ep 26

678 132 6
                                    

Ep 26
දිලෙසෙන සිරුරු පොළවට පස් වෙලායතී
ඇතිඋන සියලු දේ දවසක නැසෙනු ඇතී
තිලකුණු නුවණ විමසා සිතතුලට ගතී
නිවනට පිවිස ඉන් සැනසුම ලබනු ඇතී

පොල් ගහක් උඩ මිටි කන්ඩියක් උඩ සීයලා රන්චුවක් මැද්දෙ හැන්ගිලාවගේ මම බලන් හිටියේ
පීරිසියක් උඩ තිබුන කෝප්පෙකට වතුර පිරිලා ඉතිරිලා යනදිහා
ලෝකෙන්ම කොන්වෙලා වගේ හිතට ලොකු තනිකමක් දෙනෙනවා
හින්නා ඉස්කෝලෙට අදින සුදු ඇදුමම ඇදගෙන එයාගෙ තාත්තගෙ මිනීපෙට්ටිය ලගම පැදුරෙ වාඩිවෙලා
හාමුදුරුවො අනිත්‍ය දුක අනාත්ම ගැන පැහැදිලි කරමින්
උපන්නෙක් යම් කෙනෙක් මේ ලෝකේ මරණයක් කොටා ඇත නළලේ
කියන එක ශෝකබරිත හිනටයි මළගෙදරට රොක්වෙලා ඉන්න හැමෝටමයි දුක්වෙන්න එපා කියලා අනුශාසනා කරනවා.
ගෙදර පොඩී ...හරි දුප්පත් ඒත් ...වට පිටාව උතුරලා දෙගොඩතලා යන්න මහා ජන සන්නිපාතයක්
ඒකෙන් පේනවා ජීවිත කාලෙ පුරාවට හිනගේ තාත්තා සල්ලි නෙමයි හම්බකරල තියෙන්නේ මිනිස්සු

තත්තගේ කරපුදේ පුතා නොකරොත් ඌ නොට්ටිගෙ පුතාලු
හින්නා උගේ තාත්තා වගේමයි
සද්ද බද්ද අඩබෙර නෑ හැබැයි ඉස්කෝලෙ හැම එකෙක්ටම මොනවා හරි උදවුවක් කරලා තියෙනවා
අයියලා අක්කලගේ මගුල් පෝරුවේ ඉදලා ආච්චිලා සීයලගේ සොහොන් තොරන් වෙනකන්
ගමේ හැම මගුල් ගෙයක් උලවු ගෙයක් හිම්නගේ සැරසිලිවලින් ලස්ස්න වෙලා තිබුනේ
අඩුම තරමේ ඌ පොඩි එකෙක්ට පාට කරන්න ලස්සන චිත්‍රයක් වත් ඇදලා දීල ඇති
ඒ නිසා ඉස්කෝලෙ දවසකවත් නැති තරම් ළමයි ගුරුවරු ඉන්නගේ තාත්තගේ මලගෙදර පිරිලා හිටියා
විහන්සි, ක්‍රිස්ම්, ගීම්හානි තව කෙල්ලො රෑනක් හින්නගේ අඩන නන්ගිව නලවගන්න ට්‍රයි කරනවා
අපේ පන්තියේ කොල්ලො ඔක්කොම හින්නා වටකරගෙන
හරිනම් මේ වෙනකොට මම හින්න ලගටම වෙලා ඌව අල්ලගෙන බදාගෙන ඉන්න ඕනි

ඕව මල විකාර....හොදයි ඉතින් රෙද්ද උඩදාන් නටන්න දිලිහිලා ඉන්න අම්මන්ඩිලාට කාලෙ කන්න
තොරන් නෙමයි ...ඕව කුරුලු තොරන්....තුරුලු කරන් ඉන්න....ඔය බල්බ් වැලේ මොනව බලන්නද?
ගෙදෙට්ට වෙලා බත් තම්මබ තම්බ ගිලින ගෑනුන්ට පුලුවන් උනාට පොඩිඋන් කියන නෙයියාඩගම් නටන්න ...
ඇගිලි ගෙවෙනකන් ටයිප්‍රයිටර් කොටලා එන මට වෙලාවක් නෑ උබත් එක්ක කෝලන්කරන්න
ආආආ...හාමු මහත්තයා උබ මේ කියන කම්මායි හිටියේ අවුරුදු කුමාරි බලන්න....මොකෝ උබේ ශිෂ්‍යත්වෙට අහනවද අවුරුදු කුමාරිගේ කොන්ඩෙ දිගයි පස්සේ හැඩයි....පොඩි එකා හිටපන් පොඩි එකාවගේ...ඔය විප්පිරියාස පෙන්නුවාම තමයි පොඩි උන්ගේමොලේ අවුල් වෙන්නේ
අවුරුදු උත්සවයක් වෙසක් උත්සවයක් බලන්න අම්මාගෙන් අහපු හැම වෙලේම පොඩි කාලෙ අම්මා මගේ ගමනට උදැල්ල දැම්මේ ඔහොමයි
ගෙදර කවුරුත් නොයන නිසා ...ගමම යන ෆන් ඉවෙන්ට් වලට යන්න විදියක් නැතුව කුනු කුනු ගගා ඉන්න මට ගොඩක් උත්සව වලට යන්න ලැබුනේ හිනයි උන්ගේ තාත්තයි නිසා
මාමා ඇවිත් අපේ අම්මාට වචන දෙක තුනක් දාලා මාවත් එල්ලගෙන යන්නේ හින්නට තනියෙම යන එක පාලු නිසා වෙන්න ඇති
කොහොම උනත් එක්ක ගියාම ...හිනගෙ තාත්තට අපි දෙන්නම එයාගෙ පුතාලා...හින්නට අරන්දෙන බොම්බයි මොටයි...සීනි පොල්කොකු..සීනිදාපු හූනු බිජු...බූන්දි... ලොන්ත පතුරු.....   හැමදේම මටත් අරන්දෙනවා

HatharawaramWhere stories live. Discover now