ep 83

663 99 8
                                    

Ep 83
දුවගේ පියානෝ ක්ලාස් එකෙන් කොන්සට් එකක් ඕගනයිස් කරලා තිබුනා
පහුගිය දවස්වල සූකිරි රෑට එයාගෙ ගිටාර් එක ගහන ගමන් දුවට පියානෝ එක කියලා දෙනවා
මට ඒතරම් ලොකු මියුසික් ටැලන්ට් එකක් නෑ...ආසාවකුත් නෑ...ඒත් මේක ෆැමිලි ඉවෙන්ට් එකක් නේ
ඒ නිසා ම්ම ෆෝන් එකේ ගේම් එකක් ගහ ගහ ඒ දෙන්නා ලගට වෙලා හිටියා
සූකිරි කියනවා දුවට එයාගෙ වයසට වඩා ගොඩක් හොද ටැලන්ට් එකක් තියෙනවා කියලා
එයා ලොකු පියානෝ එක වාඩි වෙලා ගහන්න උස නෑ...ඒ නිසා අපි බන්කු 3ක් එක පෙල්ට තියලා තියෙන්නේ
එයා බන්කු උඩ එහේ මෙහෙ ඇවිද ඇවිද පියානෝ එක ගහනවා
එයගෙ චූටි ඇගිලිවලට ඒ මහ විශාල පියානෝව ලොකු වැඩී
ඒත් පොඩ්ඩි..එයාට අරන්දීපු මිනි පියානෝ එකට ආසා නෑ..එයාට ඕනි ලොකු පියානෝ ඔස්තාර් කෙනෙක් වගේ මග පියානෝවෙන්ම ප්ලේ කරන්න
සූකිරි කියනවා මට වයලින් එක ඉගන ගන්නලු පොඩ්ඩක්...එතකොට අපිට ෆැමිලි බෑන්ඩ් එකක් දාන්න පුලුවන්ලු
තාලෙට ත්පුඩියක් ගහ ගන්න බැරි මට මොන වයලින්ද..ඕනෙනම් තරහ ගියාම වයලින් පොලොවෙ ගහන්න පුලුවන්

සූකිරිගෙ උරහිසට ඔලුව තියාගෙන එයාගෙ ගිටාර් හඩ අහගෙන දුව පියානෝවේ වැරදි වැර්දි සූකිරි අල්ලන කෝඩ් එකම අල්ලන්න ට්‍රයි කරනවා බලන් ඉන්නකොට මට හිතෙනවා ජීවිතේ මීටවඩා මට ලැබෙන්න දෙයක් තියෙනවද කියලා..සමහරදාට අම්මත් අපේ ගෙදර ඉන්නවනම් අපි තුන්දෙනාට තේ තුනක් හදාගෙන ඇවිත් දීලා එයාත් පැත්තක ඉදන් චූටි දූගෙ හැකියාව වර්නනා කරන දාට මගේ හිතට තව් අමතර සතුටකුත් එකතුවෙනවා.
අපේ මහ විශාල ගෙදර අම්මගේ රලු කට හඩින් හිගුම් දෙන බැනුම් දෙක තුනක් තියෙන දාට පිරිලා වගේ පාලු නැතුව යනවා. ඒ පිරිච්ච ගතියට මමයි සූකිරි දුවයි ආසා නිසා කොයිතරම් බැන්නත් මොනවා හරි බොරුවක් කියලා ගෙදර ගිය සැනින් අම්මව ආයෙමත් එක්කගෙන එනවා.

දූගේ උපන්දිනයට අපි මහලොකු පාටි නොගෙන සාමාන්‍ය විදියට කරමු කියලා කතා කරගත්තේ...සූකිරිට මට පාටි අරහන් වෙලා තිබුන නිසා. සූකිරිට අමාත්‍යඅන්ශවල රාජ්‍ය පෞද්ගලික ආයතනවල පාටි උත්සව නැති දව්සක් නෑ. මට්ටහ් හෝටලේ උත්සවයක් නැති දවසක් නෑ. ඒ නිසාම තුන්දෙනා එක්ක විවේකයෙන් ඉන්නවා ඇරෙන්න වෙන කිසිම පාටියකින් අපිට සතුටක් ලැබෙන්නේ නෑ.

HatharawaramWhere stories live. Discover now