ep 52

1K 129 9
                                    

Ep 52

ගමේ යනවා කියලා කියුවහම ආපු සතුටට
ආයෙමත් වෙලාවක් උද්දි පොඩි වික්ශිප්ත ගතියක් හිතට ගෙනාවා
අවුරුදු 6කට පස්සේ
මම දාලා ආපු පරන ගමම ඉතුරු වෙලා තියෙයිද?
මගේ අබ ගහ
අපි හිටපු පන්ති
මල් පිපුන අරලිය ගහ
හැමදේම වෙනස් වෙලා ඇති
මම ඒ වෙනසට බයයි
වෙනස් උන ගම දැකලා මගේ හිතේ තිබුන ගමට හානියක් වෙයි කියලා මට බයයි
සූකිරි අපේ ලෑන්ඩ් කෲසර් එක ඩ්‍රයිවු කරන්නේ
ඩස්පියා එක්ක තරගෙට
ඩස්පියා යන ලෑන්ඩ් රෝවර් එක ස්මනලී අරන්දුන්නේ ගිය ස්තියෙ
ඌ ඒක පදින්නෙත් මූදෙ බෝට්ටුව පදිනවා වගේ
සිග් සැග් හැඩේට පාර පුරා
නවත්තපන් බන් ඕක ...අරූ අර පදින විදියට ....කොහේ හරි හැපුනොත් කෑලි එකතු කරන වෙන්නෙ අපිට"
සූකිරි හෝන් ගහලා ඩස්පියාව කුලප්පු කරන නිසා මම සූකිරිගෙ උරහිසට පාරක් ගැහුවා
"නෑ...ඌ දක්ශයා...ඌට වෙහිකල් එක කන්ට්‍රොල් ඔය බොරු කරන්නේ සමනලීව බය කරන වෙන්න ඇති"
ශුවර් එකට වාහනේ ඇතුලේ එස්මොරෙල්ඩා හාමිනේ ප්‍රන්ශ සටන් අමතක කරලා අමු තිත්ත කුනු හරුපෙන්න්ඩස්පියට බනිනව ඇති
ලබන මාසේ සමනලී ඩස්පියයි ප්‍රන්ශෙ යනවා
අපිට වගේ නෙමෙයි සමනලිගෙ කනෙක්ශන් වලින් ලොකු ලොකු ඔරශන් අහන්නේ නැතුව වීස එක ලැබුනා කිකිලි බිත්තරේ දැම්මා වගේ ලේසියෙන්ම
උන් දෙන්නාට පොඩි ප්ලෑනක් තියෙනවා මයෙ හිතේ
වෝටර් ස්පෝට් කල්බ් එකක් පටන්ගන්න මුහුදු වෙරලක් අයිනේ
ඩස්පියා මුහුදෙම හිටපු නිසා ඌට ඒක පුලුවන් ඇති
පටන්ගත්තම කවිඅයයි මඩුවයිත් එක්ක යනවලු වැඩට
සමනලී දැනටම ජොඉන්ට් ඉන්වෙස්ට්මන්ට් වලට ප්‍රන්ශ පෝසත්තු කිපදෙනෙක් එක්ක කතාකරලා
ඇග්‍රිමන්ට් ගහන්න ඉන්නේ
සූකිරිටත් එවගේ දුර දිග බලපු ප්ලෑන් එකක් තියෙනවනම් හොදයි
උගේ හැමදේම හොර වගේ ඔලුව ඇතුලෙ තියෙන්නේ
ඒක බිදලා තමයි බලන්න වෙන්නේ මොනවද කරන්න ඉනේ කියලා
"ලබන මාසේ සමනලී ඩස්පියයි ප්‍රන්ශෙ යනවා
අපිට වගේ නෙමෙයි සමනලිගෙ කනෙක්ශන් වලින් ලොකු ලොකු ඔරශන් අහන්නේ නැතුව වීස එක ලැබුනා කිකිලි බිත්තරේ දැම්මා වගේ ලේසියෙන්ම
උන් දෙන්නාට පොඩි ප්ලෑනක් තියෙනවා මයෙ හිතේ
වෝටර් ස්පෝට් කල්බ් එකක් පටන්ගන්න මුහුදු වෙරලක් අයිනේ
ඩස්පියා මුහුදෙම හිටපු නිසා ඌට ඒක පුලුවන් ඇති
පටන්ගත්තම කවිඅයයි මඩුවයිත් එක්ක යනවලු වැඩට
සමනලී දැනටම ජොඉන්ට් ඉන්වෙස්ට්මන්ට් වලට ප්‍රන්ශ පෝසත්තු කිපදෙනෙක් එක්ක කතාකරලා
ඇග්‍රිමන්ට් ගහන්න ඉන්නේ
සූකිරිටත් එවගේ දුර දිග බලපු ප්ලෑන් එකක් තියෙනවනම් හොදයි
උගේ හැමදේම හොර වගේ ඔලුව ඇතුලෙ තියෙන්නේ
ඒක බිදලා තමයි බලන්න වෙන්නේ මොනවද කරන්න ඉනේ කියලා බූරුවො ගත්ත කජු ටික තනියෙම ...කාලා ඉවර කරන්නේ....ගන්නවා මේ වාහනේ මම යන්නම් ...කජු කකා"
මම කජු අහුරක් අරන් කලුපාට සන්ග්ලාස් දෙකට යටින් තිබුන එයාගෙ රෝස පාට කටට යටින් දැම්මා
"කජු කනවනම් කජු කාපන්...මගෙ ඇගිලි හපන්නේ නැතුව"
"කජු වලට වැඩිය දැන්නේ ඔයාගෙ ඇගිලිවල රහ"
"වාහනේ යනකොට ...මෝල් වෙන ඒවා කියන්න එපා...පාරේ මිනිස්සු යනවා"
"හරි සර්...රෙස්පෙක් ස්'....සර් කියන විදියක් තමයි"
"ඒක නෙමෙයි අයිසේ...කොයිවෙලේක හරි තමුසෙගෙ ...නරි රැල ඇවිත් තමුසෙව ආරක්ශාකරන්න්q කියාගෙන උස්සන් යයිද දන්නේ නෑ"
"ඇයි බයයිද?.... මාව වෙන කවුරු හරි උස්සයි කියලා"
"උස්සන්න එනවනම් දීලා දානවා නිකන් හරි....මේ ඇත්තටම අපි ඔක්කොම ප්ලෑන් කරලා...ඉවරවුනාට පස්සේ ...ඔයාව එක්කගෙන යන්න එයිද දන්නේ නෑ"
"බය වෙන්න එපා බබා එහෙම වෙන්නේ නෑ.. දිගටම මම ඔයාගෙම තමයි...ටිකක් විතර මිනිස්සු ලගට යද්දි සන්ග්ලාස් දෙකයි බොරු රැවුලයි දාගෙන යන්න වෙයි....එච්චරයි"
"අරූ මොකද බන් පාර මෙද්දෙ හිටවගෙන ...හෝන් ගහන්නේ...ඇතුලෙ එකෙක් මැරිලවද්ද?"
ඩස්පියගෙ වාහනේට පිටිපස්සෙන් අපි නැවැත්තුවාම හින්නා වාහනෙන් පැනලා අපි දිහාට දව්ගෙන ඇවිත් පිටිපස්සේ ශීට් එකට නැග්ගා
"බෑ බන් අර පක්කු දෙන්න එක්ක යන්න...උන් පිස්සු කෙලිනවා...තව පොඩ්ඩෙන් මට වමනෙත් යනවා ඒ ගස්සන ගැස්සිල්ලට...අරූට අරන්දෙන්න තිබුනේ රෝද හයිකරපු නැවක් ..."
අපි දෙන්නා හිනාවෙවී හින්නා දිහා බැලුවා
මම් කජු පැකට් එක ඌට දික්කරා
හිතට පොඩ්ඩක් හරි නෑ වගේ ගතියක් දැනුනා
මට ඕනෙ උනේ සූකිරි එක්ක තනිවෙලා ගොඩක් දුර යන්න...හැම තප්පරේම මම විදිමින් හිටියේ
සූකිරිනම් වෙනසක් නොපෙන්වා දිගටම කියවගෙන ගියා
මට ෆ්‍රොන්ට් මිරර් එකෙන් පේනව හින්න බලන් ඉන්නේ මම දිහා
මම ශටර් එකට ඔලුව ඔබාගෙන ඈත බලන් හිටියා
"උබ දන්නවද බන් පෝරුව උඩ මොකද කරන්න ඕනෙ කියලා"
අපිනතරෙ හිරිහැරකාරී නිහඩබවක් වර්දනය වෙන එක හිතට වදයක් නිසා වෙන්න ඇති සූකිරි කතාවට් සුදුසු මාතෘකාවක් ඇර්හලා ගත්තා
"පෝරුව උඩ වෙන්න ඕන දේවල් නම් දන්නේ නෑ ...ඇද උඩ වෙන්න ඕනෙ දේවල් නම් දන්නවා"
මූඩ් ගහලා හිටපු මටත් එක පාරට හිනාගියා
"ඔක්කොම මිනිස්සු බලන් ඉද්දි ...උබට බෑ නෙ පෝරුව උඩ ඒක කරන්න...කොහොමත් ඔය මාල හත පැටලුනොත් ..උබ ඉදී පබගාලෙ පැටලුනු නරියාවගේ"
මම හිනාවෙවී කියුවා
"අවුලක් නෑ ...ඒක ගැන වැඩිය හිතන්න එපා...ඔක්කොම ටික හොටෙල් පැකේජ් එකේ තියෙන්වා...කොහොමත් අපෙ අම්මා එනවනේ...එයා උබලා දෙන්නව හොදට පෝරුව උඩ රැග් කරයි"
මම නොරිස්සුම් සිතුවොලි අතුගාලා දාලා හිනාවෙවී කියුවා
"විනෝ තව කජු ටිකක් දාපන්කෝ කටට " සූකිරි උගේ පල්ල උල් දිව මාව ලෙවකන්න වගේ දික්කරනගම්න් කියුවා
මම හින්නගේ කජු බෑගෙ එක ගන්න පිටිපස්ස්ට අත දික්කරාම හින්නා මගේ අතින් තදින් අල්ලාලා කජු දෙම්මා
"ආආඅ...ගස් බල්ලා....උබ බදින්න නේ යන්නේ...දැන් කොල්ලොන්ගෙ අත්වලින් අල්ලන්න බෑ හරිද?"
කරන්ට් එකක් වැදුනා වගේ ගැස්සුන හින්නා ලැජ්ජවෙන් අත අහකට ඇදලා ගත්තා
"ඕඔප්...වටින අත...ඕක පොඩ්ඩක් අල්ලන්න දීපන් ගෙවෙන්නෙ නෑනෙ...බලපන් කොල්ලගෙ මූන ..පවු බන්"
සූකිරි තනි අතින් ඩ්‍රරයිවු කරන ගමන් මගේ කන මිරිකුවා
"මට කියන්නේ මොකද්ද දීපන්කො උබේ අත බැරිනම් පක ...මට කියන්නේ"
"ඒත් හින්නට ඕනෙ උබේ අත අල්ලන්න නෙ...මගේ එක දීලා වැඩක් නෑ...කැමතිනම් දෙනවා අගේ කරන්නේ නැතුව"
"".ආඅ..කට ඇරියොත් කියන්නේ සීතා වගේ පතිවත් රැකගෙන හිටියා කිය්ලා...ඒ උනට හිතනම් හෙනම බලුයි...මට සෙකයි දෙන් මම නැති දවස් වල ඕවාකවුරු කවුරු ඇල්ලුවද කියා""
සූකිරිට මම කියපු එක තදින්ම වදුනා
ඒනිසාම උගේ අතින් වාහනේ දෙදරල යන්න බ්‍රේක් පරක් වැදුනා
වහනේ පොඩ්ඩකට නවත්තපු සූකිරි මගේ මූනදිහා බැලුවෙ තරහයි දුකයි පිරුනු මූනකින්
ටික වෙලාවක මට අහින්සක පූස් පැටියා යටින් නිදාගෙන හිටපු කොටි හපුවා පෙනුනා
"බලු කතා කියන්න එපා...හුත්ත...තෝ හොදටම දන්නවා මම උබ වෙනුවෙන් බලන් හිටිය බව...උබ මට කියන්නේ ගින්නට පැනලා ඔප්පු ඔඅරන්න කියලද?"
විහිලුවට නෙමෙයි ඇත්තටම එයා කතා කරේ එයාගෙ අදරේ ගැන සැක කරපු එකට කලකිරීමෙන්
"මම බහිනවා බන්...උබලා දෙන්න මම නිසා රන්ඩු වෙන්න එපා...මාව ඔය හරියෙන් දාපන් ...මම බස් එකක ය්න්නම්"
"කොහෙ යන්නද හිටපන්...මෙයාට විහිලු තේරෙන්නේ නෑ...දැන් ලොකු මිනිහෙක් වෙලානෙ"
සූකිරි ශටර් එක ඇරලා කෙල පාරක් ගහන ගමන්න්කියුවා
ඌ එහෙම කරේ එයාගෙ හිත ඇතුලෙ නැගෙන පිරිමිතරහ පාලනය කරන්න
මම දන්නවා සූකිරි මම ලග ඉද්දි එයාගෙ ඇතුලෙ ඉන්න දර දඩු පිරිමියව බැදලා හිර කරලා තියෙන්නේ
මොකද කොල්ලො දෙන්නෙක් ආදරේ කරද්දි මොනව උනත් එකෙ යටහත් පහත් ගතියෙන් ඉන්න ඕනෙ
නැත්තන් ඒ සම්බන්දෙ දිගට ගෙනියන්නන් අමාරුයි
හින්නා ලොක් කරපු දොර අරින්න ඕපන් බටන් එක ප්‍රෙස් කරනවා...සෙන්ට්‍රල් ලොක් නිසා එතැනින් දොර ඇරෙන්නේ නැ
මම් අහක බලන් ඉන්න සූකිරිගෙ ඔලුව අත්දෙක්නම අල්ලා මගේ දිහාවට ඇදලා අරගෙන නලලට ලොකුම ලොකු කිස් එකක් දුන්නා
බොරුවට කියුවේ ...දන්නවා ඔයා මම වෙනුවෙ බලන් හිටියා කියලා...මට ඔයාව සැක නෑ රත්තරන්
එයත් මගේ බෙල්ලවටේ අත් දෙක දාලා මගෙ තොල් පෙති පොඩි වෙලාවකට උරා බිවුවා
හින්නා අපි අතරෙ වෙන දේ ඇහෙන්නෙ පෙනෙන්න් නැති බීරි අනදයෙක් වගේ අපි නවත්තපු කැලෙන් ඈතට ඔලුව හරන් හිටියා
මම එක අතකින් හින්නගෙ ඔලුව අත ගාන ගමන් අනික් අත පිටි පස්ස්ට දික්කරලා හින්නගෙ අතින් අල්ල ගත්තා
"හින්නා උබ දුක් වෙන්න එපා...අපි උබත් එක්ක ඉන්නවා හැමදාම ...අපිට උබ ඩස්පි සමනලී අපි ලග ඉන්නැක ප්‍රශ්නයක් නෙමෙයි...ඒත් බන් උබ සච්නිගෙ විශ්වාසෙ කඩන්න එපා බන්...ඒකිත් පවුනේ...අපි ඉස්සර හිටපු පොඩි ළමයි  නෙමෙයිනෙ දැන්"
"මම සච්නිට බොරු කියලා නෑ බන්...මම හැමදේම එයාට කියනවා.. මගේ හිතේ තියෙන උබට නොකියපු හැමදේම මම එයාට කියලා තියෙනවා...එයා උබ හිතන තරම් පටු විදියට හිතන්නේ නෑ....එයාමයි කියුවෙ බදින්නන් කලින් යාලොවො එක්ක ට්‍රිප් එකක් යන්න කියලා...එයා දන්නවා මම එයාටත් ආදරෙයි...ඒ වගේම උබලා හතර දෙනත් මට වටිනවා කියලා "
එතකොටම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා සච්නි නන්ගිගෙන්
"අයියේ ...අපේ අයියා ඉන්නවද?"
"ම්ම්ම්...ඔයාගෙ අයියනම් නෑ...මගේ යාලුවොදෙන්නෙක් ඉන්නවා"
"මේ ..අපේ අයියා එයාගෙ ෆෝන් එක සමනලී අයියලගෙ වාහනේ දාලා ඇවිත් එයාට කතා කරන්න ගත්තේ"
මම හින්නට ෆෝන් එක දුන්නනම උන්දෙන්න එයාලගෙ බිස්නස් බ්වලට අදාල චෙක් වගයක් ගැන කතා කරා
"මේ..නන්ගි ...මෙන්න විනෝද් කියනවා මට ගෙදර යන්නලු...ඔයාගෙන් බැනුම් අහන්න වෙයි කියලා"
හින්නා ලවුස්පීකර් දැම්මා ෆෝන් එක

HatharawaramWhere stories live. Discover now