තර නැද්ද
මේ මෝස්තරේම වෙන පාට නැද්ද
ඒ දෙකම කනකැස්බෑවා අහස බලනවා වගේ කලාතුරකින් හරිගියත්
තුන්වෙනි ප්‍රශ්නෙන් ගනදෙනුව චක බ්ලාස් වෙලා යනවා
ම්ම්ම් ඔක්කොම හොදයි මේ ගා නෙන් භාගයක් විතර වෙන මේ ජාතියෙම සාරියක් නැද්ද
මේක මහ සක්කරයගෙ කතාවක්නෙ මේ විදියෙම සාරියක් කොහොමද මේකෙ ගානෙන් බාගයක් වෙන්නෙ
"අනේ අම්මේ ...සල්ලි ප්‍රශනයක් නෑ ඕක ගනකෝ" මට නම් කකුල් පන නැතුව හිටියේ ...මේ අපි බලන දහවෙනි සාරිය පහලොස්වෙනි කඩේදි...ඔක්කොම සාරි සීයකට වඩා අපෙ අම්මට අන්දලා බලල ඇති
අම්ම නම් අප්ලවෙනි කඩෙන්ම අපේ අම්මගෙ විකාරෙ තේරුනා...යන යන කඩේ තියෙන මෙන්ස් කලෙක්ශන් එකේ ඇදුම් බල බල හිටියා මටයි සූකිරිටයි හරියන ඒවා
සූකිරිය පෑ අම්ම එක්ක සාරි විචාරයට එකතුවෙලා හිටිය
අන්තිමේ මට සූකිරියටත් සරියක් අරන්දෙන්න තරමටම මල පැනල ඉන්නේ
ඒ මෝඩයා අම්ම පස්සෙන් හරිම උනදුවෙන් යන නිසයි අපේ අම්මා ෆෝම් වෙලා මෙච්චර තෝරන්නේ
"අනේ අම්මෙ අම්මට නම් චෙන්නයි වල පොත්තියාස් එකේ මනිපුරි කලෙක්ශන් එකට එක්කගෙන ගියත් හරියන සාරියක්නම් හොයාගන්න ලැබෙන්නෙ නෑ...ගෙදර තියෙන එකක් ඇදගෙන මගුල් ගෙදර් යන් සාරි එපා"
"ආඅ මෙන්න මෙයැයි කියන එක...මොකෝ මම් හැමදම සාරි ගන එකක්ද?"
"ඒකනෙ දෙයියනෙ මේ කියන්නෙ ගාන ප්‍රශනයක් නෑ පන්ස්දාහක හරි සාරි අරන් යන් යන්න...තෝර තෝර ඉන්නේ රෙද්ද?"
"ආආ උබ මේ කියන්නේ මුන් කියන අස්ප ගනන් ගෙවලා මෝඩයො වගේ සාරි ගන්න කියලද..උබට වැඩිනම් දීපන්. මට මම පරිස්සන් කරලා තියාගන්නනම්...කාගෙ උනත් සල්ලි නෙ නිකන් වියදම් කරන්නේ මොකටද?"
"දන්නවනම් එන්නේ නෑ මලවදේ"
"ආඅ..ආ මොකෝ මේ කිරිපනු ගාය වගේ දගලන්නෙ උබට බැරිනම් පලයන් ගෙදර බස් එකක නැගලා මාම් මේ කොලුව එක්ක මට හරියන සරියක් අරන් වාහනෙන් එන්නන්ම්...මේවගේ බූරුවෙක් මගේ පුතා නොවී අනේ මේ දරුව වගේ හොද පුතෙක් මටත් හියියනම්"
ආඅ දැන් සූකිරිය අම්මගෙ හොද පුතා වෙලා...ඌට ලේසියෙන්ම අපෙ අම්මගෙ බෑන වෙන්න පුලුවන් වගෙ

HatharawaramWhere stories live. Discover now