ep 67

682 109 1
                                    

Ep 67
සෙනග ගොඩෙන් යන්තම් බේරිලා ආපු ගෑනු කෙනෙක් අවුරුදු 10ක විතර ගෑනු දරුවෙකුත් ඇදගෙන අපි ලගට ඇවිත් සූකිරිගේ කකුල්දෙක ලග වැටුනා

අනේ බුදු මහත්තයෝ මට පිටවෙන්න..මම ආවේ හදපාන්ගල ඉදලා...අලි ගහලා අපේ ගේ කැඩුනා ..ඒ බිතිතියට යටවෙලා මගේ මහත්තයයි ලොකු පුතයි මැරුනා...දැන් මේ කෙල්ලයි අවුරුදු 3පොඩි එකයි එක්ක මම ඉන්නේ බස් හෝල්ට් එකක...පුලුවන්නම් අපිට ගෙයක් දීලා පිහිටක් වෙන්න් මහත්තයෝ...බුදුබව අත්වෙයි ඔබතුමාට
සුකිරි දුක හිතෙන මූනක් මවාගෙන ෆයිල් එක අතට අරන් ..අපි කරන්න පුලුවන්දෙයක් කරන්නම් කියලා ආවා
මිනිස්ට්‍රි එකේ ලිෆ්ට් කීපයක් තිබුනත් වැඩ කරන්නේ දෙකයි
එක ලිෆ්ට් එක්ක ලග සේවකයොයි වැඩ කරගන්න ආපු මිනිස්සුයි පොරකනවා
අනික් ලිෆ්ට් එක එනිකම්ම තියෙනවා වී අයි පී කියලා ගහලා
අපි යද්දි මිනිස්සු ඔකෝම හිනාවෙලා උරහිස් නමලා බයෙන් වගේ පැත්තකට උනා
ලිෆ්ට් එකට මමයි සූකිරී ප්‍රසනයි රොශානුයි තව නොදන්න කීප දෙනෙකුයි ගොඩ උනා

පවු මිනිස්සු 1000ක් විතර එක ලිෆ්ට් එකක් පාවිච්චි කරනවා...අපි 6කට එකක් වි අයි පී කියලා වෙන් කරලා
සම්පත් බෙදීයාමේ විශම තාව...ඇමතියා නිතරම මිනිස්ට්‍රි එකේ නැත්තන් යන්නෙත් දවසකට එක පාරනම් අනික් වෙලාවට මේක අනික් මිනිස්සු පාවිච්චි කරාම ඇති වැරද්ද මොකද්ද...මේක ඇමතියගේ තාත්තගෙ බූදලෙන් හදපු එකක් නෙමෙයි..වීඅයිපී ලිෆ්ට් එකත් හ්දලා තියෙන්නේ රටේ අහින්සක දුප්පත් බදු ගෙවන ජනතාවගෙ සල්ලි වලින්මයි..ලබ්බ

සූකිරි ලිෆ්ට් එකේදි ප්‍රසන්නට බනින්න ගත්තා
අයිසේ ප්‍රසන්න හැමදාම කියනවානේ මිනිස්සු ටික ඔය කොහේ හරි තැනක වාඩි කරන්න කියලා
හැමදාම බදාදාට මිනිස්ට්‍රි එකට එද්දි එපාවෙනවා..මුන් ගාල කඩාගත්ත හරක්වගේ වාහන වලට පනිනවා...දවසත් එක්ක මූසල වෙනවනේ
ඔය එන එන එකාගෙ කියන කියන දේවල් පොතක ලියාගෙන ඕකුන් එලවලා දානවා මල වදේ

මේ බලනවකො මේ මොනිස්සු හිතන්නේ අපි ඉන්නේ තනි තනි මිනිහගේ පෞද්ගලික ප්‍රශන විසදන්න කියලයි
මුන්ගෙ ගෙවල් කැඩිච්චයි ..මිනිස්සු මැරිච්චයි බල බල් හිටියොත් කවුද මේ රටේ ජාතික ව්‍යපෘති වල වැඩ බලන්නේ...රට සන්වර්දනය වෙන්න තනි තනි මිනිහගේ ප්‍රශන විසදලා වැඩක් නෑ..රටේ සම්පත් ව්ළින් නියම ප්‍රයෝජන ගන්න් විදියේ ප්‍රොජෙක්ට්ස් ගේන්න ඕනි
සූකිරි අර අහින්සක ගෑනු කෙනා දීපු ෆයිල් එක විසි කරා කොරිඩෝ එකේදි.
මට මාර විදියට දුක හිතුනා..මට අපේ දුව මතක් උනා..ඒ ගෑනු කෙනාගෙ දරුවා හොදට දුක් විදලා කොන්ඩෙ පොල් කොහු වගේ වේලිලා..කලුම කලු වෙලා ගිය මූනෙ මන්දපෝශන ලපත් තිබුනා
මම ෆයිල් එක පෙරලා බැලුවා
ඒකෙ ග්‍රාම සේවක ඒජී ඔෆිස් එකෙන් ගත්ත ලියුම් තිබුනා
පිරිමි කෙනයි පොඩි කොල්ලයි බිත්තියට යටවෙලා මැරිච්ච ෆොටෝ එක්කෞත් තිබුනා
මගේ පපුව හෝස් ගාලා ගියා
පවු ඒ අසරනී කිසාගෝතමී වගේ මැරිච්ච මනුස්සයගෙයි දරුවගෙයි ෆොටෝ ලග තියාගෙන ජීවත්වෙන්න තැනක් හොයනවා

HatharawaramWhere stories live. Discover now