ep 07

1.4K 235 32
                                    

Episod 07
කොහොමද බන් එහෙම වෙනේ
ඌත් කොල්ලෙක්
මාත් කොල්ලෙක්
ඉතින් ඇයි මට ඌ ගැන කෙල්ලෙක් ගැන හිතෙනවා වගේ කැමැත්තක් ඇතිවෙන්නේ
එහෙම වෙන්න පුලුවන්ද?
ඇයි මට ඌ නිතරම මතක් වෙන්නේ
ඇයි මට තනියම හිනා යන්නේ
ඇයි මට මේ තරම් සතුටු
මට ආදරයක් ඇති වෙලාද?
එතකොට මේකටද ආදරේ කියනේ
එයා මගේ ලග ඉන්මවානම් මේලෝකෙ වෙන කිසි දෙයක් ඕනි නෑ
මම එයාට කිසිම දෙයක් වෙන්න්දෙන්නේ නැතුව බලා ගන්නවා මගේ පනවගේ
මෙහෙම ද ආදරේ දැනෙන්නේ
කවුරුත් නෑනෙ මේක හරියටම අහගන්න
කෙල්ලෙක් ගැන හිතුනනම් අනෙක් කොල්ලන්ගෙන් අහන්න තිබුනා
ඒත් මට දැන් කොල්ලෙක් ගැන මෙහෙම හිතෙනවා කියලා කාටවත් කටක් ඇරලා කියන්නේ කොහොමද
උන් කියයි මම කොලු කාරයෙක් වෙලා කියලා
මට පිස්සු කියලා මගෙන් උන් ඔක්කොම ඈත් වෙයි
අඩුම ගානෙ මගේ හිතේ තියෙන දේවල් සූකිරියටවත් කියාගන්න පුලුවන් උනානන්ම්
අපෝ...ඌත් මාව දාල යයි මට පිස්සු කියලා
මම මගෙන් ම මුලු රෑම නිදි නැතුව මගෙන්ම ප්‍රශ්න අහනවා

පහුවෙනිදා පෞර්ශ සන්වර්ධන වැඩසටහන
ඇටබ ගහ ලගට වෙලා හිටියේ සූකිරි එනකන්
ඇගට හිරවෙන කොලර් නැති සුදු ටී එකක් ගහලා
ඒකේ ප්‍රින්ට් කරලා තිබුනේ මයි හාට් ෆො යූ (මගේ හදවත ඔබටයි)
කලු ඩෙනිමයි දාපු අලුත් මෝස්තරේ සෙරෙප්පු දෙකයි හොදට ගැලපුනා
පපුව හරා දාපු කලු පාට බෑග් එකේ රෑට අදින ඇදුම් වෙන්න ඇති
ලගට එනකොට මත් වැලා ඇදිලා යන ජාතියේ සෙන්ට් සුවදකුත් ආවා
"අම්මෝ මුගේ ලස්සන...අදනම් ...ශුවර් කෙල්ලෙක්ට ලයින් කරන්නනේ ආවේ"
"ම්ම්ම්ම්....ඔවු ...හිත ගිහිපු එක්කෙනෙක් ඉන්නවා ...සමහර විට අද ...ලයින් කරගන්න පුලුවන් වෙයි"""
ඇත්තටම එයාගෙ හිත කෙල්ලෙක්ට ගිහින්ද....මට එකපාර ලොකු දුකක් දැනුනා...මූ කෙල්ලෙක් එක්ක යාලු උනොත් මගේ හොදම යාලුවා වෙන එකක් නෑ....ඊට පස්සේ ඌට කෙල්ලගෙ වැඩ....ඒකි කියන කියන විදියට ඉන්න වෙයි....අපිව ආස්සරේ කරන්න වෙලාවක් නැතිවෙයි
"මොකෝ..නිකන් මූන දික්කරන් ඉන්නේ.....බය වෙන්න එපා මම උබේ සචිනිව දාගන්න යන්නේ නෑ....කොහොමත් උබට කැමති උන කෙල්ලෙක් මට කැමති වෙන්නේ නෑ....මම උබතරම් හැන්ඩි නෑනේ"
"පල පල ගෝතයා....බොරුවට මාව පුම්බන්නේ නැතුව....උබ මට වඩා ලස්ස්නයි කියලා අන්දයෙක්ට උනත් පේනවා"
"මේ...ඒකෙන් වැඩක් නෑ...අද සචිනි ගෙන් අහලා වැඩේ ගොඩ දාමුද....අපිටත් කේක් කෑල්ලක් කන්න ඕනි"
පිස්සු බම්බුවක්නෙ ...මූ කියන්නේ....මම සච්නිට කැමැත්තෙන් හිටියා තමයි...සූකිරි හම්බෙන්න කලින්...දැන් මට සචිනි ගැන මුකුත්ම හිතෙන්නේ නෑ...ශික් කෝමද කියාගන්නේ....මම කැමති සචිනිට නෙමයි...උබට කියලා
"උබට පිස්සු බන්....මට සචිනි ...ගැන දැන් කැමත්තක් නෑ...මම දැන් කැමති වෙන කෙනෙක් ට"
"අඩෝ කියපන්කෝ...කවුද එයා....උබ ඉතිම් සිලෙක්ට් කරානම් චාටර් කෑල්ලක් වෙන්න බෑනේ....කවුද බන් ඒ සුපිරි කෑල්ල"
කෑල්ලක් නෙමයි යකෝ සම්පූර්න එකෙක්ට කැමති....මේ මගේ ඉස්සරහ ඉන්නේ මම කැමති කෙනා....ඒත් කියාගන්නේ කෝමෙයි...ලැජ්ජා නැතුව කටක් ඇරලා
"හරි හරි බන්.....තාම හරියට ශුවර් නෑ...එයා කැමතිද නැද්ද කියලා...කොහොම උනත් ඉතින් මම එයාගෙන් අහනකොට මුලින්ම කියන්නේ උබට තමයි"
"බය නැතුව අහපන් බන්....උබට කිසිම කෙල්ලෙක් අකැමති වෙනේ නෑ...උබේ වලත්ත හිනාවට උන් පිස්සු වැටෙනවා බන්....සිරාවට මම කෙල්ලෙක් උනානම් උබ අහනකන් ඉන්නෙ නෑ...උබව බලෙන් උස්සන් හිහින් මගේ කරගන්නවා"
"සිරාවටමද කියපන් උබ කියුවේ.....ඇත්තටම මට එහෙම කැමත්තක් හිතෙනවද....."
"ඔවු බන් ...උබට තියෙන්නේ පිස්සු හැදෙන ලුක් එකක්....මම ඉස්කෝලෙට ආව දවසෙමයි මට උබව දැකලා...ලස්සනයි කියලා හිතුනේ....මම උබ දිහා සැරින් සැ රේ බලන් ඉන්නවා ...උබට මීටර් උනේ නැද්ද"
"නෑ...මට එහෙම හිතුනෙ නෑ"
"කෝ ...ඉතින් අපි බැලුවා කියලා වැඩක් තියෙද උබ කෙල්ලෙක් නම් ඔන්න මට සෙට් වෙන්න තිබ්බා....මම කෙල්ලෙක් නම් උබට මාව දාගන්න තිබුනා...ඒත්...දැන් වැඩක් නෑ...අපි දෙන්නටම ජුන්ඩො දෙන්නෙක් නෙ ඉන්නේ"
"නෑ එහෙම එකක්"
සූකිරි මොකක් හරි දෙයක් කියන්න හදනකොටම මගේ පාප මිත්‍රයෝ තුන්දෙනා එතැනට කඩා පාත් උනා
"ඌරා...උබ යන්නේ නෑ කියලා බොරු කියලා හොරාම පෞර්ශය වර්දනය කරගන්න යන්න හැදුවේ" දුවගෙන ඇවිත් පිට මැදට දඩෝරියන් කියලා එකක් ගහන ගමන් ඩස්පියා කෑගැහුවා.
"ඔයා එනෙනේ නෑ කියුවනේ....ඒත් අපි ඔයාව එක්කන් එන්න ගෙදරට ගියාම ...නන්ගි කියුවා උදේම ආවා කියලා" හින්නා ඒම කියුවේ ඌට නොකිය ආව එක ගැන හිතේ දුකෙන් වගේ
"අනේ...මේ..කියන්කෝකෳ....මොනාද අප්පා මේ පෞර්ශ වර්දනේ කරනවා කරනවා කියලා කරනේ" සමනලී එයාගෙ සුපුරුදු නැලවිල්ලෙන් ඇස් කරකවලා හැහුවා
"මේකයී...පෞර්ශ වර්දනය කියනේ...මේ දෙක මේහෙම ලොකු කරන එකට...ඔයාගෙ ලොකුයි නේ සුදූ ඒ නිසා ඔයාට ඕනි නැතිවෙයි ...තව වර්දනේ කරන්න" ඩස්පියා සමනලීගෙ..පපුව මැද ඉලිප්පිලා තිබුන ගැටදෙක මිරිකන ගමන් කියුවා
"හොදම නෑ...වල් කොල්ලා...ඒ දෙක ලොකු ඉතින් ඔයා මිරිකලාම තමයි...වෙන කාටවත් දෙන්නේ නෑ නේ මේවා වර්දනය කර්න්න" ගෑනියෙක් ඇද වෙච්ච බ්‍රා එකේ කප් දෙක අතින් අල්ලාලා හදන්වා වගේ සමනලී එයාගෙ ගැටදෙක හොලවන ගමන් කියුවා
"විහිලුවක් නෙ මරේ ...තරහ නෑ නෙ මගේ සුද්දා...ම්ම්ම්," සමනලීගෙ කරවටේ අතදාලා එයාව තුරුල් කරගන්න ගමන් ඩස්පියා කියුවා
"බල පල්ලකෝ මුන්දෙන්නගේ ලවු එක ගෑනී මිනිහයි වගේ නෙ" මම තුරුල් වෙලා ඉන්න මේ දෙන්නවා සූකිරිට පෙන්නුවේ...එයාටත් හිතෙන්න...කොල්ලො දෙන්නෙක්ටත් කපල් එකක් වගේ ආදරෙන් ඉන්න පුලුවන් කියන එක.
"අපි යමුද දැනටම පරක්කුයිනේ" වෙනදා පුරුද්දට හින්නා මගේ බෑග් එක කරෙන් ඇදලා අතට ගන්න ගමන් කියුවා..කෝමත් මගේ බෑග් එක උස්සන් යන එකෙන් හින්නා අමුතුම සතුටක් ලබනවා
අපි යනකොටත් වැඩ සටහන පටන් ගෙන
සර්ලා මිස්ලා නෑ අපේ ඉස්කෝලෙ ඉදලා කැම්පස් ගිය අයියලා සෙට් එකක් තමයි වැඩසටහන කරන්නේ
උදේ නායකත්වය කියන්නේ මොකද්ද.? ටීම් වර්ක් ...කන්ඩායමක් විදියට වැඩ කර්ද්දි කොහොමද වැඩ කරන්න ඕනි වගේ දේවල් කියලා දුන්නා
මම හිටියෙ ඕව අහන්න පුලුවන් මාන්සික තත්වෙක නෙමයි
සැරින් සැරේ සූකිරිගෙ මූන දිහා බලනවා...සුදු රෝසපාට දිග ඇගිලි දිහා බලනවා
කවදාවත් මඩ පොදක් වැදිලා නැති ....ගල් කැටේකටවත් හීරිලා නෑ වගේ තියෙන ලස්සන කකුල් දෙක දිහාබලනවා
උගන්වපු අයියලා මොන මොනාද ප්‍රශ්න වගයක් ඇහුවා
මම මෝඩයා වගේ බලන් හිටියා විතරයි මම අහපු කිසි දේකට උත්තර දුන්නේ නෑ
ඊලගට තිබුනෙ කන්ඩායම් වැඩ හුරුවීම
තුන්දෙනා තුන්දෙනා කන්ඩායම් හැදෙන්න කියුවා
මමයි සූකිරී නම් හිටියෙ එකටමයි
මම බයේ හිටියේ කන්ඩායම් බෙදනකොට අපි දෙන්නා වෙන් වෙලා යාවි කියලා
හොද වෙලාවට අපිට තව කෙනෙක් සෙට් කරග්න්න කියුවා
කොහෙද ඉදලා හින්නා එකතු උනා
නිදන්න එකෙක් ඇවිත් ඇනයක් වෙනවට වඩා හොදයි හින්නා ආපු එක
උගෙන් කිසි වදයක් නැති නිසා අපිට නිදහසේ ඉන්න පුලුවන්
පැය 3කදී වැඩේ ඉවර කරන්න ඕනි
මොනාද අපි කරන්නේ....අවටින් හොයා ගන්න දේවල් වලින් නිර්මාන කරන්න
අපේ ඉස්කොලෙ තිබුන ලස්සන ගස් සන්කෘතිය මම උබලට කලිනුත් කියුවා
අපේ ඉස්කෝලේ අක්කර ගානක් විශාලයි
ඒකෙ පන්ති කාමර තිබුනෙ පොඩි ඉඩක
ඉතිරියෙ ඔක්කොම එක එක ජාතියේ ගස් වවලා තිබුනේ
තමන්ගේ ගහ අවුරුදු 13ක්ම යනකන් තමන්ටමයි අයිති
ගහ බලා ගන්න ඕනි සාත්තු කරන්න ඕනි
හුගක් අයගෙ මේ ගහ එයාලෙගෙම යාලුවෙක් ගෙදර සාමාජිකයෙක්
සමහරු පොඩි කාලෙ ඉදලාම ගහත් එක්ක කතා කරනවා...අපිට එකේ පන්තියෙදිම ඉගන්වනවා ගස් නිස්සද්දව හිටියට ඒවාට කන් තියෙන්වා....අපි වගේම අහගෙන ඉන්නවා....අපේ කන් හොදට පුරුදු කරොත් එයාල කියන දේ ඇහෙන්වා,....ඒනිසා පරිසරයට ආදරය කරන්න සන්වේදී වෙන්න
මගේ අබ ගහ මම වගේ ම ගහටහ් වැඩක් නැති පොලොවටත් වැඩක් නැති ගහක්
මේ අවුරුදු 12 හටම ගෙඩියක් තියා මලක්වත් පිපුනේ නෑ
ඒත් මම ඒ වද ගහට ආදරේකරා...
ඒක අනික් හැම ගහකින්ම කැපිලා පෙනුන උසම ගහ
තිබුනේත් ඉස්කෝලෙ උසම තැන
විසාල අතුවල කොල පිරිලා
මිනිහෙක්ට ලේසියෙන්ම අහ උඩම හැන්ගිලා ඉන්න පුලුවන් කාටවත් නොපෙනී
උඩට නැග්ගාම මුලු ඉස්කෝලෙම විතරක් නෙමයි ගමම පේනවා
ගහ පාමුල ඉදලා කරටිය හරියට යනකන්ම ලස්ස්නට අතු බෙදිලා
ලේසියෙන් ගහ උඩට යන්න පුලුවන් පඩිපෙලක් නගිනවා වගේ
ලොකූ ඇදක් සයිස් එකේ මහත අතු උඩ සැපට නිදියන්න පුලුවන් බිමට වැටෙන්නෙ නැතුව
හැම පැත්තටම මූන දාලා ගස් දෙබල් තිබුනා ඒ නිසා අවුව එන පැත්ත බලලා හෙවන පැත්තෙ වාඩිවෙන්න පුලුවන්
ගෙඩි නැතුවට කමක් නෑ...ලක්ශ ගානක් දීලා ගන්න බැරි සැප පහසු කාමරයක් වගෙයි මට් මගේ ගහ
අනෙක් හොදම දේ මගේ අබගහ තිබුනේ පරන සොහොන් පිට්ටනියක ඉස්කොලෙ කොනේම
නිසා මම ඇරුනාම මේ පැත්තට වෙන අය ආවේ හරිම අඩුවෙන්
ආආආ...මට කියන්න අමතක උනානෙ....මගේ ගහ තාම නොයිදුල්...නිර්මලයි
ඒ කියුවේ අනික් ගස් හැම එකේම කදන් වල හාට් කොටලා
කොල්ලෙක් ගෙයි කෙල්ලෙක් ගෙයි නම් වල මුල් අකුරු කොටලා තියෙන්වා දන ලකුනු දාලා
පී+බී
ඒ+ඩී
මගේ ගහේ තාම කවුරුත් කිසිම දෙයක් කොටලත් නෑ කොටන්න දුන්නෙත් නෑ
එක එක ගහෙන් ඒ ගහ අයිති කාරයගෙ ගතිගුන පේනවා
ස්ටිකර් පිස්සො කදන් වල ස්ටිකර් ගහනවා
හින්නා වගේ අය ගහේ කදේ කැටයම් කොටනවා චිත්‍ර අදිනවා
හින්නට තිබුනේ කොහොම ගහක් හින්නා...මාසෙකට සැරයක් ඒකෙ මොකක් හරි ආට් එකක් දානවා
සමහරු අවුරුද්දට ඇදුම් ගනිද්දී ලස්ස්න ස්කාප් ...ලේන්සු අරන් ගහේ ගැටහනවා ...ඊලග අවුරුද්ද වෙනකන් ඉතින් රෙද්ද පුස් කකා දිය සෙවෙල් බැදි බැදී තියෙන්වා...බෝ ගහේ එල්ලපු කොඩි...පඩුරු වගේ ...ඊලග අලුත් අවුරුද්දට තවත් අලුත් රෙද්දක් ගැට ගනවා
සචිනිට තිබුනේ ඇට්ටේරියා ගහක්
ඒකේ මල් ගොඩක් පිපෙනවා සුවදයි
එයා ගහ වටේ එක එක ට්‍රිප් ගියාම මුදු වෙරලෙන් එකතු කරපු සිප්පි කටු ගල් මල් ...කතරගම ගියාම මැනික් ගග්3න් ගෙනාපු මැදිච්ච ගල් තියලා ඒවා එක එකන්පාටින් පාට කරලා....මටනම් ඒක ගහක් වගේ නෙමයි බලි තොයිලයක් වගේ
ඩස්පියාට තිබුනේ ජමනාරන් ගහක් ඒ කෙත් හැම අත්තකම පරන සීඩී, එයාගෙ අම්මා ර්‍රට ඉදන් එවපු පලතුරු බීම තිබුන ටින් ලස්ස්නට කපලා එල්ලා
හුලන් එනකොට කීස් කීස් ගාලා සද්දෙ එන්න හීනි ඇලුමිනියම් පටි ඔතලා
සමනලී විවිදත්වක් ඇතුවයි එයාගෙ වෙරලු ගහ සැරසුවේ
වෙසක් එකට බකට් වෙසක් කූඩු
නත්තලට කේප් පටි පාට පාට බෝල
ඇසල වලට දලදාව වඩම්මපු ඇත්තුන්ගෙ පින්තූර
පෙබරවාරිවල සුදු පරවියොන් ගෙ රූප් රෝසමල් ඉටි හදවත්
ගොඩක් අය ස්පෝට් මීට් තියෙන් කාලෙට තම තමන්ගෙ නිවාස වල පාටින් තමන්ගේ ගස් සරසනවා
ඒකාලෙටනම් බලන්න ලස්ස්නයි
මම ආස කරපු ගහක් තමයි ලෝච්නාගෙ ලොවි ගහ
වටේට සුදු පාට වැලි අතුරලා රවුමක් විදියට තනකොල වවලා
එයාගෙ තාත්තා කොන්ක්‍රීට් බැඩ කරන නිසා පොඩි මිටි බන්කු දෙකක් කොන්ක්‍රීට් වලින් හදලා තියලා තිබුනා

HatharawaramWhere stories live. Discover now