ep 45

719 128 6
                                    

Ep 45
එකපාරටම ඔක්කොම වගකීම් මගේ කරට වැටුනා
ඩස්පියාට සිහිය ආවත් දනිස්සෙන් පහල බිදිලා
බෝට්ටුව හරවගෙන මීගමුව වරායට ආවා
ඩ්ස්ස්පියා හොස්පිටල් ගෙනියන්න
මාලු විකුණන්න
ගෙයක් රෙන්ට් කරන්න
හැමෝටම කන්න දෙන්න
මුන් මුහුදෙදි මොනතරම් වැඩ්ඩො උනත් ගොඩබිමදි කලබලේකදි හරිම කුලෑටී
ඒ නිසා මට සිද්ද උනා වැඩිපුර වැඩ කරන්න
මම ගොඩබැස්ගමන් පෝන් එක ඔන් කරාම කෝල් මැසේජ් ගොඩයි
""
අම්මාට කතා කරා
හැම අම්මා කෙනෙක් වගේ මුලින් මම කතා කරාම පුදුම උනා සතුටු උනා ඊට පස්සේ ඇඩුවාක්න් ව්ජ්
මේ අදිතාත්වික රගනෙන් පස්සේ එයාගෙ නෝමල් මූඩ් එකට ආවා
අපහ්ප්
ආස කිරිල්ලයි උට්ටලම් පදකීමයි
"මොකද උනේ ලොකු නිලමේ....මාසයක්ම කතා නැතුව ඒරොප්පෙටවත් යහපත් උනාද?....තව ටික දවසක් බලලා අපි මේ පොලීසි යන්න හිටියේ....උබ දැන් අවුරුදුගානක් එක එක ගුබ්බෑයම්වල ඇවිද ඇවිද අහිකුන්ඨකයෙක් වගේ හිටියා ඇති...ගමට ඇවිත් හරි කමක් නෑ පිලිවලක් වෙයන්...මේ නන්ගිගෙ කටයුතු පිලිවෙලක් කරලා දෙන්න ඕනෙ...උබ වැඩකරන්නේ හරි හම්මන් අයියෙක් වගේද...මේකි අමාරුවෙන් මේ පොඩි රාළ හාමිගේ මද්දුම එකා එක්ක ජෝඩු කරා...
අපිට කොහොමතම ලන්කරන්න පුලුවන් පවුලක්ද....මගේ කතා බහේ හොදකමටමයි ඔය මගුල හරිගියේ...මොකෝ උබලගෙ නන්ගි කියලත් ඇහෙට කනට පේන එකියෙක් යැ....බොලාගෙ තාත්තත් උබ වගේම වෙනදෙයක් වෙද්දෙන් කියලා උඩ බලන් ඉන්න මිනිහනේ මේවා ඔක්කොම මම් කරගහලා කරන්න වෙලා """

අම්මා වෙනදා වගේම ගෙදර වෙන හැම හොදදේම එයාගෙ එකවුන්ට් එකට බැර කරගෙන වැරදි ඔක්කොම තාත්තගෙ එකවුන්ට් එකට බැර කරා

""අනේ බන් පුතේ....  අතේ මිටේ කීයක් හරි නැතුව රත්තරන් බඩු ටිකක්වත් හදාගන්න බෑ...කන කර හිස් කරලා කොහොමද බන් කෙලී දීග දෙන්නේ...පොඩි හාමිනේ හරිම කුඩු කේඩු ගෑනි...පොඩි රාළහාමි දෑවැදි එපා කියුවට ඔය ගෑනි ලගට කෙල්ලවනම් හිස් අතින් යවන්න බෑ....උබලගෙ තත්තා අවුරුදු ගානක් උගස් කර කර රෝල ගැහුවේ මම බැදලා එනකොට ගෙනාපු රත්තරන් බඩු ටිකනේ...ඒ නිසා නන්ගිටත් හොද රත්තර්න් බඩු ටිකක් දෙන්න ඕනි
උබට ඔය තරම් වැඩනම් ගමේ නාවත් කමක් නෑ...

HatharawaramWhere stories live. Discover now