ep 56

735 117 0
                                    

Ep 56
මම හින්න හෙවුවෙ ඉස්කෝලෙ අපි අතරෙ තිබුන සුපුරුදු ලෙන්ගතුකම
මම ලොකුවටම ශොක් උනේ ලෝචනා දැක්කම
දර්ශනගෙන් පාර අහගෙන අපි ගියේ පරන පොල්වත්තෙ තියෙන ගෙදරට...ඒක සදුන් අයියලගෙ මහගෙදර්
කාලයකින් පිරිසකර නොකරපු ගෙදර ඉස්සරහ බිත්තියෙ පාදමේ ඉදලා වහලට යනකන් ලොකු පලල් ඉ රක්..හරියට යෝදයෙක් ඇවිත් ගෙදර දෙකට ඉ රන්න හදනලා වගේ
අවුරුදු 5ක විතර පොඩි එකෙක් හෙලුවෙන් ඉන්න අවුරුදු 3ක විතර පොඩි එකෙක්ව කොලපොතක දාගෙන ඇදගෙන යනවා
බබා ගෙදර කවුද ඉන්නේ
එකපාරට ගෙදරට ආපු ආගන්තුකයො තුන්දෙනා දිහා කට ඇරන් බලන් හිටියා
අම්මා ඉන්නවා ..මඩුවෙ වැස්සි නාවනවා
අම්මට කතා කරනවද
අපෝ බෑ තාත්ත එන්න කලින් වැස්සි නාවලා හවස කිරි මුරේ දොවල තියන්න කියලයි තාත්ත කියලා තියෙන්නෙ...දැන් අම්මා එන්නෙ නෑ කියුවට
පොඩි එකා වයසට වඩා ගොඩක් මොරලා වගෙයි කතා කරෙ
අපි ගිහින් අම්මා හම්බෙන්නද?
යන්න..මෙතැනින් ගියාම මඩුව පේනවා
පොල් අතු දර කෑලි වැටුනු අපිරිසිදු ල්පිලිකන්නේ ලොකු තන කොල පදුරු උඩින් ගොම්බෙටි මග ඇරලා පොල් රුප්පාව මැද පෙනුන අහරක් මඩුව් පැත්තට ගියා

සුදු පුල්ලි වැටිච්ච අයර්ශයර් වර්ගයේ ශ්‍රී ලන්කන් ක්‍රොස් එකක් තියෙන වැස්සියො 3 න්දෙනෙක් පැටවු එක්ක මඩුවෙ ගැට ගහලා හිටියා
මඩුව හෝදන්න ගහපු වතුර නිසා තද කොලපාටට දිය උන ගොමයි ගවමුත්‍රයි දෝරෙ ගලනවා අපි යන පාර දිගෙ"
ලොකු කිරි බුරුල්ලක් තිබුන කලු සුදු වැස්සි ලග ...ලොකු බඩක් තියෙන ගෑනියෙක් අමාරුවෙන් දෙකට නැමිලා වැස්ස්කිගෙ බඩ හරියෙ ගොම පැල්ලම් පොල්ලෙලෙන් උලන ගමන් පොල් කටුවකින් වතුර වක්කරනවා
හලෝ කියන්නද ...කොමද කියලා අහනද... මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව මම් උගුර පෑදුවා
කොන්දත් අල්ලගෙන බඩත් ඉස්සරහට දාගෙන කෙලින් උනේ අපි අදුනන ලෝචන නෙමෙයි
ඇගපුරා ගොම බින්ද් ඉහින ...හෝදලම දිරලා ගිය මල් චීත්තයක් ඇදපු ගවුමට උඩින්නැදපු හරිම දුක්කිත ගැහැනියක්
මුලින් අපිව අදුනගන්න අමාරුයි වගේ බලන් ඉදලා
ආඅ...සූකිරි...විනෝද්....හින්නා
එකපාරට යමක් මතක් උනාවගේ ...හිනා උනත් තවත් ටිකකකින්
තමන් ඉන්න දුක්කිත තත්වය පිලිබදව එයාටම ලැජ්ජා හිතිලා වගේ
මතුවෙලා ආපු හිනා රැල්ල දෙතොලගම නිවිලා ගියා
ආරන්චියක්නම් ආවා ඕගොල්ලො ඇවිත් ඉස්කෝලෙයි පන්සලෙයි වැඩ වගයක් කරැයි කියලා...අනේ ඒ පැත්තෙ එන්න හිටියේ...කොහෙද මේ ඉවරක තිබුනේ නෑනෙ
ලෝචී මචන් හින්නගෙ වෙඩින් එක තියෙනවා උබ එනවා නේද?
මම ඉස්සර අපි කතා කරපු බසාර් භාශාවෙන්ම කතා කරා
එයා ගැස්සුනා
මම වැරදි දෙයක් කියුව වෙගේ
අනේ විනෝද් මට ...ඔයා කතා කරපු විදිය අමතකත් වෙලා ගිහින්...දෙන් මම දරුවො දෙන්නෙක් ඉන්න බඩදරු ගෑනියෙක්නෙ...පොඩි කාලෙ වගේ දැන් සැහැල්ලුවෙන් කතා කරන්න අමරුයි
ඔහො..අනේ සොරි...මම හිතුවෙ පරන විදියමයි කියලා...ගොඩක් දේවල් වෙනස් වෙලානෙ
ඔවු...හැමදේම වගේ ...වෙනස් වෙලා
හොදට පායන කාලෙට වික්ටෝරියා ජලාශෙට යට උන පරන ගම්මාන වල නටබුන් මතුවෙනව වගේ..හිත් උඩට ආපු ඉස්සර මතක නිසා ලෝචනා ...පොඩ්ඩක් කල්පනා සහගත වෙන්න ඇති...
ඒමතකනතරෙ සූකිරිට බැදපු ආදරේ ඇටකටුත් ආයෙ හිතේ ඇනෙන්න ඇති
ඒනිසාම ගොඩක් අසරන බැල්මකින් සූකිරි දිහා ලෝචනා බලන් හිටියා
මට පුදුමයි ඔයාලා දෙන්න තාම එකට ඉන්න එක ගැන...මම් හිතුවෙ ඔයාලා පොඩි කාලෙ විහිලුවට පටන්ගත්ත අමුතු සම්බන්දයක් ඔයාල අතරෙ තියෙන්නෙ කියලයි
අපි තාම එකට ඉන්නවා...පරන දේවල් මතක් කරලා වැඩක් නෑනෙ දැන් ....සූක්කිරි රෝචනගෙ ඇස්වලින් විදින අනුකම්පව අයදින බැල්ම දරාගන්න බැරුව අහක බලගන්න ගමන් කියුවා
අන්තිමේ ඔයාලට හරි ගියා ..මට වැරදුනා...පේනවනේ දෙන් මගෙ හැටි...අතේ තිබුන ගොම මිශ්‍ර වතුර ඇදන් හිටපු රෙහ්ද්දේ පිහිද පිදිද ලෝවී කියුවා
කවුරුත් දුකෙන් ඉන්නවා දකින්න කැමති නැති හින්නා කතාව. එන ඇතකට හැරෙවුවා
මේ හරක් අයර්ශයර් වරෙගේ නේද...මම හිතුවෙ මුන් හැදෙන්නේ හීතල පලාත්වල විතරයි කියලයි
ඕකුන් තුන්දෙනා සදුන්ගෙ තාත්තගෙන් ලැබුනේ ...ඕකුන් හොදම වර්ගෙ නෙමෙයි ඉන්දියාවෙන් ගෙනාපු අරගයක් ...හොදම උන් ඉන්නේ යුරෝපෙලුනේ...මට සදුන්ගෙ තාත්තා මුන් තුන්දෙනාව දුන්නේ....අපේ සදුන් මිනිහෙක් එක්ක ගහගෙන හිරේ හිටපු දව්ස් වල ආදායමක් නැති නිසයි
අපිටත් හීට ජර්සි හරක් දෙන්නෙක් අපේ තාත්තා උන්ට ගෙදර අය වගේමයි සැලකුවේ ...පොඩි කාලෙ අපි කඩෙන් ගේන කිරි බියුවෙම නෑ...අපි ඒ දෙන්නට කියුවේ කිරි අම්මා රතු අම්මා කියලා...හරිම ආදරේ හිතෙනවා...පොඩ්ඩක්වත් සැරනෑ..ගස් බදින්න ඕනෙත් නෑ වත්තෙන් පිට යන්නේ නැති නිසා...කිරිදොවින වෙලාවට පැටවු ඉන්න කූඩුව ලගට එනවා...අපි එයාලගෙ පැටවු ලොකු උනාම දුන්නේ නිකන්...ආදරෙන් හදාගන්න අයට
ඒත් මට උන් දෙන්නාට උන දේ ගැන හරිම දුකයි....අපේ තාත්තා නැති උනාට පස්සේ අපිගමෙන් යන නිසා දොරලුගෙදර සූටින් මාමා ට දුන්නා එයාලව බලාගන්න...ඒත් මිනිහා අපිට බොරු කියුවා අපේ කිරි අම්මලා දෙන්නා හරක් හොරු අරන් ගියා කියලා...පස්සෙ අපි දැනගත්තේ ...ඒ තිරිසනා උවමනාවෙන්ම උන්ව මස් කඩේට විකුනලා...
අතීත්මතකය හිනගෙ ඇස් වලට කදුලක් එක්කරා...මටත් හිතට ලොකු දුකක් ආවා ...මමත් මුල් වෙලා හින්නගෙ තාත්තා මරාගත්තා...ඒකෙන් එයාගෙ මුලු පවුලටම මොනතරම් කටුක අත්දැකීම වලට මුහුන දෙන්න උනාද?
අනේ මෙයාලගෙ ලස්සන කුක්කු මම ආසයි කිරි දොවින්න...ස්මනලී පගත්වෙලා රබර් අත් මේස් එකක් හුලන් ගහලා පිම්බුවාම වගේ පේන වැස්සිගෙ කිරි බුරුල්ල අල්ලන්න හැදුවා
අනේ ...සමනලී අත හෝදන්නෙ නැතුව අල්ලන්න එපා ..සත්තුන්ට කිරි උන හැදෙනවා

HatharawaramWhere stories live. Discover now