ep 75

653 110 5
                                    

Ep 75
කාරෙකේ හෝන් සද්දේ නැතුව ගියා
කවුද ආවේ
සූකිරි කොයිවෙලවකවත් දේශපාලන ජීවිතෙයි පෞද්ගලික ජීවිතෙයි පටලවා ගන්නේ නෑ
මොනතරම් ආධාර කාරයො හිටියත් මැති ඇමති යාලුවො හිටියත් එයාලා ගෙදර ලගටවත් ගෙන්න ගන්නෙ නෑ
ගෙදර උත්සවේකට උනත් අපේ ලගම නෑයෝ යාලුවොන්ට ආරධනා ආරනවා විතරයි කිසිම් දෙශපාලනයට සම්බන්ද කෙනෙක්ට කතා කරන්නෙ නෑ
ඒ නිසා කාර් එකේ ආවෙ සූකිරිගෙ දේශපාන හිතවතෙක් වෙන්න බෑ
මම් පහලට යන්න ඕනි නිසා...ඇදුම් කබඩ් එකෙන් ශර්ට් එකක් අරගෙන අදින ගමන් කල්පනා කරා
චූටු දූ බය වෙලා වගේ කාමරේට දුවගෙන ඇවිත් මගේ අතට පැන්නා
මොකද සුදු බේබෙ උනේ..ඇයි මගෙ පුතා බය වෙල වගේ
මගේ බෙල්ල බදාගෙන ඉන්න පොඩ්ඩිගෙන් ඇහුවා
නෝටි අම්මි අවිත් ..දෝනිගෙ අප්පචිට බනිනවා
ටක්ස් ටකස් ගාලා අඩි උස සපත්තු දෙකක් ගැනයිට් පොලොවෙ එහේ මෙහේ යන සද්දේ ඇහෙනවා
ටිකක් වෙරි උන උච්ච ස්වරයෙන් කතා කරන ගෑනු කට හඩකුත් ...අමාරුවෙන් තරහ පාලනය කරගෙන පුලුවන් තරම් හොදට කතා කරන්න උත්සහ කරද්දි සූකිරිගෙන් එන වොයිස් එකත් පහලින් ඇහුනා
මේක නිර්වාණිගෙයි සූකිරිගෙයි ප්‍රශනයක් වගේ
මම ගිහින් ඕකට අතදාන එක හරි දෙයක්ද
පහලට යනවද?...උඩට වෙලා ඉන්නවද?
මට මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරි උනා
ඒත් සූකිරිට මොනම හරි විදියකින් මගේ උදවුවක් ඕනිද දන්නෙ නෑ...ඒනිසා පහලට ගිහින් බලන එක හොදයි

බබා අපි යන්ද පහලට....අප්පච්චි බලන් ඉන්නවද දන්නෙ නෑ නෙ අපි පහලට එයි කියලා

"බෑ තාත්ති බෑ...නෝටි මමී....නෝටි අයියත් එක්කගෙන ඇවිත්...එයා දෝනිට ගහනවා"

"ආඅ එයාලා කොහොමද මගේ දෝනිට ගහන්නේ....අනික මගෙ පුතා සුපර් ගාර්ල්නේ...සුපර්ගර්ල් කාටවත් බය නෑ...අපි හැන්ගිලා හිටියොත් එයාලා හිතයි අපි බයට හැන්ගුනා කියලා...යන් සුදූ"

මම දෝනිව වඩාගෙන පහලට ගියා...පඩියක් පඩියක් බහිම ගානේ දෝනි බය වෙලා මගේ බෙල්ල බදාගෙන ඔලුව හන්ගගන්නවා...පොඩි එකා බයනම් එයාව එක්කයන එක්ත් හරි නෑ...ඒත් මට ඕනි එයා කාටවත් බය නැති කෙනෙක් කරන්න...බය වෙන දේවල් වලට එයා මූන දීලා එයාගෙ බය නැති කරගන්න ඕනි....කාටවත් යටත් වෙලා ඉන්න කෙල්ලෙක් හදන්න මට ඕනි උනේ නෑ
නිර්වානි තනිකලු ගවුමක් ඇදලා...ගවුමක් කියුවට ඒක නිකම්ම උඩිනුයි යටිනුයි පලාපු කොට්ටයක්
තන්දෙකට උඩිනුයි...යාන්තන් තට්ටම් වලට පහලිනුයි ඔක්කොම එලියේ...හරියට බැන්කොක් වල ගනිකාවක් වගේ
සූකිරි ගෙ මූනට ඇගිල්ල දික්කර කර මොනවද කියනවා
සූකිරි තාම ඒ ගෑනි කිය්න එක අහගෙන ඉන්නවා විතරයි
අවුරුදු 8ක 9ක් විතර ඇට්ටර පාට කොල්ලෙක් ෆෝන් එක්ක් ඔබ ඔබ ඉන්නවා
අපි පහල පඩියට බැස්සා විතරයි ගෑනි මගේ පැත්තට හැරිලා මගෙයි දුවගෙයි පැත්ත්ට ආවා ඒ ගෑනි අමු යකෙක් ස්ට්‍රේට් කරපු කොන්ඩෙත් විසිරිලා..ඇස් වල ගාපු මස්කාරා...මූනෙ ගාපු මේකප් කදුලුවලටයි දාඩියටෛ හේදිලා
දුව මගේ යනට කරලා කියනා
"අපි යන් තාත්ත්ක්ක් අපි යන් කෝ..අපි උඩට දුවමූ"
මම දෝනිගේ පිටට තට්ටෞ කර කර එයාව සන්සුන් ඔඅරන්න හැදුවා

HatharawaramWhere stories live. Discover now