ep 103

474 98 4
                                    

Ep 103
"මට ඔය එක්ක ටිකක් කත කරන්න පුලුවන්ද?"
මම හිටියේ ටෝස්ට් කරපු පාන් පෙත්තක ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු මේපල් සිරප් වගයක් ගානගමන් උදේ කෑම් මේසේ
"මගෙත් එක්ක කතා කරන්න එපොයින්මන්ට ඕනෙ නෑ ...ම්ම ඔයාවගේ ලොකු මිනිහෙක් නෙමෙයි නේ"
ඊයේ කටපලා බීලා වැඩිපුර නිදාගෙන ඉදලා කබ කඩ කඩ ඇවිත් මේසෙ උඩ තිබුන බැලැක් කරන්ට් ජග් එක එහෙම්මම කටට හලාගන්න ගමන් කියුවා
"ඕක ඉවර කරානම් තව එකක් හදාගෙන ඇවිත් තියන්න...ඕකෙ තිබුනෙ මටායි දූටයි ඇතිවෙන්න විතරයි...තනියෙම ගිහින් රෑ එලිවෙනකන් බීලා නිදාගත්තවුන් නැගිටිනකන් බැලැක්කරන්ට් වක්කාරගෙන් බලාගෙන ඉන්න ගොබ්බ වාහෙලා මෙතැන නෑ"
"තාත්තී වාහේ කියන්නේ මොකෙද්ද ...ඒ ඉගිල්ලෙන සතෙක් ද " හුටා මට මූ විකාර කරනකොට දූ ඉන්නබවත් අමතක වෙනවා

"බබා ඒක වැඩක් නැති වචනයක් මට වැරදිලා කියවුනේ වහේ නෙමෙයි වාහනේ...ඔවු මම කියන්න හදුවේ වාහනේ...මගෙ දූ බෑග් එක ගන්න...දැන් අපි යන්න ඕනිනේ" මම සිද්ද උන වැරද්ද හදගන්න හදද්දි සූක්කිරිට යන්න ආපු හිනාව යන්තන් නවත්ත ගන්නවා ...මම රවල බලන් හිටිය ඇස් කොනෙන්දැක්කා
"මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා"
"ඔයා විතරක් නෙමෙයි බිසී අය ඉන්නේ ...මටත් වැඩ ලොට් එකක් තියෙනවා ...අන්තිම තප්පරයත් වටිනවා"
"දන්නවා දන්නවා සුද්දෝ ඔයා...වැඩ ගොඩක් කරනවා...මම කතා කරේ උදවුවක් ඉ ල්ලන්න"
""හහ හ්හා ...මුලු රටම අගමැතිගෙන් උදවු ඉ ල්ලද්දි...අග මැති මගෙන් උදවු ඉ ල්ලනවා"
"ඔවු මට උදවූ ඉ ල්ලන්න ඉන්නෙ ඔයා විතරයි....ඔයාට පුලුවන්ද මගේ ලේඛම් වෙන්න...මගේ වැඩ ඔක්කොම ඔයා බලාගන්න ඕනි...කොටින්ම මම සම්පූර්නයෙන් ඔයා කියන විදියට වැඩ කරන්නේ""
"නො තෑන්ක්ස් මිස්ටර් හස්බන්ඩ්...අයි හෑවු මෙනි අඩ්නර් කමිට්මන්ට්...ඔයා වෙන කෙනෙක් හොයාගන්න"

"ඔයාට ඕනෙම මම ඔයාලග වැද වැටලා ඉ ල්ලනද්? ඇයි මේතරම් ඩිමාන්ඩ් කරන්නේ"
"වැද වැටිලා නෙමෙයි බඩගාගෙන ඇවිත් ඉ ල්ලුවත් බෑ නම්බෑම තමයි..ආයේ එකේ දෙකක් නැ මගේ...මට මගේම් කියලා කැරියර් එකක් ඩිවලොප් කරගන්න ඕනි...අනික මම කූඩැල්ලෙක් නෙමෙයි ඔයාගෙ ඇගේ එල්ලිලා ඉන්න....ඒවගේම ඔහා මෙ අවුරුදු 5 හොදට නටලා ඉවරවෙලා පැරදිලා ගෙදර එනකොග දෙන්නගෙන් එකෙක් වත් හොදට හම්බ කරන කෙනෙක් ඉන්න එපැයි...ඔයාට ලොකු උනාට ඔය අගමැති පට්ටන් තාවකලිකයි ..හැමදාම් මිනිස්සු අන්දගෙන ඉන්න බෑ...එයාලට තමුසෙලා කරන බලු වැඩ තේරුන දාට පුකට පයින් ගහලා එලවනේ...ගෙදර එකෙක් හරි හමන් රස්සාවක් කරන්න ඕනෙනේ....ඒ නිසා මේ විදියට මම මගේ දුප්පත් රස්සාව දුයුණුකරගන්නම්...ඔයාගෙ මගුල් වලට මාව අල්ලගන්න එපා""
"ඔයාගෙ කැමැත්තක් මට ඔයාට බල පෑම් කරන්න බෑ....මට ඕනි උනේ ඔයාට ටිකක් දෙශපලනේ පුරුදු කරලා ලබන ඡන්දෙදි හරි ඊලග පාර හරි අගමැති කරලා මම ඔයා ලග වැඩක් කරන් පැත්තකට වෙලා ඉන්නම්...එතකොට ඔයානේ බැබලෙන්නේ....මම ඔයා දිලිසෙනවා බලාගෙන පැත්තක ඉදල සතුටුවෙන්නම්"

HatharawaramWhere stories live. Discover now